කැළණිය එක්සත් සුහද සමාජයේ බොදු හා කිතුනු සාමාජිකයෝ කැළණිය සිංහාර මුල්ල ජයන්ති මාවතේදී අද (23) බත් දන්සලක් දුන්හ.

 කැළණිය  හිඹුටුවැල්ගොඩ චිත්තාභ්‍යාස මධ්‍යස්ථානධිපති මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමි ඇතුළු මහා සංඝරත්නය ද ඔස්ලෝ ගොමස්  විශාමික අගරදගුරු ඇතුළු කිතුණු  පුජකවරුද දන්සලට ආ පිරිසට ආහාර බෙදීමට උදව් වුහ.