ශ්‍රී ලංකාවේ ඇමැතිවරයකු ලන්ඩනයේ හීතෘෘ ගුවන්තොටුපළේ ප්‍රභූ පර්යන්තයට පිවිසෙන හැම විටකම ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නා පවුම් 1750 ක් ගෙවිය යුතුවේ. එය රුපියල් වලින් නම් තුන්ලක්ෂ පනස්දහසකි.
ප්‍රභූ පර්යන්තයේ කාමරයට ද ලබාගන්නා පහසුකම්වලටද ඒ මුදල වැයවේ. ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඒ මුදල ගෙවයි. පසුව කොළඹට බිල එවයි.
මහා භාණ්ඩාගාරයේ අනුමැතියෙන් බදු ගෙවන්නා පිට ඒ බරද පැටවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ක්‍රමය වෙනස් කරන්න ඕනෑ. අපේ විදේශ තානාපති කාර්යාලවල, ඉඳහිට ඒ රටවල්වලට යන "ප්‍රභූරුවන් " වෙනුවෙන් කාමරයක් වෙන්කරන්න ඕනෑ. ඒක සුඛෝපභෝගී එකක් වෙන්නම ඕනෑත් නැහැ. අපේ රටේ බදු ගෙවන්නන් රුපියල් ලක්ෂ ගණන් ගෙවන්න ඕනෑත් නැහැ එතකොට. (නි)
හැබැයි අපේ ගුවන් තොටුපලේදී නම් ඕනෑම කෙනෙකුට ප්‍රභූ සැළකිලි? (නි)
පරණ අයයි අලුත් අයයි දෙකම එකවේ. (ර)
ඇමති කම් ගන්නේ මෙම වරප්‍රසාද බුක්ති විඳීමට මිස රටට සේවයක් කිරීමට නොවේ , ලෝකයේ තිබෙන ලොකුම ඇමති මඩුල්ල සහිත මෙම නව රජය සිටිය රජය පරදවා ඉහලින් සිටි (බ)
රට දියුණු කරලා නම් ඔය ප්‍රභූ පර්යන්තයෙන් ගියාට කමක් නෑ. (බ)
ඇඟිල්ලේ තරමට ඉදිමෙන ජාතියක්ද අපි ? එ්කම නෙවෙයිද මේ හැම දේකටම මුල ? (බ)
ඇමතිවරුන්ට බැරිද සාමාන්‍ය ජනතාව යන දොරින්ම ඇතුල්වෙන්න , පිටවෙන්න , පසුගිය කලේ මේ රුපියල් ලක්ෂ තුනහමරේ දොර පාවිච්චි කරපු අමතිලගේ ලිස්ට් එකක ලබාදෙන්න , යහපාලන අමතිලත් මේ ලිස්ට් එකේ ඉන්නවද ? (කෞ)
අපේ රටේ මිනිස්සුන්ගේ වාසනාව. මේ තරම් බදු ගෙවන්න. (බ)
ප්‍රභූ පර්යන්තයෙන් ලන්ඩන් එන්න ලංකාවේ බදු ගෙවන්නන් ලක්ෂ ගානක් වියදම් කරනවා.අරහේ ඉගෙනගන්න කුඩා දරුවන්ට අකුරු කරන්න ඩෙස් එකක්,පුටුවක් නැහැ. අපි පිටරටවල් වල ඉඳන් මොනවා ලීවත්, කීවත් බීරි අලින්ට වීනා ගැයුවා වාගෙයි. (බ)
මම සිල්වා සමග එකඟයි (බ)
පුද්ගලික සවාරි වලටත් මේ මුදල ගෙවන්න ඕනෑද දන්නේ නැහැ. රටේ නීතියක් නැතිකම තමා ඔක්කොටම හේතුව (නි)
ඇමතිලා විතරක් නම් මදෑ. පවුල් පිටින් යන ඒවටත් අපේ දුප්පත් සල්ලිනෙ යන්නේ. (නි)
ගමේ කොස් පොළොස් කාලා, මහජන ඡන්දෙන් හෝ පින් ඇමතිකමින් පාර්ලිමේන්තුවට ගිහින්, පිටරට සවාරියට ප්‍රභූ පර්යන්තය නැතුවම බැරිද? අනේද කියන්නේ! (නි)
සාමාන්‍ය ජනතාව ගැන හිතන ඇමතිවරු කවදා පහළවෙයිද? (නි)