(විනීතා එම් ගමගේ)
ඇවන්ගාඞ් ආයතනය තිබුණා නම් අද අපේ නාවිකයන් මුහුදු මංකොල්ලකරුවන්ගේ අත් අඩංගුවට පත්වන්නේ නැතැයි දේශපේ‍්‍රමී භික්ෂු පෙරමුණේ නායක බෙංගමුවේ නාලක හිමියෝ පවසති.
එම ආයතනය නිත්‍යානුකූල නොවේ යැයි ලොවට පවසමින් අපරාධයක් නොකළේ නම් අද ශ්‍රී ලංකාවේ නැව්වලට පමණක් නොව ලොව කිසිම නැවකට මුහුදු මංකොල්ලකරුවන් ගෙන් හානි සිදුනොවන්නේ යැයි ද උන් වහන්සේ කියති.
“ආණ්ඩුවේ බුද්ධි අංශ දඩයම තවම ඉවර නැහැ. බොරු චෝදනා නගා අත් අඩංගුවේ තබාගෙන සිටින අය අතර කයිට්ස් දූපත බේරා ගැනීම වෙනුවෙන් රන් පදක්කමකින් පුදනු ලැබු ධම්මික අනිල් මාපා පවා සිටිනවා. මේ අය බොරු චෝදනා මතයි රිමාන්ඞ් භාරයේ තබාගෙන ඉන්නේ. මේවා කරන්නේ රජයේ ආශිර්වාදය ඇතිවයි “යැයි ඒ හිමියෝ පවසති.
“සිය දිවි නසාගන්නට උත්සාහ කළ පොලිස් නිලධාරියෙක් අපට හමුවුණා. ඔහුට පොලිස් නිලධාරින් තර්ජනය කොට රවිරාජ් ඝාතනයට අණ දුන්නේ ගෝඨාභය යැයි කියන්න කියා බල කළාලූ.මේ තැනැත්තා අත්සන් කර දුන් ප්‍රකාශය අප ලඟ තිබෙනවා. නිවැරදි අය වැරදි කරුවන් කරන්නත්, වැරදි කරුවන් නිවැරදි අය කරන්නත් කූඨ ලේඛන සකසන්නත් මේ අය හරිම දක්ෂයි. “යැයි ඒ හිමියෝ ප්‍රකාශ කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කොරහේ කිබුල්ලු දකිනවා
අනේ හාමුදුරුවනේ නොදන්නා දේවල් කතා නොකර පාඩුවේ ඉන්න.
උන් වහන්සේ කොයි ලෝකේ ඉන්නේ? ඇවන්ගාඞ් එක ආරක්ෂාව සපයන්නේ ලංකාවේ අාසන්න ජාත්‍යන්තර මුහුදු සීමාවේ. මේ සිදුවීම සිදුවෙලා තියන්නේ සෝමාලියානු මුහුදු සීමාවේ. අද දින අනුර සේනානායක අධිකරණයේ කළ ප්‍රකාශයට හොඳින් ඇහුන්කන් දුන්න නං හොඳයි හාමුදුරුවනේ.
අතේ සාක්කිත් තියෙනවානම්, කියන කෙනෙකුත් ඉන්නවානම්, ඇයි මේ වහෙන් ඔරෝ මාධ්‍ය සන්දර්ශන? එයාවත් ගෙන්න ගෙනම තියන්නකො මාධ්‍ය ශෝ එක. එතකොට ජනතාවට තේරෙයිනෙ මේ ආන්ඩුව කරන දේ..වැරැද්දක් කරනවානම් අපිට පුලුවන්නෙ ඒකට විරුද්ධ වෙන්න. නිකන් බොරු කරන්න එපා.
අනේ මන්දා මොනවා කියවනවාද කියලා තේරෙන්නේ නෑ
අර්ජුන මහේන්ද්‍රන්ට චෝදනා කරනකොටත් කිවුවේ, බොරු චෝදනා කියල . ජනවාරි 8 ට කලින් කිවුවෙත් කොටි ඩයස්පෝරාව , ටී එන්ඒ සමග කිසිම හොර ගිවිසුමක් නැහැ කියල. ඒ වුණාට මංගල සමරවීර පිටරටවලදී ඔවුන් සමග හොර සාකච්ඡ පවත්වනවා. බුද්ධි නිලධාරීන් බොරු චෝදනාවලට රිමාන්ඩ් බාරයේ මාස ගණන් තියාගෙන ඉදල උසාවියෙන් "නිදොස්කොට නිදහස් කරනවා " . ඒ නිසා මේ හාමුදුරුවෝ කියනදෙවල සත්‍යක් තියෙනවා
හමුදාවට වෙනම නීතියකුත් මහා එවුන්ට තව නීතියකුත් පොඩි මිනිහට තව නීතියකුත් තියෙන රටක් මේක මේවට ඔබලත් වග කියන්න ඕන ඔබල සිවුරු දරාගෙන ඔබලාට කැමති අයගේ රෙදි සෝදනවා අකමැති අයගේ රෙදි ගලවනවා රටේ මොකා නීති කඩුවත් උන් හැම එකාටම නීතිය පොදු නොවේද ?
හාමුදුරුවනේ ,, මිනි මරන්න අණ දුන්නේ කවුදැයි කියන්න කියා බල කරන්න අවශ්‍ය නෑ.. පණ තියෙන ඕන එකෙක් දන්නවා පහුගියකාලේ වැඩ සිද්ද වෙච්ච හැටි
ඔබලා සිවුරු දමාගත්තේ දේසපාලනය කරන්නද ?
මට මහලු වයසේ, බැරිය වෙන ගායනා පෙර සේ.
රට බේරාගත් රණවිරුවන් හිරේ යනවා. මහා කොටින් බේරෙනවා. සිංහලයා අසරණ වෙනවා. හාමුදුරුවනේ මට මතක්වෙනවා. 1980 දසකය. නමුත් එදා තිබුණු දේසපාලන නායකත්වය අද නැහැ. සිංහල ජාතියේ අවාසනාව.මෙහි අදහස් දක්වන සමහරුන් දන්නේ නැහැ අසිංහල ජාතිවාදය සිංහලයට පහර දෙන හැටි. ඔවුන්ට ඇත්තේ දේසපාලන ගති බව පමණකි.
හාමුදුරුවෝ දන්නා දෙයක්මෙ නැ මෙයාටත් අවේන්ට්ගාර්ඩ් එකේ සල්ලි හම්බවෙන්න ඇති
බුද්ධි අංශ උනත් මන්ද බුද්ධිකයින්ගේ අණ පිළිපැද්දානම් වන්දි ගෙවන්න ඕන !
හාමුදුරුවොත් එෆ්සීඅයිඩී ගියා නේද වාහන අවභාවිතයට? මෙයාගෙන් මහජන මුදල් හොරගත්ත ඒවා අයකරගන්නා ඕන.
මෙයා හාමුදුරු නමක් කියල විශ්වාසද?
හිතේ අමාරුවට මොන මොනවා හරි කියවනවා. නැතිවෙච්ච වරප්‍රසාද ටික ගැන දුක ඇති නේ.