බොදු බල සේනාව පිළිබඳ අසත්‍ය ප්‍රචාර කරමින් හා කරුණු විකෘති කරමින් සිය දේශපාලන අරමුණු හා ව්‍යාපාරික අරමුණු ඉටු කර ගැනීමට ජාතික හා ජාත්‍යන්තර කොන්ත්‍රාත් භාර ගත් පුද්ගලයින් හා ආයතන ක්‍රියාත්මක වන බව බොදු බලසේනා ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
‘බොදු බල සේනා දේශපාලන පෙරමුණ‘ කරළියට ඒමත් සමග බොදු බල විරෝධී මාධ්‍ය හැසිරීමද බලවත් වූ බව දක්නට ලැබුණු බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා බොදු බල සේනා දේශපාලන පෙරමුණ අතර නැති සම්බන්ධයක් ඇති කිරීම, බටහිර කුමන්ත්‍රණයක් පිළිබඳ වැරදි ලෙස චෝදනා කිරීම, බොදු බල සේනා දේශපාලන පෙරමුණේ නායකත්වයට කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රීලනිප නායකයෙක් සම්බන්ධ වීම් පිළිබඳ ඇතැම් අසත්‍ය වාර්තා දක්නට ලැබුණු බවත් ඔහු කියයි.
අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බොදු බල සේනා සංවිධානයක් ලෙස හා පුද්ගලිකව ක්‍රියාකරන බව ද විතානගේ මහතා පැවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතැන ඇති බොදු බලයක් නැහැ. තියෙන්නේ උග්‍ර ජාතිවාදී උම්මත්තක කල්ලි ගැහීමක් පමණයි. මේ අයගෙන් සමාජයට විනාශයක් මිස යහපතක් නම් වෙන්නේ නැහැ. මේ කල්ලිය වහාම පලවා හැරිය යුතුමය. නැතිනම් බේරුවල වැනි තවත් විනාශයකට උඩ ගෙඩි දීමක් පමණයි.(නදී)
ඔබ තුමාගේ අදහස මමත් පිලිගනිමි.(නදී)
මෙයට කලින් නීති ක්ෂේත්‍රෙය් ඉහළම කෙනෙක් මෙයට සම්බන්ධයි (නදී)
බොදුබල සේනා සංවිධානය කලයුතුවන්නේ බෞද්ධ පුනර්ජීවනය වැඩිකිරීමට කටයුතු කිරීම පමණයි. සිංහල බෞද්ධ අපට ලෝකය ඉදිරියේ නරක ප්‍රතිරූපයක් ලබා දුන්නේ ඔය සංවිධානය බවයි මගේ හැඟීම.(නදී)
මෙතන තියෙන්නේ බොදු බලයක් නෙමෙයි බුදුදහම විනාශ කරන කල්ලියක්. මොවුන්ට නොරැවටෙන්න (නදී)
'ඔවා දෙනු පරහට... තමා සම්මතයේ පිහිටා සිට' ...එ්ත්, අර මනුස්සයා මේ මනුස්සය යන වචන වලින් නම් නොවේ. (නදී)
බේරුවල ප්‍රශ්නය ඇතිකළේ බොදුබල බලය නෙවෙයි, යූ ටියුබ් ගිහින් බලන්න සම්පුර්ණ විඩියෝ එක, බොදු බලය මතු වන්නේ සුළු ජාතික අන්තවාදීන්ගේ යම් යම් ක්‍රියා කලාප නිසයි (බ)
බොදුබල සේනාව යනු නෝර්වේජියන් ආධාර ලබන මහින්ද විරෝධී සංවිධානයක්. මහින්ද පරාජය කිරීමට නෝර්වේජියානු අවශ්‍යතාවය මත මෙයාලත් ලොකු මෙහෙයක් කළා. (නදී)
ඔබලාට පින්සිදු වේවි ......මේ සංවිධානයට සහයෝගය නොදකවනවානම් ජාතිවාදය,කුලවාදය ,තිබෙන තුරු රටක් දියුණු වන්නේ නැහැ. මොවුන් වපුරන්නේ මේවායි (බ)
සම්පත් ......මහින්දව පරාජය කළේ වෙනකව්රුවත් නොවේ ....රටේ ජනතාවයි .......ඔවුන් ඒකාධිපති වියරුවෙන් මුළු රටම ගිලගෙන තිබුන නිසයි. (බ)
මම නම මෙම බොදු බල සේනාව යන සංවිදානය දකින්නේ අන්තවාදී ජාති වාදී, ආගම් වාදී , ලංකාවේ සියලු ජාතින් සහ ආගම් අතර ඒකීය බාවයට අහිතකර සංවිදානයක් හැටියට. වැදි බණ මැදින් මුනි බණ තෝරා අසනු , වැදි බණ දෙසන සඟ ගණ උව පිටු දකිමු (නදී)
සමහරු තමන් විසින්ම ඔය වගේ ප්‍රචාර ඇරලා අනිත් අයට දොස් කියනවා. ඉඳලා හිටලා මොනවාහරි කියන්නත් ඕනෑනේ (නි)
චානක, මැතිවරණ සිතියම බලන්න.එතකොට පෙනේවි කවුද මහින්ද පරාජය කළේ,මොකටද පරාජය කළේ කියා.ඔයා ගියා කියලා ඔක්කොටම ලොස් ඇන්ජලිස් එන්න බැහැ.අපිට කියා උරුමවුණ සංස්කෘතියක් තියෙන රටක් අපිට ඕනෑ.ඔයා ගිය එක නම් හොඳයි.ඔය වගේ අය මොකටද අපිට? (නි)
අන්තවාදයේ විෂබීජ වපුරන්නන් ඇත්නම් අපේ රට වගේම බුදු දහමත් එවන් පිරිසෙන් ගළවාගත යුතුයි. (නි)
පක්ෂයක් හැටියට ලියාපදිංචි නොකළ යුතුයැයි මම සිතමි. (නි)
වරදාන ලබාගැනීම සඳහා යමෙක් බොදුවන්ගේ නම විකුණමින් වාසියට කටයුතු කරනවා නම් අපි ඊට විරුද්ධයි (නි)
සිවුර අතේ අරගෙන නොසරුප් වචන කියමින් යන එක විතරයි තවම දේශපාලන පක්ෂ වලට අඩුවුණේ. (නි)
බලපෙරේත දේශපාලනය නිසා අද සිංහලයා මුහුණපා ඇති අවාසනාවන්ත තත්වයට නියමිත පරිදි සාර්ථකව මුහුණ දීම සඳහා බොදුබල සේනාවටත් වැඩිය ක්‍රියාකාරී සිංහල සංවිධානයක් අවශ්‍යව ඇත.බොදු බල සේනා සහ අනෙකුත් සිංහල සංවිධාන වලට විරුද්ධව කතාකරන අය තමන්ගේ දරුවන්ට තම වාසගම තැබුවේ මන්ද? එමෙන්ම ඔවුන් සිංහල සංවිධාන වලට දොස් පැවරීමට ප්‍රථම හැකිනම් කාත්තන්කුඩියේ, අක්කරේපත්තුවේ සහ උතුරේ පළාත් පාලන ආසනයක් හෝ ජයගෙන සිංහල අයිතිය ගැන කතාකරන අයට දොස් පැවරිය යුතුය. අඩුම වශයෙන් අද විල්පත්තුවේ අසිංහල ජනපද පිහිටුවීම සඳහා කර ඇති විනාශයවත් මේගොල්ලන්ට පෙනෙන්නේ නැද්ද? (නි)
කුමාරන, එතකොට ලංකාවේ වැඩියෙන් ඉන්නේ සිංහලයෝ නෙමෙයිද? මහින්ද සුළු ජාතික ඡන්ද නැතිකර ගත්ත එක ඇත්ත. නමුත් සිංහලයෝ බොහෝ දෙනෙකුට ඒ පාලනය එපාවෙලා තිබුනේ. (නි)
" බොදු බල සේනා " මෙයින් අපිට නම් ධ්වනිත වන්නේ හුදෙක් ආගම්වාදී සහ ආවේගශීලි මෙන්ම ප්‍රකෝපකාරී හැඟීමකි. බුදුන් වහන්සේ විසින් හෝ බුදුහමේ කොතනකවත් "සේනා" මගින් බුදුදහම පතුරුවන්නට හෝ පවත්වාගෙන යන්නට කටයුතු සකස්කොට නැත. අනිච්ච, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණ මුල් කොටගත් අහිංසාවාදී බුදුදහම අද ලොව පුරා විහිදී පැතිරී ඇත්තේ බුදුන් දවස සිටම කිසිදු බලපෑමකින් තොරවය. බොදු බල සේනාවක් අවශ්‍ය වෙන්නේ බුදු දහමට සතුරුකම් කරන වෙනත් කණ්ඩායමක් ඇතිවුණොත් එය පරාජය කිරීමට පමණයැයි මම සිතමි. දේශපාලන පක්ෂයක් හදාගෙන පාර්ලිමේන්තුවට යන්නට මේ අය සුදානම් වෙන්නේ බුදුදහම රකින්නද? බෞද්ධයා රකින්නද? මෙය කාගේත් සැළකිල්ලට ගත යුතු බව මගේ හැඟීමයි. (නි)
එක එක වෙලාවට එක එක දේවල් කියනවා. ලකුණු ගන්න සහ බලය ගන්න. ලංකාවේ දුටුගැමුනු කියාගත් කෙනෙකුත් ඉන්නවා. දැන්නම් ශබ්දයක් නෑ (නදී)
කුමාරන, මැතිවරණ සිතියම බලන්න කියල ඔබ කියන්නේ උතුරු නැගෙනහිර ගැනනේ ඔබ කියන්නේ ඒ අය ලංකාවේ වැසියෝ නොවේ ද ? අපේ ප්‍රධාන පක්ෂයක අපේක්ෂකයාට ඒ මිනිස්සු ඡන්දෙ දීම වරඳක් ද? ඔබ වැනි අයගේ ඔය වගේ අදහස් නිසා තමයි ඒ මිනිස්සුන්ටත් වෙනම රාජ්‍යයක් තිබුන නම් හොඳයි කියල හිතෙන්නේ. (නදී)
බහුතරය වෙනුවෙන් කව්රුන් හෝ පෙනී සිටිය යුතුය(නදී)
දේශපාලනයට වැඩිය ගමේ මත්පැන්, කුඩු ජාවාරම නැතිකිරීම සමාජය හරි මගට යොමු කිරීම දිනෙන් දින වැඩි වන මිනීමැරුම් ආදිය වැළැක්වීම බොදු බල සේනාවට කළ හැකිය. (බ)