ලංකාවට කුඩු ගෙන්වන අයගේ නාම ලේඛනය වහා හෙළිදරව් කරන්නැයි බොදුබල සේනා සංවිධානය ඉල්ලයි.
කෙතරම් අවලාද නැගුවද , කෙතරම් තාඩන පීඩන ඇති කළද , තර්ජන ඇති කළද බොදු බල සේනාව කිව යුතු තිත්ත ඇත්ත කියන්නට බය නැතැයිද බොදු බල සේනා ව කුඩු ගැන හෝ දුෂණ ගැන කතා කළේ ඡන්ද බලා ගෙන නොවන බවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානයේ ලේකම් ඩිලන්ත විතානගේ කියයි.
ජාතික වශයෙන් "කුඩු විරෝධී " මෙහෙයුමක් කිරීමට අප තීරණය කල අතර එය රටේ ප්‍රධානම කුඩු නගරයක් වූ "කොළොන්නාවේදී" 2013 ජුලි 28 දින ප්‍රසිද්ධ බොදු සමුළුවක් පවත්වා දියත් කිරීමට තීරණය කළ බවද ඔහු කියයි.
ජනතාව දැනුවත් කිරීම තුළින් අනාගතයේදී සම්බන්ධ විය හැකි පිරිස් අවම කිරීම , විශේෂයෙන් තරුණ හා පාසල් සිසුන් බේරා ගැනීම, තොරතුරු එක් රැස් කිරීම තුලින් ගත යුතු ක්‍රියාමාර්ග වලට එළඹීම, දැනට මේවාට හුරු වී ඇති පිරිස් ක්‍රමයෙන් ඉවත් කිරීම, පුනරුත්ථාපන කටයුතු, පුහුණු කිරීම් ආදී වූ විවිධ ක්‍රියාදාම යොදා ගනු ලබන අතර ඒ සඳහා බෞද්ධ විහාරස්ථාන කේන්ද්‍ර කොට ප්‍රජා මට්ටමේ ස්වේච්ජා ඒකක පිහිටුවීමටත් පියවර ගන්නා බව එම සංවිධානය කියයි.
ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ පරිදි මත්කුඩු ජාවාරම් කරුවන් මැඩලීම පිණිස විශේෂ බලකාය පිහිටුවීම, සියලු මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ නම් ගම් හෙළිදරව් කිරීම, සුවිශේෂ පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඇති කිරීම, දුම් වැටි විරෝධී කටයුතු වැඩි කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොදු බලයට ජයවේවා! (නි)
ඔය නම් ටික නම් ඉතින් නොදන්නා කෙනෙක් නැහැනේ (නි)
පළමුව පුනරුත්තාපනය කරන්න ඕනෑ කවුද කියලා අපි නම් දන්නවා (නි)
රසිකා,බොදු බලය මෙතන කුඩු ව්‍යාපාරය කරගෙන යන අයගේ නාම ලේඛනය ඉල්ලන්නේ. යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ ඔයා... (නි)
දැන් මේ රටේ පොලිසිය සහ අනෙකුත් බලධාරීන්ගේ රාජකාරී පුජ්‍ය පක්ෂය බාරගන්නද යන්නේ? (නි)
බුදුදහමට නිගාකරන දේවල් කිසිවක් කරන්න එපා (නි)
හෙට අනිද්දම බලාගන්න පුළුවන් කවුද කියලා. ඔබට අන්න එදාට තේරෙයි කුඩු නැති කරන්න මෙහෙයුම් පටන්ගන්න ගියේ කා එක්කද කියලත්. (නි)
කලුපෙරුමගේ, අනේද කියන්නේ? අනික ඉතින් එයාලා පොලිස් නෙමෙයිනේ එයාලට දෙන්න. නේද? ඒවා ඉතින් නීතිය කරවන කට්ටිය කරයි. ඕගොල්ලොත් මේ අපි වගේ දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න (නි)
මම නම් හිතන්නේ ආණ්ඩුව ජවිපෙ එක්ක සමඟ එකතුවෙලා ඒ වැඩේ කරයි කියලයි (නි)
පුනරුත්ථාපනය කරන්න ඕනෑ කවුද කියලා මට මෙතන ලියන්න අමාරුයි (නි)
කුඩුකාරයන්ගෙන් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් ගත් අයත් මේ වෙනකොට සමහර පන්සල් ගානේ යනවා දකින්න පුළුවන්. (නි)
දැන් බොදුබලය පොලිසියේ වැඩ ටික බාරඅරගෙනද ? ඔන්න එහෙනම් මෙයාලට දෙන්නකෝ නම් ටික. (නි)
නම් ලිස්ට් එක ඇහුවා නම් ටක්ගාලා කියන කෙනෙක් මම දන්නවා (නි)
කළ වැරැදි වලට දඩුවම් ලැබෙනකල් ඉවසලා හිටියොත් මොකද?(දිල්)
කාටහරි මොනවාහරි කිවුවේ නැත්නම් මෙතන ඉන්න සමහරුන්ට නින්ද යන්නේ නැහැ. මම හිතන්නේ මේ සසර පුරුද්ද වෙන්න ඇති (නි)
ඇයි ඉතින් මේ දේවල් කලින් කරන්න බැරිවුණේ? (නි)
සමහරුන්ට මොනවාහරි කියන්න තියෙන්නත් ඕනෑනේ. (නි)
අපි නොදන්නා ලයිව් කිවුවලු. (නි)
කතා වැඩක් නැහැ අපිට. වැඩ කරලා පෙන්වන්න (නි)
දැන් මේකෙන් ඉදිරියට මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
ඒ මොකටද මේ අයට දෙන්නේ? මට නම් තේරෙන්නෙ නැහැ (නි)
මෙච්චර කාලයක් කුඩු ගෙනා අය ගැන කවුරුවත් කතාකළේ නැත්තේ ඇයි දන්නෙ නැහැ (නි)
පසුගිය කාලේ කාටවත් කුඩුකාරයෝ රටේ ඉන්නවද කියලවත් මතකයක් තිබුනේ නැහැ. මෛත්‍රී පාලනය යටතේ පොලිසිය ස්වාධීනව ඒ කාර්යය හොඳින් කරයි. ඒකට තමයි ජනතාවගේ මුදලින් වැටුප් ගන්න පොලිසියක් මේ රටේ ඉන්නේ. (නි)
කුඩු වසංගතය වගේම ජාති ආගම් බේද අවුස්සන වසංගතත් නැතිකරන්න ඕනෑ. (නි)
රටේ මිනිස්සු ගොනාට අන්දපු කාලේ ඉවරයි. දැන් ඉතින් පිනක් දහමක් කරගෙන වදයක් නොවී ඉන්නවනං කාටත් හොඳයි (නදී)
කුඩු වසන්ගතයටත් වැඩිය මේ රටේ බෞද්ධ සාරධර්ම විනාශ කලේ බොදු බලයයි. මහින්ද රාජපක්ෂ නමැති චරිතය විනාශ කලෙත් බොදු බලයයි. අයෙත් හුළු අතු පත්තු කරන්නද හදන්නේ? (ස)
හලෝ දිලන්ත, ඕගොල්ලෝ උත්සාහ කරන්නේ නම ගම දැනගන්නද? අපේ ඥානසාර හාමුදුරුවෝ ඔය සේරම දන්නවා වගේනේ ඒදවස්වල කතාකරේ. බලනකොට ඔක්කොම බයිලා රජාල . දැන් ඕගොල්ලන්ගේ ගැන ඔක්කොම දන්නවා. (ස)
අනේ ඔයාල තොත්ත බබාලනේ ....(ස)
ස්වාමින්වහන්ස, මෙය ඉතාම හොද ප්‍රකාශයක්, ඔබ වහන්ස හැර වත්මන් දේශපාලනයේ කිසිම දේශපලකයෙක් අද වනතුරු මෙවැනි දේවල් ගැන කොන්ද කෙලින් තියාගෙන කතා කලෙත් නැහැ කරන්නේනේත් නැහැ. එයට හේතුව බල ලෝබය, ඡන්ද වලට තියෙන කෑදරකම සහ තමන්ගේ දේශපාලන ප්‍රතිවාදියාගෙන් පලි ගැනීම් වැනිපටු අරමුණු මුදුන්පත් කරගෙන මේ යන විනාශකාරී ගමනක් මිස රට, ජාතිය අාගම ගැන කිසිම කැක්කුමක් නැති දේශපාලකයෝ පිරිසක් තමයි අපේ රටට බිහිවෙලා තියෙන්නේ, ඒ නිසා ස්වාමින්වහන්ස ඔය නඩයට හොඳට තේරෙන භාෂාවෙන් තේරුම් කරලා දෙන්න ඔබ කියන්න හදන දේ. ඔබ වහන්ස සමග අති විශාල ජනකායක් ඉන්නවා කියන එක මතක් කරමි. (ස)
මේ අයට අමුතුවෙන් නම් ඕනද? ඒ කියන්නේ රටේ වෙන කිසිම දෙයක් බොදුබලේ දන්නේ නැහැ? අනේ මොකටද මෙහෙම සංවිධාන? (ස)
පසුගිය කාලේ එතනෝල් කාරයන්ගෙන් සල්ලි ගත්තා කියලා බොදු බල සේනාවට චෝදනා අවා. මේ කුඩු කාරයන්ගේ නාම ලේඛනය ඉල්ලන්නේ එවුන්ගෙනුත් සල්ලි එකතු කරන්නද දන්නේ නැහැ. (ස)
කුඩුකාරයා නම් කුඩු ගහලා එයා විතරයි විඳවන්නේ. නමුත් ජාතිබේද ආගම් බේද අවුස්සන අය මුලු රටම විනාශ කරනවා (නි)
මොන දේ කළත් කමක් නැහැ. සිංහල බෞද්ධයන් දේශපාලන අතකොලු කරගන්න හදන්න එපා. (නි)
මේකට අපි පුලුවන් විදියට සහාය දෙමු (නි)
බුදුන්ගේ ධර්මය අනුව යායුතු ගමනත්, නොයායුතු ගමනත් දැන්වත් තේරුම් ගන්නවා නම් එය ධර්මයට සිදුවෙන ගෞරවයකි. (නි)
අර රාජගිරියේ ඇළ අයිනේ තියෙන ආණ්ඩුවේ මණ්ඩලයකට අයත් යැයි කියන ඉඩම බලෙන් අල්ලාගෙන ඉන්න අයත් සොයන්න. (දිල්)
ඔක්කොටම කලින් පුනරුත්ථාපනය කරන්න ඕනෑ වැදගත් විදියට කතාකරන්න දන්නෙ නැති කට්ටිය (නි)
ඔය නම් ලැයිස්තුව අපේ බන්දුල පෙරේරා හෙවත් පිවිතුරු යහපාල ළඟ නැතිවෙන්න බැහැ. හැබැයි ඉතින් පිස්සු වැටිලා වගේ මේ දවස් වල දඟලන නිසා මෙතන ලියන මිනිසුන්ගේ නම් ටික දෙයිද දන්නේ නැහැ. (නි)
බොදුබලය ධර්ම කටයුතු විතරක් කරන්න. ආණ්ඩුව බලාගනියි කුඩුකාරයෝ ගැන. (නි)
ඉතින් දැන් ඇයි කෑගහන්නේ? ඔය කියන වැඩපිළිවෙළට කලින් ආණ්ඩුවෙන් සහායක් ඉල්ලුවේ නැත්තේ ඇයි ? ඔය වසංගතය 2015 ජනවාරි මාසයේ ලංකාවට ආ අලුත් ප්‍රශ්නයක් නෙමෙයිනේ. (නි)
අයියෝ! ඕකත් මහ ලොකු දෙයක්ද? දෙන්නම්කෝ .... (නි)
එහෙනම් ඉතින් දෙමු නේද? (නි)
රටේ මිනිස්සු බුද්ධිමත් (නි)
කෝ මේ අපේ හාමුදුරුවෝ? හරිම නිශ්ශබ්දයි වගේ (නි)
ඒ කාලේ කරන්න ගිය දේවල් අපිට අමතක නැහැ (නි)
ඔය නම් ලැයිස්තු කලින්නේ සොයන්න තිබුනේ (නි)
මහත්තයෝ, ඡන්දයට කලින් ඔබතුමන්ලා කොහෙද හිටියේ? ඔය දේවල් ඡන්දයට කලින් අහන්න තිබුණු දේවල්නේ.දැන් ප්‍රමාද වැඩියි ඕවා අහන්න. (නි)
හාමුදුරුවනේ, බුද්ධාගමට අනුව පන්සලකට වෙලා ආගම ධර්මය ගැන අනුශාසනා කරනවා නම් අපි කැමතියි (නි)
මේක පරණ ආණ්ඩුව නෙමෙයි. නීතිය ඉටුකරන්න පොලිසිය ඉන්නවා. (නි)
බොදු බලය,නම් ඉල්ලන්නේ එයාලට ආධාර දෙන අයගේ නම් ටිකත් ඔතන තියෙනවද කියල බලන්නන වෙන්න ඇති (දිල්)
කොහොමහරි මේ නම් හොයලා දෙමු (දිල්)
වර්තමාන ජනාධිපති තුමා සෞඛ්‍ය ඇමති වෙලා හිටපු කාලේ දුම්වැටි පෙට්ටියේ සඳහන් රූප ගැන විශාල අරගලයක් කළ අවදියේ ඔබ වහන්සේලා නිදාගෙනද හිටියේ? බොරු කරන්නේ නැතිව මහින්ද මහතා සහ ගෝඨාභය මහතා සමග කෙලින්ම දේශපාලනය කළොත් නරකද? පැත්තෙන් ඉඳන් මුක්කු ගහන්නේ නිවටයෝ කියලයි අපි නම් අහල තිබෙන්නේ.(දිල්)
දැන් මොකද්ද මේ වෙන්න යන්නේ (දිල්)
අවසර අපේ හාමුදුරුවනේ, මේකද මේ යහපාලනය කියන්නේ? (නි)
කරන දෙයක් කරනවා නම් ඉක්මණට කරලා පෙන්වන්න. (නි)
බොදුබලේ ආණ්ඩුවට කඩේ යනකොට කුඩු කාරයන් ගැන කිසි කතාවක් නෑ , ඇති වෙනකම් ජාතිවාදය පතුරවල මිනිස්සු කොටවල, සම්බුද්ධ ශාසනය කැළැල් කරලා දැන් මෙතන එනවා සුදනෝ වගේ කුඩු හොයන්ඩ (බ)
බොදු බලේටත් කුඩු කාරයන්ටත් උදව් කලේ එකම අයනේ. බොදු බලේ ගිහින් අහ ගන්න අන්න ඒ අයගෙන්. (නදී)
කුඩු විතරක් නොවෙයි, එතනෝල් බිලා වාහන පදවා පොලිසිය සමග දබරකරන්නන් උසාවි දැමිය යුතුයි. ඇඳුමේ සංවරය නැති කතාවේ සංවරය නැත අය ගැන සුදුස්සක් කලයුතුයි (නදී)
ඔයාලා ඡන්දයට පෙර කොහෙදිද කුඩු ගැන කතා කළේ? (නි)
නම් ලිස්ට් එක එයාලට දෙන්න ඕනෑද? දුන්නහම එයාලා මොනවාද කරන්නේ? (නි)
ගිහාන්, ඒ කාලේ විරුද්ධ වෙන්නේ කොහොමද? (නි)
ඔය ප්‍රශ්නය ඉක්මනට ගිහින් අහන්න. මතක නැතිවෙන්න පුළුවන් ප්‍රමාද වුණොත්. (නි)
නාම ලේඛන ඕනෑ නැහැ. රටේ කාටත් පොදු නීතිය අනුව නඩු දාලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන අරගෙන එන්න, උසාවියකින් වරදකරුවන් වන්නන්ට මහජන නියෝජිතයින් හැටියට ඡන්දය ඉල්ලන්න බැහැ කියලා. (නි)
කොහොමහරි කමක් නැහැ කුඩු වසංගතය නැතිවෙනවා නම් (නි)