දිවංගත හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 56 වැනි ගුණ සමරුව නිට්ටඹුව හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී අද පැවැත්විණි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක, සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මීහු සමාධියට මල් කලඹක් තබා පූජෝපහාර දැක් වූහ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක, කථානායක කරු ජයසූරිය, ඇතුළු මැති ඇමැතිවරුද මෙම අවස්ථාවට එක් වූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මියගිය යුවලට අපි කුරුත් ගරු කරනවා. ඉන්න අයට වගේ නොව. ඒ යුවල නියම රටට ආදරය ඇති දෙපළකි.(අ)
ඉතා හොඳ කාර්යයක් (නි)
බොහොම සතුටුයි (නි)
බොහොම අගෙයි (නි)
ඇයි අනිත් ලොක්කෝ නැත්තේ. (අ)
හිටපු පාලකයෝත් එක්ක සසඳනවිට ශ්‍රීමත් දිවංගත එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා හා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ගුණ වඩාත් උද්දීපනය වී පෙනෙනවා ඒ වගේම දැනෙනවා. ජාතිය වාසනාවට හොඳ පාලකයෝ ලැබෙනවිට ජාතියේ අපලයට දුෂිත පාලකයොත් සමහරවිට බිහිවෙනවා. අනුර බණ්ඩාරනායක මහතා වුවත් ජාතික තලයේ දේශපාලනයේ සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළා. ඒ දිවංගත සැමදෙනාටම සසර කෙළවර නිවන් සුව අත්වේවා කියා පතමි. (නි)