
(ඉන්දිකා රාමනායක සහ මුදිතා දයානන්ද)
ජාතික ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් සමුළුවට කලගෙඩිහේනේ දී ඉකුත් (30) දින එල්ල වු මැර ප්‍රහාරය සම්බන්ධයෙන් එම බලවේගය අද (2) පස්වරුවේ පොලිස් මුලස්ථානයේ දී පොලිස්පතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
එහි විධායක සභික මහින්ද ජයසිංහ ජනබල වේගයේ නීතිඥයෝ සංවිධානයේ විධායක සභික සුනිල් වටගල යන මහත්වරුන් ප්‍රමුඛ කණ්ඩායමක් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
සංවිධානාත්මක මැර කල්ලියක් විසින් එකී සාමකාමී සමුළුවට මැර ප්‍රහාරයක් එල්ල කරමින් එම රැස්වීම කඩාකප්පල් කිරීමට කළ බවත්, එහි රැස්ව සිටි සාමාජිකයන් මැර පිරිසෙන් දෙදෙනකු අල්ලා ගැනීමට සමත් වු බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ.
මොවුන් විසින් අනාවරණය කළ තොරතුරු මත හා හෙළිදරව් වලින් පෙනී යන මූලික කාරණයක් අනුව මෙම මැර ක්‍රියාව හුදෙක් අල්ලාගත් පුද්ගලයන් දෙදෙනාගේ ඕනෑ එපාකම් වලට සිදු නොවු බවත්, එය ඉතාමත් සංවිධානාත්මකව කල්ලි, කණ්ඩායමක සැලැස්මක් මත හුදෙක් පෞද්ගලික දේශපාලනික උවමානවන් මුදුන් පමුණාවා ගැනීමේ චේතනාවෙන් ඉටුකරන ලද්දක් බවද සඳහන් වේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනාගේ හෙළිදරව් කිරීම් වලින් ප්‍රසිද්ධ ආරක්ෂක ආයතනයක හා කැබිනට් අමාත්‍යයවරයකුගේ අනුදැනුම මත හා අභිලාශය මත මෙම මැර ප්‍රහාර එල්ල කර ඇති බවද පොලිස්පතිවරයා වෙත කළ පැමිණිල්ලේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"බිත්තර ප්‍ර්‍රහාරය" නාට්‍ය මේ සතිය පුරා විකාශනය වන බව කාරුණික ව සලකන්න..
කුණු බිත්තරවලින් නෙමෙයි, ගහන්න තිබුණේ අසූචිවලින්. උස නැති නිසා යන්තම් බේරුණා. පුංචි අම්මා සනීපෙන්ද?