අලුත් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම ගැන සාකච්ඡා කිරීමට බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමි හා මාධ්‍ය ප්‍රකාශක ඩිලන්ත විතානගේ ඇතුළු නියෝජිතයෝ පිරිසක් අද (6) මැතිවරණ දෙපාර්තමේන්තුවට ගියහ.
කිසිම මැති ඇමැතිවරයකු බුද්ධාගම වෙනුවෙන් ක්‍රියා නොකරන බැවින් හා අවබෝධයක් නැති නිසා තමන් පක්ෂයක් පිහිටුවාගෙන ඒ වෙනුවෙන් කැපවන බවද ඔවුහු පැවසූහ.
ඡායාරූප හා වීඩියෝ - ඉෂාන් සංජීව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිංහල රට රැකෙන්න නම් සිංහලකම තිබෙන පිරිසක් පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනෑ (නි)
ඔය පවසන දේ කරන්න හොඳම ස්ථානය පන්සල නේද හාමුදුරුවනේ? (නදී)
බුදු බණේ ඔහොම වෙන්න ඇති කියල තියෙන්නේ නේද? (නදී)
මේ වගේ චීවරධාරීන් තමයි ලංකාව හා බුද්ධාගම විනාශ කරන්නේ. මේ කහ රෙද්ද පොරවාගත් මිනිසුන් කරන තුච්ච දේශපාලනය නිසා අපේ දරුවන් අද පන්සලෙන් ඈත් වෙලා. මමත් හොඳ සිංහල බෞද්ධ කාන්තාවක් තමයි අපිට අපේ ලංකාවේ විතරක් නෙමෙයි,ඇමරිකාවේ, යුරෝපයේ හා ඕස්ට්‍රේලියාවේ වත් බුද්ධාගම අදහන්න කාගෙන්වත් කරදරයක් නැහැ. (නදී)
මේ අයටත් අබ සරණයි (බ)
බොදු බලේ ඉල්ලන්න යයිද ? ඉල්ලන් කන්න යයිද මලේ ? කියහන්කෝ (බ)
මේගොල්ලන්ට බලයක් තියෙනවද ? කයිවාරුවයි, තත්වයයි විතරයි (නදී)
මම බෞද්ධයෙක්. හැම පසළොස්වකටම පන්සල් යනවා. ඒ වගේම වාර්ෂිකව දානමය පින්කමකුත් සියලු නෑදෑ හිතවතුන්ගේ සහභාගිත්වයෙන් මගේ ගෙදෙර සිදු කරනවා. එ්ක නිසා අපේ ඡන්දෙ ඉල්ලනවානම් සිවුර හැරලා එන්න. දේශපාලනයට බැහැල වෛරය පතුරුවන කතා කිය කිය අපෙන් වැඳුම් ගන්න නම් හිතන්න එපා. මම කාටවත් වෛර කලේ නැතිවුනත් ඔය බළසේනා වල ඉන්න චීවරධාරීන්ගේ හැසිරීම දැක්කහම අැගේ ලේ නැටුවත් හැම භික්ෂුන් ව්හන්සේ කෙනෙක්ම එහෙම නැහැනේ කියල කේන්තිය නිවාගන්නවා.(නදී)
තවමත් රටේ ජනගහනයෙන් 74% සිංහලයන් සිටින,ඔවුන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු එන සිංහලකමක් නැති සිංහලයන් සිටින පාර්ලිමේන්තුවක් ඇති මේ රටේ සිංහල බෞද්ධ අයිතිය ගැන කතා කිරීම සඳහන් කිරීම රාජ්‍ය විරෝධී ජාතිවාදී ක්‍රියාවකි. සිංහලයාට, බෞද්ධ අයිතිය ඉවර කරන ,සිංහලයාගේ අනාගත අයිතිය නැති කිරීමට සුළු ජාතික ජාතිවාදී කරන ලබන උත්සාහයන් ඔවුන්ගේ විමුක්ති සටනකි..මෙන්න මේ සිංහල ද්‍රෝහී,දේශද්‍රෝහී හැඟීම,අදහස නැති කිරීමටත් ,සිංහලයන් තුල සිංහලකම් ඇති කිරීමටත් බොදු බල සේනා තුලින් බිහි වෙන නායකයාටත් සෙසු සිංහල බෞද්ධ සංවිධානවලටත් හැකිවේවි (බ)
ජාතිවල නම් වලින් පක්ෂ හදල බෙදා ඉවර වෙලා දැන් ආගම් වල නම් වලින් පක්ෂ හදන්න පටන් අරගෙන. අනේ සාදු (බ)
පහත අදහස මගේ නොවෙන බව කරුණාවෙන් දැනුම් දෙමි. "2015-05-07 04:41:12 - කිසිම පූජකවරයකුට මැතිවරණවලට තරඟ කළ නොහැකියි කියා 19 ට සංශෝධනයක් ගෙනෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. (බ)
තවත් හෙළ උරුමයක් නොවේවා (බ)
රකිත්, පුජකවරුන්ට මැතිවරණ වලට තරග කළ හැකි නොහැකි බව ගැන තීරණයක් ගැනීම ඒ ඒ ආගම් වල පූජකයන්ට බාර දීමත් අපේ පුජ්‍ය පක්ෂයේ හාමුදුරුවරුන්ට ධර්ම විනයට පටහැනි නොවන පරිදි දේශපාලනයේ යෙදීමට ඇති අයිතිය ගැන තීරණ ගැනීමත් හමුදුරුවන්ටම පවරලා සිටීමත් ගිහියන් වන අප ඔවුන්ගේ කටයුතු වලට ඇඟිලි ගැසීමට යාමට වඩා යහපත් නොවේද? (බ)
රකිත්, පුජකවරුන්ට මැතිවරණ වලට තරග කළ හැකි නොහැකි බව ගැන තීරණයක් ගැනීම ඒ ඒ ආගම් වල පූජකයන්ට බාර දීමත් අපේ පුජ්‍ය පක්ෂයේ හාමුදුරුවරුන්ට ධර්ම විනයට පටහැනි නොවන පරිදි දේශපාලනයේ යෙදීමට ඇති අයිතිය ගැන තීරණ ගැනීමත් හාමුදුරුවන්ටම පවරලා සිටීමත් ගිහියන් වන අප ඔවුන්ගේ කටයුතු වලට ඇඟිලි ගැසීමට යාමට වඩා යහපත් නොවේද? (බ)
මේ තරම් හොඳ බෞද්ධ රට කැත කරන්න එපා (බ)
චන්දන, ඔයාලට අමාරු සිංහලයා, බෞද්ධයා පක්ෂ හදාගත්තොත් තමයි නේද? එතකොට ඔය ලංකාවේ සුළු ජාතින් පක්ෂ හදාගෙන තියෙන්නේ දෙමව්පියන්ගේ නම්-ගම් වලින්ද? රටෙන් පිට ඉඳන් පණ්ඩිත කථා කියනවා (බ)
කිසිම පූජකවරයකුට මැතිවරණවලට තරඟ කළ නොහැකියි කියා 19 ට සංශෝධනයක් ගෙනෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.(බ)
සිංහල ජාතිය, බෞද්ධ ආගම, ශ්‍රී ලංකාව රැක ගැනීමටනම් මෙවැනි පක්ෂ අත්‍යවශ්‍යයි. සියලුම බෞද්ධ සිංහලයන් මේ වටා රොක්වියයුතුයි. (බ)
බුදුහිමියනේ බල තණ්හා !!! අනේ ගිය කලක් මේ අයට (බ)
බලාගෙන ඉමුකො (බ)
රකිත් එ්කට නම් අර හාමුදුරුවෝ අකමැති වෙලා පෙළපාළිත් යයි. (බ)
මෙදා පාර මොනවද කරන්න හදන්නේ ... (නි)
නමට නොව නියම ලෙසට සිංහල බෞද්ධ අයිතිය වෙනුවෙන් ක්‍රියාකරන ,මේ සිංහල රටයි ප්‍රසිද්ධියේ කියන නියම සිංහල දේශපාලන පක්ෂයක් බිහිවේවා. (නි)
බුදුදහම රැකගන්න ඕනෑ බෞද්ධ දර්ශනය සහ යථාර්තය පන්සල තුළින් ජනතාවට අවබෝද කර දීලා. එහෙම නැතුව දේශපාලනය තුළින් නෙමෙයි (නි)
නීතියෙන් මිනිසුන් ආගම් වලට සම්බන්ධ කළනොහැකිය. යතිවරුන් දහම කුමක්දැයි තමා පිළිපදිමින්ම මිනිසුන්ට තෝරා සත්‍යය අවබෝධ කර දියයුතුය. (නි)
මොවුන් කටයුතු කළේ ශ්‍රී ලාංකික රටවැසියන් නිසාවත්, ධර්මය නිසාවත් නොවන බව පසුගිය ක්‍රියාකලාපයන් දෙස බලනවිට කාටත් පිළිගැනීමට සිදුවෙනවා ඇත. "බොදු" යන වචනය දේශපාලන පක්ෂ සඳහා නොයෙදීමට මැතිවරණ කොමසාරිස්තුමා වගබලාගත යුතුව ඇත. (නි)
සිංහල ජාතියේ වාසනාවට බිහි වූ දෙවිවරු පිරිසක් (නි)
අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
ඔය චීවරය ගත්තේ සියලුම අාසාවන් නැති කරලා නෙවෙයිද? (නදී)