
(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත)
අම්බලන්ගොඩ තිලකපුර පොල්කෑල්ල මාර්ගයේ යතුරු පැදියකින් ගමන්ගත් එකම පවුලේ සහෝදරයින් දෙදෙනාට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු එල්ල කරන ලද බෝතල් ප්‍රහාරයකින් මල්ලී මියගොස් අයියා තුවාල ලබා ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය පවසයි.
මේ ඝාතනය ඊයේ (6) රාත්‍රියේදි සිදුවී ඇති බවද පොලිසිය කියයි.
මේ බෝතල් ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ ගොඩහේන පදිංචි ධීවරයෙකු වන කොම්බු නුවන් ප්‍රියන්ත නමැති 28 හැවිරිදි එක් දරු පියෙකි.
තුවාල ලබා ඇත්තේ මිය ගිය තැනැත්තාගේ වැඩිමහල් සොහොයුරා වන 36 හැවිරිදි කොම්බු සනත් ප්‍රියන්ත නමැත්තා බවද පොලිසිය කියයි. ඔහුද ධීවරයෙකු වන බව පොලිසිය සඳහන් කරයි.
බෝතල් ප්‍රහාරය එල්ල කළ දෙදෙනා හා බෝතල් ප්‍රහාරයට ලක්වූ සහෝදරයින් දෙදෙනාත් ඥාතීන් බව පවසන පොලිසිය මොවුන් එකට ධීවර කර්මාන්තයේ යෙදෙන අය බවද කියයි.
ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී ඇතිවූ කෝන්තරයක් මේ ඝාතනයට හේතුව වී ඇති බව පොලීසිය කියයි.
මේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (7 ) පැවැත්වීමට නියමිතව තිබිණි.
අම්බලන්ගොඩ පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණේ ඉන්නේ පුදුම මිනිමරුවෝ. එහෙන් මත්ද්‍රව්‍ය එ් වගේම අධික කෝපාවිෂ්ඨ මිනිස්සු. නමුත් අැහුවොත් අපි හොඳ සිංහල..