ගංවතුරින් විපතට පත් වු ජනතාව වෙනුවෙන් පිසු ආහාර, වියළී ආහාර ද්‍රව්‍ය සහ වතුර බෝතල මරදාන දුම්රිය පොළේ 6 වැනි වේදිකාවේ දී අද (19) උදෑසන එකතු කැරිණි. මෙම සත් ක්‍රියාව හෙට (20) සිදු කරන බව ඔවුහු පවසති.
දුම්රියේ ගමන් ගන්නා තරුණ තරුණියෝ පිරිසක් මේ පින්කමට ඉදිරිපත් වුහ. උදෑසන දුම්රියෙන් ගමන් ගන්නා බොහෝ මගීහු තම බත් පත ද ඉතා උනන්දුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් පිරිනැමුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේතරම් කාරුණික හදවත් ඇති ජාතියක් වනසන්නේ වනචාරී දේශපාලනයයි (නි)
මේකයි ලාංකිකයාගේ වෙනස. ගොඩක් පින් හැමෝටම (නි)
තමන්ට කන්න තියෙන බත් එක හරි පූජා කරන්න තරම් ගුණාංගයක් අපේ මිනිසුන් තුල තියෙනවා (බ)
පසුගිය සුනාමියේදී ගසා කෑවා වාගේ නොවී , මෙවරවත් නියම අවතැන්න වු අයට නිසි අධාර ලැබුනොත් හොඳය , මුදල් එකතු කිරීමේදී පැහැදිලි ක්‍රමයක් අනුගමනය කළ යුතුය , තම සාක්කු වලට හෝ පෞද්ගලික ගිණුම් වලට නොදමා (බ)
රජයක යුතුකම (බ)
දුම්රියෙන් පැමිණි ඔබ පිරිනැමූ සෑම බත් පාර්සලයක්ම, වතුර බෝතලයක්ම, බිස්කට් පැකට්ටුවක්ම ඔබගේ විශ්වාසය රකිමින් අවශ්‍යම පිරිස් වෙත ලබාදෙන්නට අපි කටයුතු කළෙමු. මෙහි සම්පූර්ණ තොරතුරු පහත සබැඳියේ ඇත. https://www.facebook.com/photo.php?fbid=1196639240369079 (නි)