කොස්ලන්ද මීරියබැද්දවත්තේ නාය යාමෙන් අවතැන්වුවන් 480 දෙනකු බණ්ඩාරවෙල පුනාගල දෙමළ මහා විද්‍යාලයයේ අවතැන් කඳවුරේ සිටිතියි පුනාගල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පති ආර් මෝගන් මහතා කියයි.
පාසල් සිසු සිසුවියෝ 53 දෙනෙක් හා කාන්තාවෝ 213 ඒ අතර සිටිති.
මෙම අවතැන් වුවන්ට සහන සැලසීමේ කටයුතු සොයා බැලීම සදහා බදුල්ල මහදිසාපති රෝහණ කීර්ති දිසානායක මහතා ද අද (30) එහි පැමිණියේය.
නාය යෑමට ලක් වු මීරිය බැද්ද වත්තේ සිට කිලෝමීටර් 22ක් බණ්ඩාරවෙල දෙසට වන්නට පුනාගල අවතැන් කවුර පිහිටියේය.මෙම කදවුරට යාමට ඇති කෙටි මාර්ග සියල්ල පස් කදු වැටීමනිසා ඇහිරී ඇති අතර කදවුර පිහිටි ස්ථානයට යා යුතුව ඇත්තේ කිලෝමීටර් විසි දෙකක් පමණ දුරක් ගෙවාගෙනය.
(ඡායාරූප තරිඳු ජයවර්ධන)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd