බණ්ඩාරගම සංඝමිත්තා මාවතේ රූපලාවන්‍ය ශිල්පිණියක් (30) සිරුරට ගිනි ඇවිලීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි. ඇය නියෝජ්‍ය ඇමැති අජිත් පී.පෙරේරාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකුවූ ලසන්ත ජානක පෙරේරා ගේ බිරියයි.
ගයනි ලංකාධාරී නමැති ඇගේ සිරුරට පසුගිය 25 වැනිදා ගිනි ඇවිලීමෙන් පසු සැමියා හා අසල්වාසීන් එක්ව ගින්න නිවා රෝහල් ගත කැර තිබුණු අතර අද කොළඹ ජාතික රෝහලේදී ඇය මිය ගියාය.
ඇගේ සැමියාගේද සිරුරට ගිනි ඇවිලීම හේතුවෙන් ඔහුද පානදුර රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.
ඇගේ මරණ පරීක්ෂණය හා වෛද්‍ය වාර්තා පිළිනොගන්නා බව කියමින් ඇයගේ ඥාතීන් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක මොහොමඩ් අෂ්රොෆ් රූමි මහතා ඉදිරියේ කලබලකාරී ලෙස හැසිරීම නිසා ඇගේ මළ සිරුර පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් අද පැවැත්වීමට නියෝග කැරිණි. ඒ අනුව පානදුර මහේස්ත්‍රාත් කල්හාරි කාංචනා ලියනගේ මහත්මිය අද (27) ස්ථාන පරීක්ෂණයක් කළාය.
ගින්න නිවා දැමීමට රූපලාවන්‍ය ශිල්පිනියගේ සැමියා හා එක්වූ අසල්වාසීන්ට ඉදිරි දිනයක සාක්කි දීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙසත් මළ සිරුර සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට මාළිගාකන්ද අධිකරණ මහේස්ත්‍රාත් කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
කාන්තාවක් පොඩ්ඩක් විතර හෝ ලස්සන වුණා කියන්නේ, නිදහස අඩුවෙන එක සහ වැලනොකැඩී ප්‍රශ්න ඇතිවෙනවා කියන එකයි (නි)
හිතේ තිබුන ගින්න තදවෙලා මුළු ගෙයම ගිනි ගත්තද කවුද දන්නේ? (නි)
අන්තිමට කටකතා ඇත්ත වෙන්න පුලුවන් (නි)
ගිනිතියලද ..?..ගිනි අරගෙනද ..? (බ)
තාජුඩීන්ගේ මරණය වගේ මෙයත් ඉදිරියට ගෙනියන්න බැරිද? (නි)
අද කාලේ මිනිසුන් තමන් විසින් තමන්වම ගස් බැඳගන්නා කාලෙක, තමන් විසින්ම මඩු වලිගෙන් තලාගන්නා කාලෙක, මේකත් ඇය විසින් ගිනි තබාගත් බවට තීන්දු වෙයි (නි)
අද කාලේ සිද්ධවෙන දේවල් වල හැටියට සැකනොකරත් බැහැ තමයි (නි)
තව දින කිහිපයකින් ඇත්ත දැනගන්න පුළුවන්වෙයි (නි)
කොයි මරණය ගැනද දැන් කාලේ සැක නොහිතෙන්නේ? (නි)
දේශපාලකයෙක් ගෑවී තිබීම, රූපලාවන්‍යය, ඉබේ ගිනිගැනීම...... සියල්ලම ඉතා පැහැදිලියි. (නි)
මෙවැනි සිදුවීම් ලංකාවේ ඒ කාලෙත් සිද්ධ වුණා. මේ කාලෙත් සිදුවෙනවා. අනාගතෙත් සිදුවේවි. ඒක කාලයේ ප්‍රශ්නයක් නෙමෙයි. යහපත් සහ අයහපත් ගති පැවතුම් තියෙන මිනිසුන් අප සමාජයේ ඉන්නා නිසයි එහෙම වෙන්නේ. (නි)
පුදුම දේවල් තමයි දැන් කාලේ සිද්ද වෙන්නේ.ලස්සන කිරි දරුවෙක් අමතක කරලා පුච්ච ගනීද.(කෞ)