කොළඹ කොම්පඤ්ඤවීදියේ නිපොන් හෝටලයට කඩා වැදී මාධ්‍ය සාකච්ඡාවකට බධා කිරීම සහ කොම්පඤ්ඤවීදිය පොලීසිය ඉදිරිපිටදි කුරාණයට අපහාස කළැයි යන චෝදනා යටතේ බොදු බළ සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඤාණිස්සර හිමි ඇතුළු භික්ෂුන් වහන්සේලා පස් නමට එරෙහි කඩිනමින් චෝදනා ගොනු කරන්නැයි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (27) නියෝග කළේය.
ජුනි 15 වැනිදාට නඩුව කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දයක් එන නිදා දැන් ඉඳන්ම බෙදිම් ඇති කරන්න උත්සාහ කරනවා. කලින් අය ඔය එක එක සේනාවන් හැදුවෙම මේකට තමයි. මෙය සිංහල හා මුස්ලිම් දෙපිරිසම එකට එකතු වි පරාජය කල යුතුයි. අපි අපි කා ගත්තොත් යටිකූට්ටුකාරයෝ දිනනවා. (ස)
නැගී සිටිය හැක එක්සත් වී.....බෙදී ගියොත් රට යයි සුන්වී...... බලය අහිමි වුනු අයට ඕන රටේ කලබල ඇති කරවන්න. ඒකට මේ චීවරධාරින්ව පාවිචච් කරනවා. මුසුලිම්වරුනි, බෞද්ධයිනි මෙය උගුලක්. අහුවෙන් එපා. කුලල් කාගන්න එපා. (ස)
මෙතන ඇත්තේ ආගමක් හෝ ජාතියක් පිළිබඳ දෙයක් නොව නිශාන්ත මහතා කිව් ලෙසම දේශපාලනයයමයි. මෙන්න කැට.. (අ)
බුදු හාමුදුරුවෝ මිනී මස් බුදිනවා කියල අපහාස කරපු එවුන් නිදැල්ලේ. මෙහෙ (මැද පෙරදිග ) ඉන්න අපේ ලංකාවේ මුස්ලිම් කෙනෙක් කියනවා ඒගොල්ලෝ සුළුතරය උනත් ලංකාවේ ඉන්නේ රජවරු වගේ කියල. මේක තමයි සත්‍ය. අපි සුළුතරය උන දාට අපිට රජවරු වගේ ඉන්න ලැබෙන්නේ නැහැ. අපේ ජීවිතත් විශ්වාස නැහැ. (බ)
සිංහලයන් තමාගේ අයිතිවාසිකම් ගැන කතා කිරීම ජාතිවාදය නම් අනිත් ජන කොටස් වලටත් එය අදාලයි නේද? අනිත් ජනකොටස් බහුතරය වී සිංහලයන් සුළුතරය වූ පෙදෙස් වල සිංහලයන්ට සලකන (පාගන) ආකාරය අත්විද තිබේනම්? (බ)
බුද්ධ පුත්‍රයන්වහන්සේ කෙනෙක් සියලු සත්වයන්ට මෛත්‍රී කරන ඕනේ. (බ)
මේ හාමුදුරුවෝ පවුල් ජීවිතයක් ගතකරන මනුශ්‍යයෙක්, ඒවගේ අයට මොන ධර්මයක්ද තියෙන්නේ? (බ)
මේ හාමුදුරුවෝ කියපු දේවල් දැන් ඇත්ත වෙනවා රූපවාහිනී නාලිකාවක ළඟදී පෙන්නුවා උඩවලවට වෙච්ච විනාශය ඒක මේ හාමුදුරුවෝ කිව්වම කවුරුත් ගණන් ගත්තේ නෑ (බ)
මිලියන 20 බිහිවූ එකම බුද්ධ පුත්‍රයා. මෛත්‍රී ද ? රනිල් ද ?ජෝන් ද? (බ)
නාමල්ගේ තාත්ත සිංහල වෙන්න බැහැ (බ)
ඔබ වහන්සේ රටට ජාතියට කරන සේවයට ගරු කරමි (බ)
සිංහලයින් වෙනුවෙන් කතා කරපු අපේ හාමුදුරුවන්ට චෝදනා කරන කාලකන්නි සිංහලයිනි පොඩ්ඩක් හිතපල්ලා අපි කපන්නේ අපේම වල කියල. (ස)
සින්හලුනි දැන්වත් අවදිවවූ ! (නදී)
කුමාර් මම පොඩි කාලේ ඉඳන්ම මේ හාමුදුරුවෝ ගැන දන්නවා ඒ ගමේ කෙනෙක් විදියට. නිකන් බොරු වමාරන්න එපා. මේ හාමුදුරුවෝ හින්ද තමයි සිංහලය නැගිට්ටේ.(නදී)
තරංග සම්පත් කව්ද කියල එයාගේ මුණු පොතට ගියාම තේරෙනවා (නදී)
මුලින්ම මොහුට නඩු දාන්න ඕන උරනයට අපහාස කලාට නෙමෙයි බුදු දහමට අපහාස කලාට. අනගාරික ධර්මපාල තුමා වගේ කියල එතුමාටත් අපහාස කලා. මේ වගේ මෝඩ කතා වලට හිනා යනවා.(නදී)
ඔය කෑ ගහන සමහරු 'මනෝජා' ගැනත්, බීමතින් රිය පදවා උසාවියෙන් දඩුවම් ලැබූ චීවර ධාරියා ගැනත් දන්නවද.?(නදී)
කට්ටිය හිතනවානම් මේකෙන් මුස්ලිම් මිනිස්සු සතුටු කරලා තමන්ට යහ පාලනය වෙනුවෙන් කළ උදව්වට කෘතගුණ සලකන්න ඒ වැරදිලා..හිතා ගන්න බෝම්බයක් උඩ ඉද ගත්ත කියල..(බ)
මානසික අල්ලසක්ද? (දිල්)
රටේ බහුතරයක් ස්වාමීන් වහන්සේලා නිදා සිටි අවදියක බුදුදහමේ පරිහානිය වැලැක්වීමට පැමිණි බුද්ධ පුත්‍රයෙක්. නමුත් පසු කාලීනව දේශපාලන චරිත සමග ගැටීම වැඩි වුනා. එ් නිසා උන් වහන්සේට මේ දේ වුනා වෙනන් බැරිද? (බ)
බුදු හාමුරුවන්ට අපහස කරන අයට සම්මානයි, බුදු දහම වෙනුවෙන් කතා කරන අයට නඩු දාන එකද යහපාලනය? කොහොමත් යහපාලනයට කලගුණ සලකන්න තියෙනවනේ. (නදී)
සැබෑ සතුරා කියන්නේ , මුස්ලිම්, දෙමළ, හා වෙනත් ජාතිකයෙක් හෝ ආගමිකයෙක් නොවෙයි. සබැ සතුරා අන්තවාදියයි. ලංකාවේ විතරක් නෙමේ, සාමය අගයන ඕනෑම රටක රජයකට විශාල වගකීමක් තියනවා ඒ පොදු සතුරාව විනාශ කරන්න.(දිල්)
මේ ලංකාවේ බුද්ධාගම කාපු කෙනා,මමත් ගියේ සිංහල බෞද්ධ ස්කෝලයකටය,ඒකාලේ පන්තියේ එකම මුස්ලිම් කොල්ලා කියල මාත් එක්ක ඔක්කොමල හොඳ මිත්‍රයි,ඉස්ලාම් ආගම ගැන මගෙන් අහනවා,මේ වගේ අනිකුත් ආගම්වලට නිග්‍රහකරන හාමුදුරුවරු එ්කාලවල හිටියෙම නැහැ,(බ)
බුදු හාමුදුරුවොන්ට අපහස කරන අයට සම්මානයි, බුදු දහම වෙනුවෙන් කතා කරන අයට නඩු ආන එකයිද යහපාලනය? කොහොමත් යහපාලනයට කලගුණ සලකන්න තියෙනවනේ. (බ)
"ජීසස් චාර්ලි" කියල පස්සේ කෑගහන්න එපා හොදේ කඩේ යනකොට හොදට බලල යන්න. (බ)
නීතිය ඉදිරියේ සියලු මිනිසුන් එකයි. ආගම, පක්ෂය, ජාතිය අදාළ නැත.(දිල්)
රනිල්ගේ යහපාලනය යටතේ ජෝන් අමරතුංගගේ කුමන්ත්‍රණයෙන් හමීඩියා කිරිබත්ගොඩ ඇවිල්ලා ඔබවහන්සේගේ අගය ඉදිරියට මිනිසුන්ට තේරේවි (බ)
බුදු හාමුදුරුවෝ උෟරු මස් කෑවා කියූ ඌරට නඩු දැම්මෙත් අසාත් සාලි.මොන දේ කළත් සිංහලයන් හොඳ මිනිස්සු. (බ)
පිවිතුරු යහපාල, වක්කඩේ වගේ කට තිබුනට දොඩවන්නෙ නැතුව, ඔය ඔළු කට්ට ඇතුලේ තියෙන මොලේ පොඩ්ඩක් පාවිච්චි කරලා, රට අවුල් කරන්නේ නැතුව ඉන්න කරුනාකරලා. මේක ආගම් අතර ගැටළුවක් නෙමේ. (බ)
සම්මා වාචා කියන වචනයේ තේරුම දන්නේ නැති පුජ්‍ය පක්ෂය කටයුතු කරන්නේ ධර්ම විනය අනුවද ? (බ)
මම සිංහල බෞද්ධ. මේ චිවරධාරින් කරන වැඩේ වැරදියි, නිතිය හමුවට ගෙනිච්ච එක හොඳයි, දඩුවම් දියයුතුයි කියලා බය නැතුව කියනවා. මේක නෙමෙයි බෞද්ධකම කියන්නේ. මොනවද මේ කරන රට කළඹන ආවේගශිලි මෝඩ වැඩ (බ)
බුදු හාමදුරුවෝ අන්‍යගමිකයන්ට නිග්‍රහයෙන් කටයුතු කළේ නැහැ. මම අන්න ඒ ගැන තදින් විශ්වාස කරනවා. (බ)
යහපාලනය කියන්නෙ බුදුහාමුදුරුවෝ වෙනුවෙන් පෙනිසිටින එකට නෙමෙයි. මේක බහු ආගමික බහුවාර්ගික රටක්. හැමෝටම නිදහසේ ආත්ම ගෞරවයක් ඇතුව ඉන්න පුළුවන් රටකුයි අපි හදන්න ඕනේ. සිවුර උස්සගෙන කුනුහරුප කිය කියා බලහත්කාරයෙන් තැන් තැන් වලට යන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා නැහැ. (බ)
ජාතිවාදය අවුස්සන ඕනෑම කෙනෙකුට එරෙහිව නිතිය ක්‍රියාත්මක කල යුතුයි. (ම)
කුමාරි ඔබ කොහොමද කියන්නේ මේ රටේ බෞද්ධ ස්වාමින් වහන්සේලා නිදාගෙන හිටියයි කියලා? (දිල්)
බුද්ධ ධර්මයට අපහාස කරන අයට දඩුවම් නැද්ද ?(දිල්)
අම්මෝ මොහුට තියෙන්නේ කටක් නෙමේ (බ)
නාමල් ඔහේ නම් කිඩාරම් මලක් (බ)
බුද්ධ ධර්මයට අපහාස කරන අයට දඩුවම් නැද්ද මේක තමයි පාදඩ නීතිය (බ)
වචනයෙන් සංවරයක් නැති නම් එතන බුදු දහම අනුගමයක් තිබෙනවද ?බුදු හාමුදුරුවෝ අනෙක් ආගම් වල අයට තර්ජන ගර්ජන අනුමත කළේ නැහැ. (බ)
වචනයෙන් සංවරයක් නැති නම් එතන බුදු දහම අනුගමනයක් තිබෙනවද ?බුදු හාමුදුරුවෝ අනෙක් ආගම් වල අයට තර්ජන ගර්ජන අනුමත කළේ නැහැ. (බ)
හැමදේම ස්වාභාව ධර්මයට භාරයි (දිල්)
නාමල්ට අපි අනුකම්පා කරමු.අපිට කියලා රටක් ඉතුරු වුණේ මෙහෙම හාමුදුරුවරු හිටි නිසයි (නි)
ආගමයි දේශපාලනයයි කලවම් කරගෙන හැමෝම.(දිල්)
ධර්මයට අපහාස කරන අයට දඩුවම් කළ යුතුයි. ඒ වගේම වෙනත් ආගමකට අපහාස කරන අයටත් දඩුවම් කළ යුතුයි. අනුන්ගෙ තැනකට ගිහින් මේ කරලා තියෙන වැඩේ වැරදියි.(දිල්)
මේ අන්තවාදියෝයි ත්‍රස්තවාදියොයි අතර වැඩි වෙනසක් නැහැ. (දිල්)
ශ්රී ලංකාව බෞද්ධ රටක් බව කව්රුත් දැනගත්තොත් හොඳයි (නදී)
මේ සමාජ පිළිලය පහුගිය කාලේ මාධ්‍ය මගින් තමයි ඕනවට වඩා පිම්බුවේ. මොහු ගමන් කරන ප්‍රාඩෝ රථය අම්ම අප්පාගේ බුදලයෙන් ලැබුණු එකක් වෙන්න ඇති. මේ මනුස්සය හින්ද අපේ ළමයි දහමින් ඈත් උනා. (නදී)
හැදෙන දරුවෙකුට අහන් ඉන්න සුදුසු වචනද පිට කළේ ? (බ)
දයා මැරුණට පස්සේ යන තැන කොහෙද? (බ)
අපේ සිංහලයන්ට ඉතිහාසය අමතකවෙලා වගෙයි (නි)
මේ රැළ එදා හිටියනම් අනගාරික ධර්මපාල තුමා කලෙත් ජාතිවාදී කුමන්ත්‍රණයක් කියාවි. බුද්ධාගමත් සිංහල ජාතියත් වෙනුවෙන් හඬ නැගු ස්වාමින්වහන්සේ අපි හැමදාමත් ඔබ වහන්සේ සමග ඉන්නවා . (ස)
සිංහල සමාජය හොඳටම සංකර වෙලා. සිංහල මිනිස්සු ගොඩගන්න කිසිම වැඩපිළිවෙලක් එකම දේශපාලන නායකයෙක්වත් කළේ නැහැ. මේ හිමියන් සිංහලයන් මර නින්දෙන් අවදිකළා. බුද්ධාගම රකින්න මිනිස්සු ඉතුරුවෙන්න ඕනෑ. (නි)
අපේ හාමුදුරුවන්ට කරදර කළොත් අපිත් නිකන් ඉන්නේ නම් නැහැ (නි)
කසාවතට අත තියන්න එපා. (දිල්)
කට්ටිය හිතනවානම් මේකෙන් මුස්ලිම් මිනිස්සු සතුටු කරලා තමන්ට යහ පාලනය වෙනුවෙන් කළ උදව්වට කෘතගුණ සලකන්න ඒ වැරදිලා..හිතා ගන්න බෝම්බයක් උඩ ඉද ගත්ත කියල..(බ)
අනිවාර්‍යෙන්ම දඩුවම් දිය යුතුයි.. ජාතිවාදය වැඩියෙන්ම ඇවිස්සුවේ මෙයා (බ)
අපගේ දැඩි විරෝධය.... එතකොට කවද්ද අසාද් සාලිට විරුද්ධව නඩු දාන්නේ?? සිංහලයින් වෙනුවෙන් කතා කරපු අපේ හාමුදුරුවන්ට චෝදනා කරන කාලකන්නි සිංහලයිනි පොඩ්ඩක් හිතපල්ලා අපි කපන්නේ අපේම වල කියල (බ)
එතකොට බුදු දහමට අපහාස කරන එවුන්ට නඩු නැද්ද (බ)
මිලියන 20 බිහිවූ එකම බුද්ධ පුත්‍රයා. අපි සැම ඔබ සමග බුදු සරණයි ! (බ)
අපොයි ඔව් මංජුලා හඬ නැගුවා නේන්නම් අහගන්න බැරි තරම් පරුෂ වචනයෙන් . හැබැයි අනගාරික ධර්මපාල තුමා මේකට පටලවන්න එපා. (ස)
නාමල්, පලවෙනි එක ජාතිවාදය වැඩියෙන්ම ඇවිස්සුවේ මෙයා නොව මේ හාමුදුරුවෝ කියල වෙනස් කර ගන්න . මේකෙන්ම පේනවා ඔයාගේ අාගම මොකද්ද කියල . දෙවෙනි එක, ජාතිවාදය ඇවිස්සුවේ නැ. නිදාගෙන හිටපු උන් නැගිට්ටුවා..(බ)
චිවරය දාගත් සියල්ලම බෞද්ධයන් නොවෙයි.බෞද්ධ යතිවරුන් අසංවරව කතාකිරීම , අනුන්ගේ ස්ථානවලට කඩාපැනීම නොකරයි.කරන ක්‍රියා සංවරයි (නි)
ජාතිවාදය කියන වචනේ තේරුම දන්නවාදඝ ඔහේ නාමල් නෙමෙයි වෙන මලක් (බ)
හිටපු ජනාධිපති කියපු විදියට මෙයා නිසා අහිමිවුණ මුස්ලිම් ඡන්ද නිසාලු එයාව පැරදුනේ. මේ කට්ටිය නොර්වේ අැමෙරිකා ගියෙත් ජාතිවාදය අවුස්සන්න සල්ලි ගෙනෙන්න ලු. හාමුන්දුරුවනේ මේවට උත්තර දෙන්නේ කවදාද? (බ)
නාමල් මහත්තය මේ රට ඔබගේත් අපෙත්.රට ලෝකය දිහා පුළුල් දැක්මක් ඇතිවුන දවසට ඔයාට තේරේවි .අපි බොදුබලය සමග (බ)
බෞද්ධ කෙනෙක් ආගම ගැන කතා කළොත් ජාතිෙවාදී, අපේ මිනිස්සුන්ට මේවා තේරෙන්න කොච්චර කාලයක් යාවිද. (බ)
සම්බුද්ධ සාසනයටත් නිගාවන අයුරින් හැසිරෙන කාටත් තරාතිරම නොබලා දඬුවම් දිය යුතුය (නදී)
මෙන්න මේ පුද්ගලයා හිරගත කලොත් අනාගතයේදී ලක් මවගේ තරුණ ජිවිත රැසක් ආරක්ෂා කර ගත හැකි වේවි. ඒ විතරක් නෙමේ බුදු සසුනත් මොහුගෙන් ගලවා ගත යුතුයි.(නදී)
බොදු බල සේනාව යනු එන්ජීඕ එකක් යැයි නිශ්චිතවී ඇත. භික්ෂුවගේ රට වෙනුවෙන් කාර්ය භාරය ඉතිහාසය කියවා ඉගෙනගන්න. බොදු බල සේනාවේ විනය බලන්න. පිළිකුල් (බ)
ආරච්චි කියල මුස්ලිම් කෙනෙක්. (ස)
මෙයාල ජාතිවාදය අවුස්සලා එයාව පරාජය කරපු එක ගැන ළඟදි කිව්වේ වෙන කවුරුත් නෙමයි හිටපු ජනාධිපතිතුමා. මේ කතා කරන මහත්තුරු ඒගැන මොකද කියන්නේ? (බ)
එතකොට බුදු හාමුදුරුවෝ මිනි මස් කෑව කියල බුදු දහමටම අපහස කරපු අර උරට මොකද කරන්නේ? (බ)
මෙතන බෞද්ධ හෝ මුස්ලිම් ප්‍රශ්නයක් නැහැ. කලබල වෙන්න එපා. මෙතන තනිකරම මෙයාලා කරන්නෙ කොන්ත්‍රාත් දේශපාලනේ. ඒක තේරුම් ගන්න මුස්ලිම් හා බෞද්ධ රටවැසියනි. (ස)
මේ වගේ හිමිවරු සිටින නිසා තමයි බුදුදහමට අද කාලේ මේ තරම් බලයක් තියෙන්නේ. මෙතුමන්ලා මොනවා හරි කළොත් ජාතිවාදේ..අනිත් යට ඕනදෙයක් කරන්න පුළුවන්..නාමල් වගේ අය බලන්නේ පාට කන්නාඩි වලින්..(බ)
හිමි නමකට ගිහියන් ආමන්ත්‍රණය කළයුතු ක්‍රමයක් තියෙනවා. ඒ හා සමානව හිමි නමක් සමාජයේ වචන භාවිතා කළයුතු ආකාරය සහ හැසිරිය යුතු ආකාරය, සහ සමාජය ආමන්ත්‍රණය කළයුතු ආකාරය, ගමන් කළයුතු ආකාරය පිළිබඳ දැඩි විනය නීති පනවල තියෙනවා. ඒවා අකුරටම පිළිපදින මහා සංඝරත්නය අපි ඕනෑතරම් දැකල තියෙනවා. ඕනෑතරම් ඉන්නවා. එනිසා ගලගොඩඅත්තේ හාමුදුරුවන්ටත් එය අදාලයි. නමුත් උන්වහන්සේ බෞද්ධ භික්ෂුවකට උචිත ආකාරයට, ඒ විනය ආරක්ෂා කරමින්, භික්ෂුවකට ගෞරවය ලැබෙන විදියට සමාජයේ හැසිරෙනවද කියන එක විනීත සිංහල බෞද්ධයන් ඇතුළු සැමදෙනාටම ප්‍රශ්නයක්. (බ)
නාමල් වගේ අයට මේව ගැන දැනුමක් නැහැ (නදී)
ලක්සිරි ත්‍රස්තවාදයට වඩා,අන්තවාදි භයානක බව මගේ හැඟීම. (ස)
මෙයාලා දන්නෙ නැත්තෙ බණ විතරයි. දේශපාලනයයි අනික හැම අටමගලෙම පරතෙරට ගිහින්. රට කන්න එපා. ඡන්දයක් ලඟළඟ එන නිසා සිංහල මුස්ලිම් ගැටුමක් ඇතිකරවන්නයි ඔය දත කන්නේ. අහුවෙන්න එපා ඕවට. (ස)
බොදු බලයටවත් බොදු බල සේනාවටවත් අත තියන්න කව්රු හරි හිතන් ඉන්නවා නම් එ්ක කරුණාකරලා වෙනස් කරගත්තොත් හොඳයි (නදී)
නිෂාර්ඩ්, ඔබගේ කියමන මම ඉතා අගය කරමි. ඔබට තුති, ඔබ වැනි අය සමාජයට ඉතා වැදගත් (නදි)
අනිවාර්යෙන් දඩුවම් කළ යුතුයි. මේ ජාතිවාදී රැල්ලෙ පියා තමයි මේ. මේවා අපිටත් එක්ක ලැජ්ජයි. මේ ජාතිය ආගම කරේ තියාගෙන ගෝත්‍රිකයො වගෙ ජීවත්වන කාලයක් නෙමේ. බුදු දහමේ කොතනකවත් මේ වගේ ප්‍රථිඵ්ත්ති ගැන නෑ. (නදී)