උසාවි නියෝග නොතකමින් ඊට අපහාස වන සේ අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක් කළැයි අද උසාවියට ඉදිරිපත් වූ භික්ෂූන් වහන්සේලා සහ හිටපු ඇමැතිවරු පිරිසක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ඇප මත මුදා හරිනු ලැබූහ.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් අල්ලස් කොමිසමට කැඳවීමට විරෝධය පළ කරමින් ඔවුහු උද්ඝෝෂණය කළහ.
එවැනි උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් අධිකරණය ඊට පෙර දින දුන් නියෝගය කඩ කළැයි කියන රාවනා බලයේ කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, හිටපු ජනාධිපති උපදේශක බෙංගමුවේ නාලක, ආචාර්ය මැදගොඩ අභයතිස්ස, හිටපු ජනාධිපති උපදේශක වටිනාපහ සෝමානන්ද, අභයාමාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද, බොදුබල සේනා කැඳවුම්කරු විතාරන්දෙනියේ නන්ද , අහුංගල්ලේ සිරි ජිනානන්ද, බියගම සුසීල යන හිමිවරු පිරිසක් අධිකරණයේ පෙනී සිටියහ.
නොතීසි නිකුත් කර තිබුණත් බොදුබල සේනාවේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි අධිකරණයට පැමිණ සිටියේ නැත.
හිටපු ඇමැතිවරුන් වන බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, ගාමිණි ලොකුගේ, එම් එම් චන්ද්‍රසේන, ජානක ප්‍රියන්ත බණ්ඩාර, සරත් වීරසේකර, රොෂාන් රණසිංහ, ජයන්ත කැටගොඩ, උදිත ලොකුබණ්ඩාර, වීරකුමාර දිසානායක, බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග, උදය ගම්මන්පිල, රොජර් සෙනවිරත්න, ජගත් කුමාර, සුනිල් ජයමිණි, උපාලි කොඩිකාර, මධුමාධව අරවින්ද, අජන්ත ලියනගේ ඇතුළු ගිහියෝ 10 දෙනෙක් ද අධිකරණයේ පෙනී සිටියහ.
මෙම නඩුව අවසන්වන තුරු උසාවියට අපහාස වන තාලයේ උද්ඝෝෂණවල පෙනී නොසිටින ලෙස ගිහි පැවිදි දෙපිරිසට දැන්වූ මහේස්ත්‍රාත් එම කොන්දේසි කඩ කළහොත් ඇප අවලංගු කර ඔවුන් අත්අඩංගුවට ගන්නා බව ප්‍රකාශ කළේය.
හිමිවරුනට රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප නියම විය.
ගිහියනට රුපියල් දස දහසක මුදල් ඇප හා රුපියල් ලක්ෂ දහයක ශරීර ඇපය බැගින් නියම විය.
ජූලි 13 වැනි දා ට පැමිණිල්ල කල් තැබිණි.
වීඩියෝ සහ ඡායාරූප - ශාන්ත රත්නායක













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනෙට ගොට්ට අල්ලනවනම් උසාවියට ගල් ගස්සවල අපහාස කරවපු එව්වෝ යහතින් ඇමතිකම් දරන නැත්නම් රිමාන්ඩ් කරන අගවිනිසුරු බලහත්කාරෙන් ඇදල දොට්ට දාල තමන්ට අවශ්‍ය කෙනා අගවිනිසුරු කරන කලුකොට් සංගමේට අවශ්‍ය විධියට විනිසුරුවන් පත් කෙරෙන මේ පාලනයක් තියෙන රටේ අධිකරණයට තව වෙන මොනවා අපහාස වෙන්නද විනිසුරු තුමෝ..? (බ)
කාටත් හොඳ පාඩම්. (නි)
ඇයි මේ අහිංසක අයට වද දෙන්නේ .(හේ)
රටකට ඕනෑ අපමණ අගයක්. දැන්නම් දෙන්නේ අපිට අමානුෂික වදයක්. (නි)
ඔය නීතිය උතුරු නැගෙනහිරට අදාළ නැතිද ? (හේ)