මෛත්‍රීපාල සිරිසේන ජනපති හා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අතර බදාදා (05) සාකච්ඡාවේ දී කතා බහ කරනුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ කාරණා පමණක් බවත්, රජය සම්බන්ධ කිසිදු කරුණක් කතා බහ නොකරන බවත් ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
බදාදා (05) දහවල් එකට පාර්ලිමේන්තුවේ ජනාධිපති නිල කාමරයේ දී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.
හිටපු ජනපති හා වත්මන් ජනපති අතර හමුවක් පැවැත්විය යුතු බව කුමාර වෙල්ගම සහ ටී බී ඒකනායක මහත්වරුන් ජනපතිගේ නිවසට පැමිණ ඉල්ලීමක් කළ බවත්, ඉන් පසු ස්වාමීන්වහන්සේලා කීප නමක් ද සාකච්ඡාවක් පවත්වන ලෙස ඉල්ලා සිටි බවත්, ඒ අනුව එම සාකච්ඡාව පැවැත්වෙන බවත් ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලලිත් දැන් මේ ගෙදරින් එලියට ඇද දැමු සර්පයාය කියන්නේ රට කොටි ත්‍රස්තවාදයෙන් බේරා ගත්තු , ඒවගේම ජනපතිවරණයෙන් පැරදුණු පසු පක්ෂයේ නායකකමත් දන් දීල ගෙදර ගියපු මහින්ද මහත්තයටද? ලලිත් හරි සිහියෙන්ද කතා කරන්නේ? (නදී)
අපිත් මේ බලාගෙනයි ඉන්නේ (නි)
ඔය සාකච්ඡාව කරලම බලමුකෝ (නි)
ජය වේවා ලංකාවට (ම)
ලක්ෂ 58ක් ගත්තා කියන්නේ ජනතාවගෙන් ප්‍රතික්ෂේපවීමක්ද? අනේ මට තේරුම් කරන්නකෝ දන්නා කෙනෙක්. මට ඒ ගණන් දෙක අතරේ පෙනෙන්නේ ලක්ෂ හතරක වෙනසක් විතරයි..... (නි)
ඒක හොඳයි (නි)
පසුගිය සුමානයක විතර ඉඳලා සුමුදු හේවා සභාවේ නැහැ. (නි)
මොනවා කතාකළත් කමක් නැහැ රට පාවාදෙන්න නම් එපා. (නි)
බලාගෙන! සමහරු බෙන්තර ගඟෙන් එහා ඉන්නේ (නි)
තමන්ට ජනාධිපති වෙන්න උදවුකළේ කවුද කියන එක අමතක කරන්න එපා (නි)
මටනම් හිතෙන්නේ ඔය හදන්නේ කපන්න බැරි අත ඉඹින්නට කියලා.නැත්නම් මොකද කලින් ගණන් උස්සල දැන් එකඟ වුනේ. (බ)
රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න (නි)
ජනපතිතුමනි පොලොව යට වලලන්න හිටපු කට්ටිය එක්ක කවර කතාද?කිව්වා වගේ තමාව ඔතනට ගෙනාපු ජනතාව අමතක කරන්න එපා. අහසේ ඉන්නවා කෙනෙක් බලාගෙන. ඔබ තුමා එහෙම කරන්න තරම් වැටෙන්නේ නැති බව දන්නවා. අවරුදු 5 ඉන්නවනේ. ලංකාවේ රජතුමා නොවේද? (බ)
අපි වෙනුවෙන් එකතුවෙන්න. (නි)
ඔය ඔක්කොටම වඩා කන්දියයුත්තේ රටේ තිබු අවනීතිය පළවාහැර ඔබගේ ඡන්ද පොරොන්දුව හිස් මුදුනින් පිළිගෙන ඔබට තිබුනා කී ජීවිත අවදානමෙන් මුදවාගෙන ඡන්දය දී ඔබ බලයට පත්කළ 68 ලක්ෂයක් ජනතාවටයි ...... (නි)
ඔවුන් රටේ කරතිබෙන අක්‍රමිතා බලනවිට ඔවුන්ගේ අසලකටවත් යන එක අපි අනුමත නොකරමු. (නි)
මේ වගේ දෙයක් අපි නම් මෛත්‍රී මහතාගෙන් බලාපොරොත්තු නොවුණෙමු. (නි)
තමාගේ ආරක්ෂාව තමා විසින් සළසාගන්න. කිසිවකු සමඟ සාකච්ඡා අනවශ්‍ය බව මගේ අදහසයි (නි)
ශ්රී ලංකා නිදහස් පක්ෂය අද අනාථයි. මහින්ද රාජපක්ෂ මේ නොන්ඩි පක්ෂය අතහැර වෙනම තම දේශපාලන ගමන ජාතියට හිතවත් අය සමග පටන් ගත යුතුය. (බ)
අපේ මතකයේ හැටියට ජනාධිපතිවරණයට පෙර කිවුවේ නම් ජනාධිපති වුණොත් තමන් නිර්පාක්ෂික ස්ථාවරයක ඉන්නවා කියලා. අනේ මන්දා? (නි)
මහින්ද මහත්තයෝ ඔය පක්ෂය පාවාදුන්නු අය එක්ක මොන කථාද? වෙනම ඉල්ලන්න (බ)
ඒ වුණාට හදිසියේවත් මාතෘකාවෙන් පිට පැන්නොත්?? (නි)
ජෙයරාජ් ,ශ්‍රීපති යන අයට වුන දේ මතක තියා ගන්න. (බ)
මෙන්න නියම යහපාලනය! (නි)
මෙය මට දැනෙන්නේ ඔබට ඡන්දය දුන් ජනතාව බාල්දුකිරීමක් ලෙසයි (නි)
එතකොට අර කතානායකගේ ගෙදරදී හමුවෙනවා කියන කතාව බොරුවක්ද? (නි)
ජනතාව ප්‍රතික්ෂේප කළ දේශපාලකයකු නැවත දේශපාලනයට ගෙනඒමෙන් රටකට ඇති සෙතක් නැත අවශ්‍ය අවංක තරුණ නායකයෙකු පමණි. එයට කැපවීම අප සැමගේ වගකිමයි (නි)
ලලිත් දැන් මේ ගෙදරින් එලියට ඇද දැමු සර්පයාය කියන්නේ රට කොටි ත්‍රස්තවාදයෙන් බේරා ගත්තු , ඒවගේම ජනපතිවරණයෙන් පැරදුණු පසු පක්ෂයේ නායකකමත් දන් දීල ගෙදර ගියපු මහින්ද මහත්තයටද? ලලිත් හරි සිහියෙන්ද කතා කරන්නේ? (බ)
ආප්ප කාලා කොපිත් බොයි ද?(හේ)
අතට අතත් දෙයිද? (නි)
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මිනිස්සු අත්අඩංගුවට ගන්න එකත් ඒ පක්ෂයට සම්බන්ධ කාරණයක්. (නි)
ආ... ඒක මිසක්! (නි)
මොනවා වුණත් බලාගෙන ... (නි)
රටට හොඳක් වෙනවා නම් අපිට ඕනෑ එච්චරයි (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
නියමයිනේ! දෙන්නෙක් තමයි ඇවිල්ලා ආරාධනා කරලා තියෙන්නේ. (නි)
අපි හිතුවා වෙන මොනවාහරි ගැන සාකච්ඡාවක් කියලා. (නි)
අපි ඡන්දය දුන්නේ රට හදන්න (නි)
ප්‍රවේශමෙන් මෛත්‍රී මැතිතුමනි.මොනවා ඉල්ලයිද දන්නේ නැහැනේ! (නි)
රටවැසියා ප්‍රතික්ෂේප කළ පුද්ගලයකු සමඟ මොන සාකච්ඡාද? (නි)
කොහොමද මෙහෙම සාකච්ඡාවට යන්නේ? (නි)
අමතක කරලමු පැරණි කතා එක්වෙමු ජාතික දියුණ පතා (නි)
දැන් මොන සාකච්ඡාද මෛත්‍රී මැතිතුමනි? (නි)
දේශපාලනයේ දැනුම් තේරුම් ඇති සියල්ලන්ට අද ජනපති සහ අගමැති අතර ඇති එකිනෙකාව ගැටගසිමේ උත්සාහය ඉතාමත් පැහැදිලිව පේනවා..රනිල් මහත්තයට අවශ්‍ය තමන්ට පත් නොවිය හැකි ජනපති පදවිය පඹයෙක් කර එම බලතල තමන්ට පත් විය හැකි අගමැති තනතුරකට පවරා ගන්න..මෛත්‍රී මහත්තය හදන්නේ පඹයෙක් නොවන ජනපති කෙනෙක් වෙන්න..දෙන්න දෙන්නට ගැට දා ගන්නවා..අවසාන ගැටෙන් මෛත්‍රී මහත්තය දිනුවත් ඉදිරියට යුඅැන්පි රජයක් ආවොත් තමන්ට වෙන්නේ නිකම්ම පඹයෙක් වෙන්න වග එතුමා පැහැදිලිව දන්නවා.එතුමාට එ්කට තියෙන විකල්පය සන්ධාන රජයක් බිහිකර ගැනීම. එ්ක කරන්න මහින්ද මහත්තය නැතුව බැහැ..මොන කයිවාරු ගැහුවත් මහින්ද මහත්තයට අගමැති අපේක්ෂත්වය සමග මහමැතිවරණ සටන මෙහෙයවීමේ වගකීම පවරන්න මෛත්‍රී මහත්තයට අකමැත්තෙන් වුනත් සිද්ධ වෙනවා..අවසානය ඉතාමත් පැහැදිලියි..වත්මන් රජයටත් අගමැතිටත් ඉදිරි පාර්ලිමේන්තුවේත් විපක්ෂයේ භූමිකාව නැවතත් පන පොවන්න සිදු වෙන බව..(බ)
සැමගේ අදහස මහින්ද මෛත්‍රි හමුව කියන්නේ අද ඓතිහාසික දවසක් කියලයි. ඒක පට්ටපල් බොරුවක් ඒ දෙදෙනාම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මවගේ කුසේ හැදුන වැඩුන දරුවන් දෙදෙනෙකි ගැමුණු කුමාරයයි තිස්ස කුමාරයයි ඔවැනිම විරසකයක සිටියද දුටුගැමුණු රජුගේ රාජ අභිෂේකයත් සමග ඒ කෙටිකාල විරසකය දුරුවී සහෝදරත්වය වැලදගත්තේය අද තිස්ස රජවී දුටුගැමුණු ගෙදර ගොස් ඇත. තම වැඩිමහල් සොයුරාට මෛත්‍රි ගුණ දක්වා වෛරය අතහැර සහෝදරත්වය වැලද ගන්න හොදම දිනයයි. එය එසේ වුනෝතින් පමණක් ශ්‍රි ලං. නි. ප. ඉතිහාසයේ ඔබ දෙපලගේ නම් රන් අකුරෙන් ලියැවේවි.එහෙත් වාසිපැත්තට හෝයිිියා කියන, ඇවිලෙන ගින්නට පිදුරුදාන අයගෙන් නම් සදහටම පරිස්සම් විය යුතුය.(බ)
පක්ෂයට සම්බන්ධ කාරණයක් තමයි සමහර පාක්ෂිකයින් රජයේ ඇමැති තනතුරු දැරීම. එතකොට, රජයට ඒවා සම්බන්ධ නැද්ද? (බ)
මහින්ද මහත්තයෝ මොකටද එයත් එක්ක සාකච්ඡා තියන්න යන්නේ. තනිවම චන්සේ ඉල්ලන්න. එතකොට දැන ගන්න පුළුවන් ශ්‍රීලනිප ඉන්නේ කාත් එක්කද කියල...(බ)
එක වරක් පැරදුන කෙනෙක් සමග සාකච්ඡා කරන එක නරක නම් විසි තිස් පාරක් අන්තයටම පැරදුන කෙනෙක් රට පාලනය කරන එක හොඳ ඇති නේද . නිදහසින් පසු රටට විශාලම සේවය කල කෙනාට කෙලෙහිගුණ දක්වන විදිහ නම් නියමයි. සිංහලයාගේ ජන්ම ගතිය (බ)
මහින්ද මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මතක් වෙලා තියෙන්නේ දැන්ද? මෙච්චර කල් තිබුනේ මගේ නෑදෑයන්ගේ පක්ෂයනේ. (බ)
පියල් මෙතන නායකයන් දෙන්නම ජනතාව ප්‍රතික්ෂේප කළ අය නෙමේ. දෙන්නාටම ජනතා පදනමක් තියෙනවා. ඉතින් එක අරමුණකින් එකතුවෙන එක හොඳ දෙයක්. (බ)
බලාගෙන අත දෙන්නේ ආයෙත් වසී කරපු තෙල් අතේ ගාගන එයි (බ)
අරගොල්ලෝ බය වෙලා වගේ (බ)
කට්ටියම මොකෝ මේ බයවෙලා.. (ම)
ගෙදරින් එලියටඇද දැමු සර්පයා මොන වේශයෙන් ආවත් වෙලාව ආවහම කරන දේ දැන කටයුතු කරන්න (ම)
පැරදිච්ච අයත් එක්ක මොන සාකච්ඡාද ? (බ)
මොනවා කිව්වත් රටේ සංවර්ධනයක් වෙනවනම් ඔය දෙන්න එකතු විය යුතුමයි දේශපාලනය 62, 58 ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ රටේ දියණුව සාමකාමී රටක්. (බ)
බලාගෙන ප්‍රවේශමෙන් ... මොන තෙලක් ජීවම් කරගෙන ඒවිද දන්නේ නැහැ. ! (බ)
මම පිටු පෙරලලා පෙරලලා බැලුවා අර වැඩසටහන්, දින වකවානු ගැන ලියලා තිබුන පොතේ. මෙහෙම දෙයක් එකේ නැහැනේ! (හේ)
තමන්ට ජනාධිපති වෙන්න උදවුකළේ කවුද කියන එක අමතක කරන්න එපා.(හේ)
ජනාධිපතිතුමා පැහැදිලිව තම ස්ථාවරය කියා තිබෙනවා. මෛත්‍රීට ඡන්දය දුන් අය බයවෙන්න එපා. මහින්දගේ අය හීන දකින්නත් එපා. (නි)
සාකච්ඡා කර වැදගත් යමක් කරන්න බලන්න (නි)
සමී, අනුර, සම්පත් ශ්‍රී සුනිල්, මටත් කියන්න තියෙන්නේ පුතාල කියන දේමයි. පක්ෂය විතරක් නෙවෙයි රටත් පාවා දුන්නු අය එක්ක කතා මොටද හැබෑ ශ්‍රීලංකා කාරයෝ ටික එකතු කර ගෙන රටට හොඳක් වෙන විදියට අලුත් පක්ෂයක් හදාගෙන ඉදිරිය බලනවා මිසක්!(නදී)
සරත්ගේ කතාවේ බාගයක් ඇත්තයි, මහින්ද මහතාට ජන පදනමක් තියෙනවා වගේම මහින්ද පැරදවීමේ අරමුණින්ම පමණක් එකතු වුනු ඔහුට සතුරු ජනතාවකුත් ඉන්නවා. හැබැයි ඒ ජන කණ්ඩායම් දෙකේ අපේක්ෂා වගේම මේ දෙදෙනාගේත් අපේක්ෂා අහසට පොලොව වගේ නිසා එක අරමුණකින් එකතු වෙතොත් වෙන්න වෙන්නේ එක ජන කණ්ඩායමක අපේක්ෂා පාවා දීලයි. මේ නිසා මේ දෙදෙනා එකතු නොවේවායි රට වෙනුවෙන් පතමු. (නදී)