පානදුර වෙරළ අයිනේ වසරක් පමණ සිට ඇති බත්තලක් දැනටම දෙදෙනකුට මරු කැඳවා ඇතැයි ද දෙදෙනකු මරණයෙන් බේරාගැනීමට හැකිවී යැයිද පානදුර පොලිසිය කියයි.
මුහුදු රල පැගීමට ආ දෙදෙනකුගේ හිස බත්තලේ හැපී මිය ගිය බව පොලිසිය පවසයි.ඊට හේතුව වශයෙන් දක්වනුයේ ඉහළට නගින රැල්ල බත්තලේ හැපී වේගය වැඩි වන අවස්ථාවක වැල්ලට යන අය වේගයෙන් බත්තල දෙසට ඇදී ගොස් එහි හැපෙන බවයි.
කොළඹ වරාය අසල මුහුද ගොඩ කර ඉදි කෙරෙන ‘පෝට් සිටි‘ වැඩබිමට ගෙන ආ බව කියන මෙම බත්තල උස අඩි 15කින් හා හා දිග අඩි 70කින් පමණ යුක්තය.
මුහුදු රැල්ල එහි හැපී වේගය වැඩි වී ගොඩබිමට එන බවත් රැල්ල පැගීමට යන මහජනයාට එය මාරකයක් වී ඇති බවත් පොලිසිය පවසයි.
එම පෙදෙස අනතුරුදායක බව පොලිසිය අඟහරුවාදා(20) එහි දැන්වීම් සවි කළේය.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් එවන චෙක් පෝර්සිටි කලම්බු ප්‍රයිවට් සමාගමේ මහජන සම්බන්ධතා ප්‍රධානී කස්සප සෙනරත් කියනුයේ වරාය නගරය ඉදිකිරීමේ ව්‍යාපෘති සමාගම තම සමාගම බවයි. මෙම බත්තල තම සමාගමට අයත් නොවන බවත් ඔහු කියයි.
ලංකාදීප වෙබ් අඩවියේ වාර්තාවේ ආයතනයක නමක් සඳහන් නොවේ. පොර්ට් සිටියට සේවා සපයන තවත් ආයතන ඇති බව වරාය වෘත්තිය සමිති කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මිනිස්සු එපා කියන එකමනේ ඉතින් කරන්න කැමති (නි)
පෝර්ට් සිටි හදන්නේ අන්ධයෝ පිරිසක්ද? නැත්නම් මරුවා සමඟ වාසේද? (නි)
මහජනයා සහ සංචාරකයෝ ගැවසෙන තැන් වල මෙවැනි අනවශ්‍ය දෑ ස්ථානගත කරන්නේ කාගේ උපදෙස් මතද කියා දෙවියෝ තමයි දන්නේ. (නි)
රට වටකර මහා මුහුදක් තියෙද්දී මොන එහෙකට බත්තල අස්සේ රැල්ල පාගන්න යනවද? (නි)