(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
බත්තලංගුන්ඩුව දුපත ආසන්නයේදි අද (10) ධිවර යාත්‍රාවක් පෙරළි යාමෙන් එහි ගමන් ගත් ධිවරයකු අතුරුදහන්ව ඇති බවත් තවත් ධිවරයකු බේරා ගෙන ඇති බවත් බත්තලංගුණ්ඩුව දුපත් පොලිසිය පවසයි. නාවික හමුදාව සහ ධිවරයින් පිරිසක් එක්ව එක් පුද්ගලයකු බේරාගෙන ඇත.
මසුන් මැරීම සඳහා ගොස් ආපසු දුපත බලා එමින් තිබු එම ධිවර යාත්‍රාව මෝය ආසන්නයේදි පෙරළි ගොස් තිබේ.
අතුරුදන් පුද්ගලයා සොයා නාවික හමුදා යාත්‍රා සහ ධිවර යාත්‍රා එක්ව සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බව බත්තලංගුන්ඩුව දුපතේ වේලක්කන්නි ධිවර සමිතියේ සභාපති ඇන්ටනි ප්‍රනාන්දු මහතා පැවසිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd