කොළඹ ජාතික කෞතුකාගාරයේ බිතුසිතුවම් ගැලරියේ තිබූ මිල කළ නොහැකි පැරණි බිතුසිතුවම් පිටපත් හා මහනුවර යුගයේ රෙදිවල අඳින ලද පෙතිකඩ චිත්‍ර රැසක් විනාශවෙමින් ඇතැයි කෞතුකාගාර සේවකයෝ කියති. 2009 වර්ෂයේ දී රුපියල් ලක්ෂ 65ක් වියදම් කරමින් ප්‍රතිසංස්කරණය කරන ලද පැවසූ බිතුසිතුවම් ගැලරිය නිවැරදි ප්‍රමිතියට නොමැති වීම හේතුවෙන් බිතුසිතුවම් විනාශ වී යනු ඇතැයි පෙන්වාදුන්න ද බලධාරීන් එයට අවශ්‍ය පියවර නොගත් බවට සේවකයෝ චෝදනා කරති. වහළෙන් වතුර බේරී ඒමත් කුටියේ ආද්‍රතාව පාලනය නොවීමත් හේතුවෙන් බිතුසිතුවම් පිටපත් රැසක පැල්ලම් ඇතිවී ඒවා දුර්වර්ණ වී ඇත. මේ හේතුවෙන් අද බිතුසිතුවම් ගැලරියේ තිබූ පිටපත් හා චිත්‍ර රැසක් ඉන් ඉවත්කළ බව ද සේවකයෝ කියති.
මේ පිළිබඳ කෞතුකාගාර අධ්‍යක්ෂිකා සනුජා කස්තුරිආරච්චි මහත්මියගෙන් විමසූ විට ඇය කියා සිටියේ කෞතුකාගාරයේ වහලේ පීලි අවහිර වීමෙන් ඒවා උතුරා ජලය ඇතුලට කාන්දුවීමෙන් චිත්‍ර කිහිපයකට සුළු හානි සිදුව ඇති බවයි. එම චිත්‍ර බිතුසිතුවම් ගැලරියෙන් ඉවත්කළ බව ද අද දිනයේ ද වැසි ඇතිවීමට ඉඩ ඇති බැවින් එක් බිත්තියක තිබූ චිත්‍ර සම්පූර්ණයෙන් ම ඉවත් කිරීමට සිදුවූ බව ද අධ්‍යක්ෂතුමිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල තණ්හාවට ඕවා පෙන්නේ නැහැ .(හේ)
ඕක සංවර්ධනය කරලා ආපන ශාලාවක් සහ සුපිරි වෙළඳ සැලක් බවට හැරවූවානම් නරකද? (නදී)
මේ පරණ ගොඩනැගිල්ල කෞතුකාගාරයට කොහෙත්ම සුදුසු නැහැ.නව තාක්ෂණයෙන්, පහසුකම් වලින්, ආරක්ෂාවෙන් යුතු නව ගොඩනැගිල්ලක් අනිවාර්යයෙන්ම අවශයි. (අ)
මේ වගේ අය සේවයට සුදුසු නේ.වහාම ගෙදර යන්න.ඔයාල වගේ අයට මෙහි වටිනාකම නොදන්නව උනාට රටේ ඉතිහාසයට ආදරය කරන අයට මේව මහමෙරක්. (ස)
ආශ්චර්යය දරුවනේ, අහෝ රටකට ගිය කල. (ස)
රැකියව මිස යුතුකම් ගැන නොහිතන නිලදාරීන් ඉන්න නිසයි ඔයවගේ දේ වෙන්නේ. ඔය වගේ තැනක සේවය කරන කොට මේවගේ දේවල් වෙන්න කලින් රක්ෂකරගන්න ක්‍රම ගැන දනුමතියෙන අය සිටිය යුතුයි හොරුන්ගෙන්, ජලයෙන්, අධික රස්නය, සිතල දුවිල්ල ප්‍රබල ආලෝකය (කැමරා වලින් එන) මේවා දන්නා කවුරුත් ඔතන නැතිද කොහෙද.....(අ)
අපි නම වෙනස් කරමු. විනාශාගාරය කියල ආරක්ෂා කරනවට වඩා විනාශ කරනවා (නදී)
ඔය ගොඩනැගිල්ල ගෝටාභය සර්ට බාරදෙන්න (නදී)
කිසිම ප්‍රශ්නයක් නැහැ. කෞතුකාගාරයත්, වහළත්, පිලීත්, වතුරත්, තෙමුණු සිතුවමුත් තිබෙනවා. ප්‍රශ්නය උඩින් වහින එකනෙ. වැස්සට තෙමන එකත් අව්වට වේළෙන එකත් ස්වභාව ධර්මය නොවේද? (නි)
කස්තුරිආරච්චි මහත්මියනි,ඔබතුමිය කියන කාරණය නිදහසට කරුණක් නොවන බවයි මට සිතෙන්නේ. අහෝ දුකකි ! (නි)
ඇයි මේ දේවල් ආරක්ෂා කරගන්න නිසි පියවරක් නොගන්නේ? (නි)
අපි මේ වගේ නිලදාරීන් ගෙදර යවන්න ඕනා. (නදී)
මෙවැනි තැන්වලට පත්කරන්න සුදුස්සෝ නොවෙයි නේ දේශපලකොයන්ගේ අතකොලු ? (ස)
පිටපත් ටිකවත් රැකගන්න බැරි කෞතුකාගාරයකින් වැඩක් නෑ යකෝ ඕක වහලා දාපියව්