ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට හිමි ස්ථානය එලෙසින්ම ආරක්ෂා කරමින් අනෙකුත් ආගම් සඳහා ද සාධාරණත්වය ඉටු කිරීම රජයේ වැඩපිළිවෙළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව මෙන්ම සුරක්ෂිතතාව පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජයේ වගකීම් ඉටු කිරීමට කැපවී සිටින බව ද ජනපතිවරයා අවධාරණය කරයි.
“ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙල මෙවර ශ්‍රී ලංකාවේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නේ බෞද්ධ දර්ශනය පිළිබඳ උතුම් පණිවිඩය ලොව පුරා ගෙන යාමේ අරමුණින්.“
“වීරෝදාර රණවිරුවන් රට සහ ජාතිය වෙනුවෙන් ඉටුකළ මෙහෙවර මේ රටේ ජනතාවට කිසිදිනක අමතක කළ නොහැකියි. ඔවුන් වෙනුවෙන් දැනට ලබාදෙන වරප්‍රසාද තවදුරටත් ඉහළ නංවමින් ඔවුන්ගේ සුබසාධනය සඳහා ඉටුකළ යුතු යුතුකම් ඉටු කිරීමට ඉදිරියේදී ද රජය වගකීමෙන් කටයුතු කරනවා“යැයි ජනපතිවරයා පවසයි.
ජනපතිවරයා මේ බව අවධාරණය කළේ අද (10) බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ පැවති රණවිරු නිවාස හා ඉඩම් හිමිකම් පත්‍ර ප්රදානය කිරීමේ උත්සවය අමතමිනි.



(ඡායාරූප-ජනාධිපති මාධ්‍ය අංශය)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න කතා පැංචා තවත් ලස්සන කතාවක් කියනවා අද...
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තියෙන් බුද්ධාගමට ලබාදී ඇති ප්‍රමුඛස්ථානය වෙනස් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව මඟින් විකල්ප 7 ක් යෝජනා කර ඇති බව ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පෙන්වාදෙයි. එමගින් සෙසු ආගම් ද බුද්ධාගමට සමාන කිරීමක් සිදුවන බැවින් බුද්ධාගමට මෙතෙක් හිමිවූ ප්‍රමුඛස්ථානය ලබාදීම අහෝසි වන බව පවසයි. ලාල් විඡේනායක මහතාගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව මහානායක හිමිවරුන්ට ලබාදුන්නද බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය ආරක්ෂා කරන බවට ලබාදුන් ප්රතිඥව කඩකර ඇති බවයි. නමුත් රටේ සියළු පළාත්වල එක හා සමාන නීතිය හා සාමය මෙන්ම සියලු රටවැසියනට එක හා සමාන අයිතිවාසිකම් හා ඕනෑම පළාතක ජීවත්වීමේ අයිතීන් තමන්ගේ ආගම ඒ සදහා අවැසි පන්සල් පිහිටුවා ගැනීම සියලු පළාත්වල ඇති සියලු පුරාණ ආගමික ස්ථාන නගා සිටුවීම ඒ ස්ථාන වල වැඩවසන පූජක තුමන්ලාට නිදහසේ ජීවත්වීම හා පිටපළාත්වල ජනයාට තම ආගමික ස්ථාන නිදහසේ වැඳපුද ගැනීමේ අයිතිය යන දෑ සියල්ල සුළු ජාතීන්ට ලබාදුන්නද සිංහලයාට මේ සියල්ල අහිමි වී ඇත...
මිනිසා සිනහවෙන්වත්, කතාවෙන්වත් මැනිය නොහැකිය.
අරහේ පැරණි බෞද්ධ නටඹුන් උඩ සොහොන් කොත් හදලා මිසදෙටුවෝ විනාස කරනවා. පුරාණ පන්සල් භූමි බලෙන් අල්ලාගෙන ඒගොල්ලන්ගේ කියනවා. ශ්‍රී පාදය බෞද්ධ නෙමේ සර්ව ආගමික තැනක් කියනවා අපි තවත් මෙතුමාගේ දවල් හීන කතා අහගෙන ඉන්නවා!!
මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට හෙන ගැසුවත් එදා සිටම මේ රටේ ප්‍රධාන තැන බුදු දහමට සහ බොදු අයිතියට... එකිනෙකා කියන්නේ එකිනෙකට වෙනස් දෙයක්... මතක ඇතිනේ 1987. හැම ගැරහිල්ලක්ම වදින්නේ සිංහල බෞද්ධ අයිතිය ඇති අයටයි. වේදිකාවල බොරු කිව්වාට අද උතුරේ සහ නැගෙනහිර සිදු වන්නේ කුමක්ද කියා ඇස පිසදා බලන්න. කන්වල කලාඳුරු කඩා අසන්න...
තුන්වෙනි පින්තුරය දිහා බලන්න . මුනෙන් පෙන්නුම් කරන්නේ බොරුවක් ප්‍රකාශ කරනවා වගේ...
මේ රටේ ඉන්නෙ මෙවැනි අයද? උතුරට, නැගෙනහිරට ගිහිල්ල බලන්න මොකද වෙන්නේ කියල? බුදු දහම ඒ පළාත් වල නැහැ. හිස් වචන කතා කර කර රට වටේ යන්න පුළුවන්. එච්චර තමයි කරන්නේ...
ඔබතුමා පසුගිය දිනක මාධ්‍යවේදීන් ඉදිරියේ ප්‍රකාශයක් කළා වෙසක් පෝයට පෙර ඇමතිමණ්ඩල වෙනසක් කරනවා කියල. අනේ ඉතින් අපි ඔබතුමාව තව කොච්චර කලක් විශ්වාස කරන්නද?
ජනපතිතුමනි ..........මේ වෙසක් පොයදවසේවත් මුසාවාද නොකියා ඉන්න... උතුරු, නැගෙනහිර ගිහින් බලන්න බුදු දහමට වුණේ මොකද කියලා....
අනෙක් ඡන්දෙ ගන්න මේ අය නොකරන දෙයක් නැහැ, ජාතිය, අාගම, රට වුණත් වැඩක් නැහැ. ඒක තමා හැටි...
අනේ ජනාධිපතිතුමනි, ඔබතුමා කිව්ව මොනවාද කරේ කියන්නකෝ.... ආසන්නම සිද්ධිය කැබිනට් සංශෝධනය. කෝ උණාද? ඉතින් අපි කොහොමද ඔබතුමාගේ ප්‍රකාශ තවත් පිළිගන්නේ... අද වෙසක් පෝය දවසේ උබතුමා අතින් සිව්වන ශික්ෂා පදය නොකැඩේවා කියල ප්‍රර්ථනා කරනවා!!!
මෙය ඉතා සුක්ෂමව කරන ලද ප්‍රකාශයක්... හිමි තැන ලබා දෙනවා කියන්න කලින් බුදු දහමට හිමි මොනවා දැයි විමසා බලන්න තිබුණා. ඇත්තෙන්ම බැලුවහොත් බොදු දහමට හිමිව ඇත්තේ අපේ රටේ අසරණවූ කාන්තාවට හිමි තැනමමයි කියා කියන්න පුළුවන්. බුදු දහමට කෙසේවෙතත් බොදු පිළිවෙතට පසු ගිය දශක කිහිපයේ (හිතා මතාම) විශාල වශයෙන් හානි පමුණුවා තියෙනවා. සිදුව ඇති සියලු හානි ඉවත් කොට බුදු දහමට අතීතයේ තිබුන ස්ථානය රැක දීමට අපොහොසත් කිසිම පුද්ගලයෙකුට රටේ පාලකයා වෙනවා තියා සාමාන්‍ය මන්ත්‍රී කෙනෙකු වෙන්න වත් අයිතියක් නැහැ.
ඔබතුමා ඔය කියන ඒවා උතුරු නැගෙනහිරටත් අදාලද ?
ආගම, ජාතිය වගේ දේවල් නොතකා වහල් මානසිකත්වයක් ඔළුවලට ඔබ්බන දේශපාලකයෝ ඉන්නකන් අපේ රට තව ඉදිරියටත් තුන්වෙනි ලෝකයේ රටකට එහාවත් ගන්න හම්බවෙන්නෙ නෑ. වහල් මානසිකත්වයක් ඇත්නම් ඒ රට විනාස වෙලාම යනවා..
මේයාව ජනාධිපති වන්න උදව් කරපු කලා කරවන් විශාල බලාපොරොත්තු තබා ගත්තා. එ් වගේම රටේ ජනතාව කලා කරුවන්ට නම් දැන් ලජ්ජා අැති.අනෙ අපොයි රට
අප්පොච්චි තරම් බාප්පොච්චි දරුවන්ට ආදරේ නෑ කියල, දරුවෝ ලියල තියෙන කමෙන්ට් වලින් පේනවා නේද හාමුදුරුවනේ. තමන් කියන දේ කරන්න බැරිනම් උතුම් වෙසක් සතියේ ඉරිසියාව, වයිරය, ක්රෝදය වැනි පාපී සිතුවිලි අතහැර රට, ජාතිය, ආගමට ආදරය කරන පිරිසක් එක්ක එකතු උනොත් නේද හොද.
වෙසක් පෝය දවසේ බොරු කියල තිබුනොත්,සොබා දහමෙන් නිසි පිළිතුරු ලැබෙයි.
බුදු දහමට කෙසේ වෙතත් ලෝකේ සංගණන සියලුම දත්ත වාර්තා වලින් යහ පාලනය යස අගේට පල්ලන් බැහැපු බව අපේ රටේ ඕනෑම මෝඩයෙකුට තේරුම් ගන්න සාධක එමටයි. තවදුරටත් මේ ක්‍රමය අනුගමනය කලොත් අපිට රටක් නැතිවෙන එක වැඩි ඇත නොවේ. මේ වෙසක් එකවත් විකුණන් කාලා මිනිස්සුන්ව රවට්ටන් න හදන මෙතුමල ඊලග භාවයේ කොහේ පහලවෙයිද ?
නිර්මල බුදුදහමට විනකරන්න එපා. අනිකුත් ආගම් වලට සම තැන දෙනකොට බුදුදහමට හිමි තැන අඩුවනවා .
ඔය එක එක දේවල් කියන්නේ නැතුව..... ඔබතුමා අර ජනධිපතිවරණයට පෙර ප්‍රසිද්ධ කල ඡන්ද පොරොන්දු ලැයිස්තුව ඇතුලත් පොත අතට ගන්න. අරගෙන මුල ඉඳල කරන්න බැරි වුණ දේවල් කරන්න පටන්ගන්න. පොරොන්දු පත්‍රයට පටහැනි දේවල් සිදු වෙනවා නම් වහාම නවත්වන්න. කරුණාකර ඉදිරි කාලය වත් ජනතවට වුණ පොරොන්දු ඉටු කරන්න කැප කරන්න...
ඔබතුමා කියන දේවල් ක්‍රියාත්මක කරන්න බැහැනෙ.. කියපු විදිහට වෙසක් පෝයට කලින් කැබිනට් සංශෝධනයක් වුණාද? .. ගත්ත තීරණය ක්‍රියාත්මක කරන්න තමයි ඕන..
මේ කතා හරියට සිත නිවන කතා වගේ. වෙසක් පෝය නිසා මිනිසුන්ගේ සිත් නිවනවා. සිංහල කියලා ජාතිවාදයක් වත් අන්තවාදී අදහසකුත් නොමැත. සිංහලයා කියන්නේ ලෝකේ කොහෙවත් හොයාගන්න බැරි හොද හදවතක්, හොඳ චාරිත්‍ර සිරිත් විරිත් තියෙන කෙනෙක්. මේවා ඔබතුමන්ගේ මුණ දැක්කහම කියන්න පුළුවන්....
බෞද්ධ දර්ශනය ලෝකයට කියාදෙන්නේ ලෝක වාර්තා තියලද? නිකමට අහන්නේ ඒ අරමුණ කොහොමද දන්නේ නෑ කියල දුන්නේ? රට බේරපු අය හිරේ... රටට විනාශකළ අය එළියේ....
බුදධාගම බේරනවා කියලා කියන්නේ නැතුව.... මේ කුඩු වසංගතයයි, මිනිමරු අපරාධයි නවත්තලා දෙන්න ජනපතිතුමනි..
මේවා ඔක්කොම බොරු.... හිටපු ජනාධිපති තුමා විතරයි හැමදාම ඇත්ත කිව්වේ...
අනේ ඇත්තද? එමනිසා වෙන්න ඇති අර මුස්ලිම්වරුන්ට බෞද්ධ ඉපැරණි විහාර දීලා නිකන් බලාගෙන ඉන්නේ. ඕව රට බයිලා තමයි ඉතින්...
මෙතුමාගේ කතා දැන් ජනතාවට එපාවෙලා වගේ....
බුදු දහමට හිමි තැන "එලෙසින්ම" ආරක්ෂා කරනවා කිව්වට "එලෙසින්ම" තැනක් බුදු දහමට තියෙනවාද ?
අපේ ජනපතිතුමා ඉතින් මුසාබස්මනෙ කියන්නේ...