යහපාලනය බෞද්ධ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව රචිත ‘බුඩිස්ට් අඩියල්ස් ඔෆ් ගුඞ් ගවර්නන්ස් ‘ නැමැති ග්‍රන්ථය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 16 වැනිදා පස්වරු 4.00ට බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී ජනගත කෙරේ.
ප්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යාලයේ ආචාර්ය තම්පලාවෙල ධම්මරතන හිමි සහ එම විශ්ව විද්‍යාලයේම ඉන්දියානු දර්ශනය හා තුලනාත්මක දර්ශනය පිළිබඳ මහාචාර්ය ප්‍රංශුවා චෙනේ මහතා විසින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිබේ.
ලෝක රාජ්‍ය නායකයින්ට, රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ තීන්දු තීරණ ගැනීමෙහිලා බෞද්ධ චින්තයෙන් ලැබෙන මඟ පෙන්වීම සඳහා මෙම ග්‍රන්ථය ලියූ බව ග්‍රන්ථයේ සම කර්තෘ, යුනෙස්කෝ මූලස්ථානයේ ආගමික කටයුතු අධ්‍යක්ෂ , ප්‍රංශයේ වැඩවෙසෙන ආචාර්ය තම්පලාවෙල ධම්මරතන හිමියෝ පැවසූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ ඕනෑම රාජ්‍ය නායකයෙකුට හෝ දේශපාලනයේ යෙදෙන්නෙකුට වටිනා ග්‍රන්ථයක් (නි)
ඔය පොතේ තියෙනවද දන්නේ නැහැ රාජ්‍ය නායකයන් මැතිවරණ වලදී මහජනතාවට දුන් පොරොන්දු ඒ අයුරෙන්ම ඉෂ්ට කළයුතුය කියලා (නි)
දැන් මේ යන විදියට බුද්ධාගමත් පිටරටින් ඉගෙනගන්න තරම් දිනයක් එන බව මෙරට ජනතාව දන්නවා (නි)
රාජ්‍ය කරන හැටි බෞද්ධ දර්ශනය අනුව පහදාදීම නම් ඉතාමත් හොඳයි. ඒ වගේම ඒ දේ මිනිසුන්ට කියාදීමට කැප වී සිටින අය බුදුන් වහන්සේටත් ඒ උතුම් දහමටත් අපහාස වෙන අයුරු රාගයෙන් විශේෂයෙන්ම ද්වේශයෙන් හා මෝහයෙන් හැසිරෙන අයට ගත යුතු පියවරත් පෙන්වා දෙනවා නම් තමයි හොඳ (නි)
රාජ්‍ය නායකයා තමන්ගේ සහ පවුලේ වියදම් සියල්ල රජයේ අරමුදලින් පියවිය යුතුය. තමන්ගේ අවශ්‍යතා වලට සම්මාදම් වන සියලු දෙනාට රජයට අයත් වන හෝ අයත් විය යුතු මුදල් සොරකම් කිරීමට ඉඩ දිය යුතුය.තමන්ට හා තම පවුලේ අයට කුමන ආකාරයෙන් හෝ ලැබෙන මුදල් යම් දවසක බලය නැතිවී ගිය විට ප්‍රයෝජනයට ගැනීම සඳහා රහස් බැංකු ගිණුම් වල තැන්පත් කළ යුතුය.නැවත බලය ලබා ගැනීම සඳහා මැතිවරණ වලදී රජයේ අරමුදල් වලින් ඡන්ද දායකයන්ට සංග්‍රහ (සිල්ක රෙදි, මහණ මැෂින් ආදී) කල යුතුය.මේ පිළිබඳ තවත් විස්තර හිටපු ජනාධිපති තුමාගෙන් ලබා ගත හැකිය. (අ)
යසෝධා අයි මොකක්ද ප්‍රශ්නය ඔහොම යමුකෝ කියන්න. ලියන්න මොකොවත් නැතිනිසා ලීවද ?(අ)
දස රාජ ධර්මයෙන් රට පාලනය කිරීම , තමා බෞද්ධ ආදර්ශය. එහෙම බලාපුවම බටහිර රටවල් අපේ ආසියාතික රටවලට වඩා ඉදිරියෙන්. (අ)
රාජ්‍ය නායකයින්ගේ සහ රටේ ජනතාවගේ ආකල්ප ඉක්මනින්වෙනස් කරන්න ඕනනම් ලංකාවේ ඉන්න අයට පෙන්නන්න ඕන ලංකාව අතුලේ නෙවෙයි ලෝකය තියෙන්නේ ලංකාවෙන් පිට කියල.මම යෝජනාකරන්නේ ලංකාවේ අයට චන්ද්‍රිකා මගින් විකශයවෙන රුපවාහිනී නාලිකාවන් නැරඔීමට අවස්ථාවන් උදාකරදියයුතු ලෙස. උදා: සිසිටිවී ,එන් එච් කේ ,ආර් ටි ,බි බි සි ,සි එන් එන් ,ජසීරා, ඩී ඩබ්ලිව් , ප්‍රාන්ස් 24, බ්ලුම්බර්ග් වගේ සියලු නාලිකාවන් .එවිට සාමාන්‍ය ජනතාව තෙරුම්ගනිවී ආකල්පවල වෙනසක් ඉක්මනින් සිදුවියයුතුබව .(අ)
ඔය එක පොතක් පුච්චලා අළු දියකරලා දියවන්නාවේ ඉන්න සේරටම බොන්න දුන්නත් ජම්මෙට වැඩියේ පුරුද්ද ලොකුයි වගේ කිසිස් දවසක හදන්න බැහැ. තමනට තියන තැබෑරුම් ටික, වරිගයාගේ නමින් තියන හොර බිස්නස් නවත්තයි කියල හිතන්න පුලුවන්ද. (අ)
මෙහිදී යුක්තිය සධාරණත්වය මොනතරම් දුරට අර්ක්ෂාවේද යන්න දැන්ම නිගමනය කළ නොහැකියි . බුදු බන අහන්න තරම් මිනිසුන්ගේ මනස සන්සුන් නැහැ .ඒ තරමට මිනිසුන්ට ආර්ථික ප්‍රශ්න . රට රාජ්‍යයන්ටත් එසේමය. තුන්වන ලෝක යුද්දයක් ඇති නොවේවා කියා ප්‍රර්ථනා කරමු . කළ කටයුත්ත කෙසේ වෙතත් අගේ කරමු .(අ)
නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටේකුත් ටිකක් ඕනලු, හත්ත්පට්ටේ හොයාගත්තත් ඔය ටික තමයිලු හොයාගන්න බැරි, දැන් ඔය හොයාගන්න බැරිටික තමා ඔය හමුවෙලා තිබෙන්නේ. දැන් ඔක්කොම ලංකාවේ රාජ්‍ය පාලනය හරියටම හරියාවි. (අ)
පොත ලිවීම හොඳ දෙයක්. ඒත් අපි ජීවත් වන්නේ බුදු දහමත් එක්ක වුණත් වැඩ කරන්නේ බුදු දහමේ කියන දෙයට සම්පුර්ණම වෙනස් විදියකට වීමයි තියෙන ප්‍රශ්නය. (අ)
පෙර රජ දවස බුදුන් වහන්සේ ජීවමානව සිටි සමයේ මල්ලව රජ දරුවන් රාජ්‍ය පාලනය කෙරුවේ බුදුන් වහන්සේගේ අනුදැනුම මත. එදා උන් වහන්සේ දේශනා කෙරුවා රාජ්‍ය පාලනය කරන ආකාරය. අද බෞද්ධ රාජ්‍ය තිබෙන්නේ කොහෙද? (නි)
ගරු ස්වාමින් වහන්ස, මහාචාර්යතුමි, ඔබ දෙපලගේ ප්‍රයත්නය අති සාර්ථක වේවා! අනාදිමත් කාලයක් පටන් සිංහල රට සිංහලයා බෞද්ධ ප්‍රතිපත්ති මතම ජීවිතය හැඩ ගස්වාගෙන සරලව ලෝකෙට ආදර්ශයක් දුන් අතර අද වෙනකොට බෞද්ධ ප්‍රතිපත්තිය දේශපාලුවන්ගේ ඕනෑ එපාකම් සහ ඔවුන්ගේ අත් වල පිරිත් නූල් පමණක් ගැට ගැසීම දක්වා ලඝු වී ඇත. (නි)
බුදුන් උපන් අපේ රටේ මිනිසුන්ට බැරි වුණා මේ ගැන පොතක් ලියන්න. ඒකත් කරන්නේ විදේශිකයන්. නමුත් ඉතාම සන්තෝෂයි මේ පොත පිටවීම ගැන. (නි)
ලෝක රාජ්‍ය නායකයන්ට වගේම ශ්‍රී ලංකාවේ ඒ කියන්නේ අපේ රටේ හිටපු වගේම ඉන්න රාජ්‍ය නායකයින්ට පොත් දුසිමක් හරි ලියන්නකෝ, අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට බුදුබව අත්වේවි! (නි)
හොඳයි හොඳයි ඔහොම යමුකෝ (නි)
යුද්දේ නතර වුනත් හරි, අපේ තිබිච්ච අඩු පාඩු ඔක්කොම එලියට එනවා. දැන්වත් එක එක රටවල්වලින් වෙන ඇඟිලි ගැසීම් ගැන සෙවිල්ලෙන් හිටියොත් හොඳ නැද්ද? තියෙන දහම රැකගෙන එකට අනුව ජිවත් වෙන්න පුළුවන් රාජ්‍ය පරිපාලනයක් තිබුනොත් හොඳයි වගේ. ඔක්කොමල්ලම පිටරට ගිහිල්ල ඉගෙන ගන්නවලු, අන්තිමේට ලංකාවේ තියෙන දහමම අනිත් පැත්තට උගන්නනවා.(බ)