(නිමල් අල්ගේවත්ත සහ අමල් වික්‍රමරත්න)
බද්දේගම කුම්මේ ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය ගොඩනැගිලි ද්‍රව්‍ය විකිණීමේ ව්‍යාපාරික ස්ථානයක ඊයේ(23) රාත්‍රී ඇතිවූ ගින්නකින් එහි තිබු සියලුම ද්‍රව්‍ය ගිනීගෙන ඇති අතර ගොඩනැගිල්ලටද බරපතල හානි සිදුව ඇතැයි බද්දෙගම පොලිසිය කියයි.
ගාල්ල නගර සභා ගිනි නිවන ඒකකයේ රථ 03 ක් මෙම ගින්න මැඩපැවැත්වීමට යොදවා ඇතත් ඊයේ රාත්‍රී 11.45ට පමණ ආරම්භ වී ඇති මෙම ගින්න අද උදෑසන 6.30 පමණ වනතුරු නිවීමට නොහැකිව තිබු බව ප්‍රදේශවාසීහු පවසති.
තීන්ත,තිනර්,ග්‍රීස් හා කාබයිට් වැනි වහා ගිනි ඇවිලෙන ද්‍රව්‍ය රාශියක් මෙහි තිබූ නිසා ගින්න මැඩ පැවැත්වීමට ගිය පැය 06 කට ආසන්න කාලයක් ගතවී ඇත.ගින්නට හේතුව සහ සිදූවු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යමු....කරපු අය දැන් සතුටු වෙනවා ඇති නේද.....?
තමන් විසින්ම මේ දේ කරගෙන රක්ෂණයෙන් වන්දිත් අරන් ලෝකෙට ලංකාව ගැන වැරදි ප්‍රතිරූපයක් මවා පා ජාත්‍යන්තරයෙන් උදව් ලබාගැනීමේ කලාවකුත් දැන් නැතිවාම නොවේ..