ශ්රී ලංකාවේ මුස්ලිම් ජනතාවට බොදු බල සේනාව හිරිහැර කළැයි මෛත්‍රිපාල සිරිසේන ජනපති ලන්ඩනයේදී කළැයි කියන ප්‍රකාශය පිළිබඳව විරෝධය දක්වමින් ජනපතිවරයාට එම සංවිධානය ලිපියක් යවා ඇතැයි එහි ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා අද (24) පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
බොදු බල සේනා මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් එහිදී කියා සිටියේ බොදු බල සේනා සංවිධානය මුස්ලිම් ප්‍රජාවට ගල් කැටයකින් හෝ හිංසාවක් කර ඇතැයි ඔප්පු කළහොත් තම සංවිධානය එම මොහොතේම විසුරුවා හරින අතර තමන් චීවරය ගලවා සිරිසේන මහතාගේ බැල මෙහෙවරට පැමිණෙන බවත්ය. එසේම තමා අභියෝගය ජයගත හොත් සිරිසේන මහතා තම පන්සලේ ඇබිත්ත තනතුරට පැමිණිය යුතු යැයිද ඥානසාර හිමියෝ කීහ.
රටවැසියකු ලෙස ඕනෑම අදහසක් හෝ ප්‍රකාශයක් කිරීමට ජනපතිවරයාට ඇති අයිතියට ගරු කරන නමුත් රටේ ප්‍රධානියා ලෙස බොදු බල සේනා සංවිධානනය සුළු ජන වර්ගවලට හිරිහැර කරන බව හා තම සංවිධානය ප්‍රතික්ෂේප කිරීමට විරෝධය පළ කර බව බොදු බල සේනා සංවිධානය ජනපතිවරයාට යැවූ ලිපියේ සඳහන්ය. බොදු බල සේනාව පසුගිය කාලයේ සිදුකළ සියලු ප්‍රකාශ නිවැරදි කරුණු මත පදනම්ව සිදුකළ බවත් රටතුළ ඇතිවූ විවිධ ප්‍රචණ්ඩකාරී තත්ත් මහා පරිමාණකොට දක්වා ඒ සියලු වගකීම් බොදු බල සේනා සංවිධානයට ආරෝපණය කිරීමට යම් කුමන්ත්‍රණ සිදුවූ අතර ඒවා නිවැරදි කිරීමට පසුගිය රජය කටයුතු නොකළ බවද එහි සඳහන්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිල්වා මහත්තයෝ, ඔබ හරියටම හරි. (නි)
තිවංක, අපිට නම් මේ කතා හරිම අප්‍රසන්නයි (නි)
මේක පුදුම වැඩක් වෙලානේ දැන්! හොඳයි අපි බලමුකෝ කවුද දිනන්නේ කියලා (නි)
සමහර සංවිධාන නිසා පසුගිය කාලයේ සමස්ත ශ්‍රී ලංකාවම ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක්වුණා. මමත් බෞද්ධයෙක්. නමුත් මෙවන් දේවල් අදහස් කරන්නේ නැහැ කොහෙත්ම. (නි)
හරිම නිර්භීත කතාවක් (නි)
යමක් ගැළවිය හැක්කේ එකවරකි. නැවත ගැළවීමට අවශ්‍ය නම් තිබුන තත්වයට පත්කළ යුතුය. එසේ නැතුව ගැළවූණ යමක් ගළවන්නේ කෙසේද? (නි)
දැන් එතුමා මේ අභියෝගය බාරගෙනද? (නි)
බෞද්ධයාට නිසි තැන නැවත ලැබෙනවා නම් එච්චරයි (නි)
එයා ගැන අපි හොඳට දන්නවා. (නි)
බුද්ධ ශාසනයටයි, රටේ ජාතික සමගියටයි, මහින්ද මහත්මයාටයි, තුනටම, එකම විදිහට කළදේවල් අපිට අමතක නැහැ. (නි)
ගල් කැටයක්වත් නොගැසුවාට උසාවියේ නඩුවකුත් තියෙනවා නේද මොකක්ද බල සංවිධානයකට? (නි)
අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
බොදු බලයට මේ තරම් සල්ලි කොහෙන්ද කියල හොයල බලන්ඩ ඕනා. කෝටි ගණන් වටිනා වාහනවල යන්ඩ කොහෙන්ද සල්ලි හම්බ වෙන්නේ. මෙහෙම ගිහිල්ලද ජාතිය ගැන කතාකරන්නේ? රටේ දුප්පත් කම පතුලට ගිහිල්ල. මේ අය එක වචනයක් කතා කරනවද? අඩුම රටේ නිකන් තියෙන ඉඩම් කොටසක්වත් දුප්පත් මිනිස්සුන්ට බෙදල දෙන්න කතාකරනවද? බොරුවට කෑගහනවා. පුලුවන්නම් අර ධම්මිකගේ කැසිනෝ එක ඉස්සරහට ගිහින් කෑ ගහන්න. (නදී)
ඔබවහන්සේ කරුණාකරලා බුද්ධ පුත්‍රයෙක් හැටියට හැසිරෙන්න කියලා අපි ඉල්ලනවා (නි)
අඳුරේ අත පුච්චාගන්න එපා (නි)
නායකයට කතා කරන්නවත් දන්නේ නැහැ. මෛත්‍රීපාල මහත්මයා හින්දම හොඳයි (නි)
හිමියනි, ඔබවහන්සේගේ නිර්භීතකමට අපේ ආචාරය! (නි)
ඇත්තටම නොදන්නා නිසයි අහන්නේ. බොදු බල සේනාව ඔය කියන තරම්ම එඩිතරද? (නි)
සජින්, මොනවද මේ කියන්නේ? (නි)
එතුමා මේක භාරගනීද? (නි)