IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බදු පොලු කාරයන් සිටිද්දී වැටි ගැසීම අසාධාරණයි

(යොහාන් භාසුර)

රුපියල් කෝටියකට වඩා බදු පොලු තැබූ එක්දහස් දෙසීයකට අධික පිරිසකගෙන් බදු එකතු නොකර මෙරට සෑම පුද්ගලයෙක්ගෙන්ම රුපියල් 30,000 බැගින් වැට් බදු අය කිරීම අසාධාරණ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ආර්ථිකය ස්ථායීකරණය වී ඇති බව මතුපිටින් පේන්න තිබුණ ද ආණ්ඩුව සාමාන්‍ය ජනතාව මත අධික බදු බරක් පටවා ජනතාව පීඩාවට පත් කරමින් සිටින බව කී පාඨලී චම්පික රණවක මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටියට වඩා බදු පොලු තැබූ ජාවාරම්කාර ව්‍යාපාරිකයන් 1,212 ක් සිටින බව ද සඳහන් කළේය.

වැට් බදු වැඩි කර මේ රටේ පොඩි දරුවාගේ සිට මහලු පුද්ගලයා දක්වා එක් අයෙකුගෙන් රුපියල් තිස්දාහස බැගින් බදු වශයෙන් අයකර ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ද රණවක මහතා කීය.

රට ගොඩනැගීම සඳහා ප්‍රායෝගික වැඩසටහනක් අවශ්‍ය බවත් ඒ සඳහා පුළුල් දේශපාලන සන්ධානයක් ඉදිරියේදී සැකසීම වෙනුවෙන් කැපවෙන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පාඨලී චම්පික රණවක මහතා බෙන්තරදී පැවති ජන හමුවකදී එසේ පැවසීය.

 



අදහස් (10)

බදු පොලු කාරයන් සිටිද්දී වැටි ගැසීම අසාධාරණයි

Lal Saturday, 27 January 2024 10:27 AM

රෝහණ විජේවීර සහෝදරයා බලාපොරොත්තු වූ පූර්ණ සමාජ වාදය වෙනුවෙන් නැවත අවි ගනිමු - JVP අපි

:       14       3

Rata PerataSunday, 28 January 2024 02:37 PM

අහම්බයක් වගේ උපදින අයට ඔයවගේ අදහස් එනවා. රාජපක්ෂලා කඩේ යනවා.. රෙදි නැතිව මෙතැන ඇවිත් විකාර කතා කියනවා.

:       1       1

පැරකුම් Saturday, 27 January 2024 10:33 AM

අනේ පාඨලී එහෙම කරලා කොහොමද අපේ ගජ මිතුරන්ට…!

:       2       12

Rata Perata Saturday, 27 January 2024 10:47 AM

සම්පූර්ණ ඇත්ත...

:       1       11

Sanath Dubai Saturday, 27 January 2024 12:01 PM

පහුගිය හැම ආණ්ඩුවේම ඇමැතිකම් දරපු ඔහෙත් මේ විනාශෙට වග කියන්න ඕනෑ​. දැන් බබා වගේ කතා කරාට​...

:       1       16

HafeelSaturday, 27 January 2024 05:10 PM

මමත් ඔබගේ අදහසට එකඟයි. දැන් මෙයාත් පුළුල් දේශපාලන සන්ධානයක් සැකසනවලු. මෙයා කියන එම බදු වංචා, හොරකම්, දූෂණ සේරම කලේ මෙයාත් නියෝජනය කළ ආණ්ඩුව තුළ මිස, මෙයා විපක්ෂයේ ඉන්න කොට නොවේ. තවද විමල්, ඩිලාන්, සජිත්, ලන්සා එයාලත් පුළුල් දේශපාලන සන්ධානය හදනවාලු. එතකොට ඊළඟ ඡන්දෙට පුළුල් දේශපාලන සන්ධාන කීයක් බිහිවෙන්නද යන්නේ? මේ දක්වා පොදු අපේක්ෂයකයා කියලා ආපු වචනය වෙනස් කරලා, රනිල් එන්න ඉන්නේ ජාතික අපේක්ෂකයා කියලා. හරියට අලුත් බෝතලයට පරණ වයින්....

:       0       4

abaran Saturday, 27 January 2024 12:10 PM

පාඨලී ඔයත් දැන් ගැලරි දේශපාලනය පටන් අරගෙන.... ගෝඨාභය කළ සීනි බදු ලිහිල් කිරීම වර්තමාන රජයට රිවර්ස් කරන්න බැරිබව ඔබ දන්නවා. සුරාබදු නොගෙවූ අයගෙන් හිඟ බදු දැන් අයකෙරෙමෙන් පවතිනවා. බොහෝමයක් හිඟ බදු ඇති ආයතන රජය සමග නඩු කියමින් සිටිනවා... එම නඩු අවසන් වනතෙක් අදාළ බදු අයකර ගැනීමට නොහැකියි. අනික මෙම හිඟ බදුමුදල් වෙනුවෙන් දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ද වගකිව යුතුයි. ඇතැම් දේශපාලකයින් මෙන්ම රජයේ නිලධාරින්ද රජයට වංචා කරන බව ප්‍රසිද්ධ කරුණක් වුවත් මහජනතාව ඒගැන කතාකරන්නේ ඉතා අඩුවෙන්. ක්ෂණිකව රජයේ බදු අදායම වැඩිකර ගැනීමට ඇති එකම ක්‍රමය වැට් ඉහළ දැමීම පමණයි. ඒ බව ඔබත් දන්නවා නමුත් සිල්ලර දේශපාලනයට දැන් ටිකටික ඔබත් ප්‍රවේශවෙමින් ඉන්න බැවින් ප්‍රයෝගිකත්වයෙන් ඔබ ටික ටික ඈත්වෙමින් ඉන්න බව පෙනෙනවා. බස් එකක් වලකට පෙරළුණාම රියදුරුටයි, කොන්දොස්තරටයි දොස් කියකියා එම වලේම ඉන්නවාට වඩා කළයුත්තේ ඉක්මණින් එම වලෙන් ගොඩ එන එකයි. අපේ රටට අයත් අරාබියේ තෙල් ළිං හෝ ඕස්ට්‍රේලියාවේ රත්තරන් ආකාර හෝ තිබුණානම් ඔය එකඑක අප්පුහාමිලා කියන විදිහට පුරවැසියන්ගෙන් බදු අයනොකර රට දුවන්න තිබුණා...!

:       2       7

Lakmal Saturday, 27 January 2024 12:15 PM

පහසුවෙන්ම කරන්න පුළුවන් හොරට ගෙනාපු ජංගම දුරකථන බදු ගෙවනකං ජාලවලින් ඉවත් කිරීම. (EIR භාවිතා කර) ඒකවත් නොකරන ආණ්ඩු ගැන කවර කතාද?

:       0       6

Santhush Saturday, 27 January 2024 01:28 PM

ඔය අවුරුදු 75 ක් සාපය ගැන කියන චූටි මල්ලිලා වැඩි යමක් ඕනෑ නැහැ කියමුකෝ... බලන්න ඔය අවුරුදු 75 කට පෙර අපේ සුව සේවය, අධ්‍යාපනය, ප්‍රවාහනය, බලශක්ති සපැයුම වගේ දේවල් තිබුණු හැටි. ඒ ටික විතරක් සිහි බුද්ධියෙන් විශ්ලේෂණය කලොත් තේරේවි ඔය අවුරුදු 75 දී කිසිවක් වෙලා නැතිද කියලා. එනිසා ඔය කිසිම දේශපාලකයෙක්ව අදහන්නේ නැතිව තෙරුම්ගත්තා නම් හොඳයි. මොකද කාගේ කාගේත් කිල්ලෝටවල හුණු තියෙනවා.

:       2       5

Kumara Saturday, 27 January 2024 05:53 PM

මහනුවර ප්‍රධාන පෙළේ හෝටල් සමූහයක් තියනවා. ඔය විදිහට කෝටි ගණන් බදු වංචා කරපු.. ඒත් තවම ඒ වංචාව ඒ විදිහටම කරනවා. බලධාරීන් නිදි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site