IMG-LOGO

'බිත්තර ලොරියේ පොඩී' ගෙන් අලුත් ගීතයක්

2016-05-24-ent-75

2016-05-24-ent-74සිරස සුපර් ස්ටාර් සීසන් 07 ආපු චාමර වීරසිංහ, කපුගේ මහත්තයගේ සිංදු කියපු අන්තෝනි සාමි නොහොත් "බිත්තර ලොරියේ පොඩී" එහෙම කිව්වොත් ගොඩක් අය අඳුර ගනීවි. ඒත් එදා බිත්තර ලොරියේ කම්කරුවෙකු ලෙස වැඩකරපු පොඩී අද නිලූෂන් ඇන්තනී නමින් ගායකයෙකු වෙලා. "දුක අයිතිකාරියේ" ගීතය ඔහුගේ පළමුවැනි ගීත නිර්මාණය වනවා. මෙම ගීතයේ පද රචනා කරපු උපුල් දිශාන්ත රණවක ඒ පිළිබඳව "සාරවිට" සමග මෙසේ පවසා සිටියා

බිත්තර ලොරියේ පොඩීට ගීතයක් කරන්න මුල් අදහස දුන්නෙ චරිත් හර්ෂණ රත්නායක. ඊට පස්සෙ මම එයාව හොයාගෙන ගිහින් කතා කරල කොළඹට ගෙනාව හඬ පරීක්ෂාවකට. මේ ගීත නිර්මාණය පිටුපස ඉන්න ගොඩක් මහන්සි වුණ චරිතයක් තමයි Spandana Studio එකේ හසිත් සාරංග. හඬ පරීක්ෂාවට ආවට මයික් එකක් ඉස්සරහ වෙව්ලපු නිලූෂන්ට ආත්ම ශක්තියක්, විශ්වාසයක් ඇති කරල ඔහුගේ දක්ෂතා එළියට ගත්තෙ හසිත්. ඔහුගේ ක්ෂේත්‍රයේ පළපුරුද්ද, අත්දැකීම් එක්ක බලන කොට ඔහු ඉතිහාසයේ වැඩිම වේලාවක් කරපු පටිගත කිරීමත් මෙය වුණා.

හඬ පරික්ෂාවෙන් පස්සෙ ඒ හඬට හරියන නිර්මාණයක් ඕන වුණා. ඒ කාර්ය භාරගත්තෙ රොෂාන් විජේසිරි. ගතින් පොඩි චරිතයක් වුණත් දක්ෂතාවලින් පරිපූර්ණ තරුණ සංගීත අධ්‍යක්ෂවරයෙක් විදියට ඔහු ඒ කාර්ය මා බලාපොරොත්තු වූවාටත් වඩා සාර්ථකව නිම කළා. පද මා විසින් රචනා කරනු ලැබුවා.

නිලූෂන්ට සිංහල අකුරු කියවන්න බැරි නිසා සිංදුව එයාට පාඩම් කළේ සිංහල අකුරු දෙමළට පරිවර්තනය කරල. ඒ විතරක් නෙවෙයි වෙන කෙනෙක් ලවා මුලින් ඒ වෙනුවට ගීතය පටිගත කරල දුන්න. Audio එක ඒ විදියට දුක් විඳල ඉවර කරා.

ඊළගට ආවේ Video ඒක ඊටත් වඩා අමාරු කාර්යයක් වුණා. එකක් අලුතෙන්ම එළියට එන ගායකයෙක්, ශරීර පෙනුමෙන් ආකර්ෂණයක් ගන්න වගේම Video එකේ තාත්විකත්වය සජීවී බව රැකගන්න ලොකු වැඩ කොටසක් කරන්න තිබුණා. ඒක භාරගත්තෙ Dream Tym Films එකේ දිලුක පෙරේරා.

ගොඩක් මහන්සියෙන් සැලසුම් කරල පසුගිය දෙවැනිද ඒ වැඩේට අත ගැහුවා. මීගමුව තමයි Location වලට මූලික කරගත්තෙ.

නවක අධ්‍යක්ෂවරයෙකු විදියට Video එක භාරගත්තෙ දිලුක පෙරේරා. එයාගේ පළපුරුද්ද, දක්ෂතාවන්, සිංදුවේ අර්ථය, රසය, සජීවී බව එලෙසින්ම රැකගෙන ලස්සන Video එකක් කළා.

දැන් නිලූෂන් ගායකයෙක් වුණා. මේ හැම දෙයක්ම ඉවරවෙද්දි ආර්ථික වශයෙන් හා දිරිගන්වමින් මේකට කැපවුණ කෙනෙක් හිටියා. ඒ Sri Lankan best offers and deals හි චරිත් හර්ෂණ රත්නායක. ඒ වගේම මිලින්ද මුදලිගේ මේ සද්කාර්ය දැකල මුදල් අයකිරීමකින් තොරව මේ Video එකේ රඟපෑවා. නිලූ ප්‍රසාදිනී තම චරිතයට හොඳ සාධාරණයක් ඉෂ්ට කළා. කැමරා කටයුතු, වේෂ නිරූපණ, පසුතල සැකසීම් ආදිය වෙනුවෙන් ගොඩාක් අය වෙහෙස වුණා.

මුදල් පස්සෙ හමායන ලෝකයක හැමදේම මුදලට තීරණය වෙද්දි බිත්තර ලොරියෙ පොඩීගෙ ජීවිතේ කවදාවත් නොහිතපු හීනයක් හැබෑ වුණා. ආත්ම තෘප්තිය කියන්නෙ මොකක්ද කියල අපි හැමෝටම හොදටම දැණුන දවසක් එදා. ඒ නිලූෂන්ගෙ ඇස්වල කඳුළු දැක්කම. හිතන්න මොහොතක් දෛවය සිහිනය සහ යථාර්ථය නිකම්ම වචන තුනක් නෙවෙයි කියල.

 

  
 2016-05-24-ent-76
2016-05-24-ent-73
2016-05-24-ent-72
2016-05-24-ent-71
2016-05-24-ent-70



අදහස් (0)

'බිත්තර ලොරියේ පොඩී' ගෙන් අලුත් ගීතයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 73 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 227 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 570 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site