රාජකාරියේ යෙදී සිටියදී මත් පැන් බිවු බව කියන පොලිස් සැරයන් හා කොස්තාපල්වරු තිදෙනෙක් දඹුල්ල පොලීසිය විසින් අද (24) සවස අත්අඩංගුවට ගනු ලැබුහ.
මුලස්ථාන පරීක්ෂක සාරානාත් ගුණසේකර මහතාට ලැබුණු පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පැවැත්වේ.
රාජකාරියේ යෙදී සිටියදී මත් පැන් බිවු බව කියන පොලිස් සැරයන් හා කොස්තාපල්වරු තිදෙනෙක් දඹුල්ල පොලීසිය විසින් අද (24) සවස අත්අඩංගුවට ගනු ලැබුහ.
මුලස්ථාන පරීක්ෂක සාරානාත් ගුණසේකර මහතාට ලැබුණු පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ගියා ලංකාවේ විදුලි බල මණ්ඩලේ ගබඩාවකට මගේ යාලුවෙක් එක්ක එයාගේ පොඩි බිස්නස් වැඩකට. එතන ස්ටෝකීපර් මේසේ යට බෝතලේ තියාගෙන ගජරාමෙට වැඩ. මගේ බඩු ටික බාන්න පස් දෙනෙකුට "සපෝට්" කරන්න උනා. අරයට මෙච්චර දෙන්න මෙයාට මෙච්චර දෙන්න කියලා කටින්ම ඉල්ලනවා. නුදුන්නොත් වැඩේ පරක්කු වෙන්නේ විස්වාස කල නොහැකි අන්දමින්.. ඕනෙනම් තැනත් නමත් කියන්නම්. රාජකාරී වෙලාවේ බොන්නේ නැතුව වැඩ කරන්න බැරි අත පය වෙව්ලන මහත්වරු කොච්චර රාජ්‍ය සේවයේ ඉන්නවද? ඕවා සුළු දේවල් (නදී)
නිල ඇඳුමක් ඇන්දත් කව්රුත් කන බොන මිනිස්සු .රාජකාරී වෙලාව තමයි වැරැද්ද.සේවා කාලයත්,පවුල් වල තත්වයත් ගැන සානුකම්පිතව සලකා, අවාදාත්මක සුළු දඬුවමක් දීම ගුණාත්මකයි ! (අ)
ගාමිණිත් නිල ඇඳුම ඇඳන් කන බොන කෙනෙක් වගේ.. ලංකාවේ දඬුවම් නැති කම තමයි මේ සේරටම හේතුව....බෝතලේ ගහගෙන කොහොමද හරියට රාජකාරියක් කරන්නේ? බොහෝ නිලදරුවන්ට වෙරි නැතුවත් හරියට රාජකාරිය කරන්න දන්නේ නැහැ (අ)
කාකි ඇඳුම විතරක් නෙමෙයි, රාජකාරියක් කරන කව්රුත් සේවා කාලය තුල ඉන්නේ නිල ඇඳුමකින් බව සිතාගත යුතුයි. සුදු නිල ඇඳුමින් සැරසී සිටින්නන්ගේ වැඩ ගැන බලනකොට මේකත් එක අතකට මොකක්ද? (නි)
අයියෝ! මොනවද මේ කරගත්තේ? (නි)
බීලා රාජකාරි කරන පොලිසියේ කට්ටිය අල්ලන්න ගියොත් රටේ පොලිසි ටික ඔක්කොම වහල දාන්න වෙනවා. හවසට පොලිසියට ගියොත් බලාගන්න පුළුවන් කට්ටිය ඉන්න ලස්සන. (අ)
පොලිස් කොස්තාපල් කෙනෙක් සිවිල් ඇඳුමෙන් වුණත් ගමකට ආවම ගමේ බොහෝ දෙනෙක් ' රාළහාමි, සිගරට් එකක් ' කිය කියා දුම්වැටි දිග්කරගෙන යන හැටි ගම් වල නිතර දක්නට ලැබෙන දර්ශනයක්.ඒ අය බලාපොරොත්තු වන්නේ හදිසියේ පොලිසියට යන්න වුණොත් රාළහාමිගෙන් උදව්වක් ලැබේවි කියලා. ඇත්තටම වෙන්නේ එහෙම උදව් බලාගෙන ආවත් රාළහාමිලා හිමින් සීරුවෙ මාරුවෙන එකයි. (නි)
මේ විදිහට බීමත්ව ඉන්න අනෙක් කට්ටියත් අත්අඩංගුවට ගන්න ගියොත් රජයේ සේවයේ බොහොම ටික දෙනයි ඉතුරුවෙන්නේ. (නි)
අද රටේ නොබී බැහැ කියලයි මම නම් හිතන්නේ. (නි)
බොන්නේ නැතිව කළ නොහැකි රාජකාරියක් තිබෙනවා. ඒ රාජකාරිය කරන කවුරුවත් බීලා හිටියට දඬුවම් කරන්නේ නැහැ. මලාපවාහන අංශයේ අලුත්වැඩියා වැඩකරන්නන්. (නදී)