‘මේ රටේ ගැමි ජනතාවට ඉගෙන ගෙන තැනකට එන්න පුළුවන් වුණේ බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරද්දී ඇතිකළ ප‍්‍රතිපත්ති නිසා‘ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා ප‍්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ සහ හිටපු අගමැති දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ 118 වැනි ජන්ම දින සැමරුම අද (8) ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර ඒ මහතාගේ පිළිරුව අසල දී පැවැත්වුණු අතර එහිදී අදහස් දක්වමින් දිසානායක මහතා ඒ බව කීවේය.

ජනපති බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ අතර හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, සුනේත්‍රා බණ්ඩාරනායක යන මහත්මීන් ඇතුළු ශ්‍රීලනිප මැති ඇමැතිවරු පිරිසක් ද ඊට එක්ව සිටියහ.

DSC_0891 DSC_1029 DSC_1060 DSC_1074 DSC_1224 DSC_1308

ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක