මහබැංකු අධිපතිවරයාගේ නිල කාලය තව නොබෝ දිනකින් අවසන් වීමට නියමිත බවත් පසුගිය කාලයේ සිදුවූ බැඳුම්කර සිද්ධීන් සඳහා වගකිවයුතු නිසා නැවත ඔහු එම තනතුරට පත් නොකරන ලෙස ජනපතිගෙන් හා අගමැතිගෙන් ඉල්ලා සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා අද (15) පැවසීය.
ආණ්ඩුව සාමාන්‍ය ජනතාව මත බදු බර පටවා ජනතාව පීඩාවට පත් වී ඇති බවත් ඒ නිසා ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කරන බවත් ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමන්ලාගේ ඉල්ලීමට අපේ ඉහළම කැමැත්ත හිමිවෙනවා ඇත. යහපාලනයේ පිරිසිදු බව නැති කරගත්තේ මහා බැංකු බැඳුම්කර සිදුවීම මඟිනි. එය තවදුරටත් ඉදිරියට යන්නේ නම් ජනතාව තුළ ඇතිවන සැකය සාධාරණ විය හැකිය. (නි)
ඕගොල්ලෝ දේශපාලනය කළාට අර්ජුන් මහේන්ද්‍රලා පිටිපස්සේ ඉඳලා ලංකාව ආර්ථික වශයෙන් වට්ටන්න හදන මහා මොළකාරයා කවුද කියලා හඳුනාගත්තේ නැහැනේ. (නි)
මේ අය තමයි පාලකයන් බලයට ගේන්නේ. (ර)
වැඩ කරන්නේ කඩේ ඇතුළේ. පඩි ගෙවන්නේ මුදලාලි. බඩු කිරන්නේ හොරට. පාරිභෝගිකයා ශේප් කරගන්න කියනවා බඩු හොඳයි, එ්ත් ටිකක් පරණයි කියල. (නි)
අනේ ලාල් මහත්තයෝ, අපිව මේ මරඋගුලෙන් ගළවාගන්න (නි)
පරිණත දේශපාලන පක්ෂයක් හැටියට තවදුරටත් ඔය වාදය කරගෙන යන්නද ඔබගේ කල්පනාව. (නි)
කරපු දෙයක් නැහැ කියන්න එපා. මේ අය සුනාමිය වෙලාවේ මොනතරම් සේවයක් කළාද? වෙලා තියන්නේ අපේ මිනිසුන්ට කෙළෙහිගුණ නොදන්නාකම. (නි)
බදු වැඩි වෙලා මිනිස්සුන්ට ආණ්ඩුව එපා වෙලා (ම)
කරපු දෙයක් නැහැ කියන්න එපා ,හැම සැරේම දුෂිත පලකයෝන්ව බලයෙන් එලවල දමන්න මෙයාලා ලොකු සහයක් දුන්නා (ම)
කරන දෙයක් නාටකයක් කරන්න ලොක්කාගෙන් අහල නැත්තම් උරණ වේවි (ම)
මේ ගොල්ලොත් දැන් ජනතාවට එපාවුණ ගොඩට වැටිලා ඉවරයි (නි)
අපිට අහන්න තියෙන්නෙත් දැන් ඡන්දය දුන් අයට සතුටුද කියලා විතරයි (නි)
හැමදාම ඉතින් විරෝධතා විතරයි. කරපු දෙයක් නැහැ මේ රටට. මෙයාලව බලයට ගෙනෙන්න හොරෙන් හොරෙන් පන්දම් අල්ලලා දැන් බොරුවට කෑ ගහනවා. මෙයාල කැමති හැමදාම රටේ ප්‍රශ්න තියනවට. නැත්නම් මෙයාලට පැවැත්මක් නැහැ. (නි)
බදු වැඩිකළාට ගණන් ගන්න එපා. ඔහොම බොරුවට ටිකක් කෑගැහුවට කමක් නැහැ (නි)
කතාව ඇත්ත. ඒත් මේවට පළමුව වගකිවයුත්තේ ඔබමයි. ඔබලා යහපාලනය දිනෙව්වේ රටට ආදරයට නොවේ නේද? මේ රටේ අපි අවදියෙන් බව තේරුම් ගන්න (නි)
දැන් ඔබට සතුටුද? (නි)
අර ආණ්ඩුවට එරෙහි දැවැන්ත විරෝධතා ව්‍යාපාරය පවත්වන්නේ කාගෙන්හරි අවසර අරගෙනද දන්නෙ නැහැ (නි)
ඉතින් ඔය කතා ටික අනුර කුමාර මහත්තයා ජනාධිපතිතුමාට හෝ අගමැතිතුමාට පුද්ගලිකව කියලා මොනවාහරි යමක් කරගන්න බැරිද? අපිට ඕවා අහලා එපාවෙලයි තියෙන්නේ. ඔය කොයි කවුරුත් එකයි කියලා තමයි අපිට හිතෙන්නේ. කරුමෙට මේ පින්බිමේ ඉපදුන හින්දා කාගෙන ඉන්නවා හැර වෙන මොනවා කරන්නද? (නි)
මෙයාල කියන විදියට, ණය ගන්න බෑ, බදු මිල වැඩි කරන්නත් බෑ, පඩි වැඩි කරන්නත් ඕන, වැඩ කරන කාලය අඩු කරන්නත් ඕන, සියලු දෙනාටම රක්ෂා දෙන්නත් ඕන, අයිතිවාසිකම් දෙන්නත් ඕන, මේ දේවල් ලෝකේ කොයි රටේද දන්නේ නැ මේ දේවල් දෙන්නේ. (ර)