සිය බෑණා ගේ පිහිපහරින් බරපතල තුවාල ලැබූ බව කියන දීපිකා සංජීවනී ජයවර්ධන (45) දෙදරු මව සතියකට පමණ පසු අද (2) පෙරවරුවේ මිය ගිය බව රෝහල් ප්‍රකාශකයෙක් කීය. ඉකුත් 26 වැනි දා අලුයම ගලෙන්බිඳුනු වැව නිවසේ දී සිදු වූ මෙම පිහි ඇණුමින් ඇගේ වැඩමහල් දියණිය (22) පසුගිය 26 වැනි දා මිය ගියාය. මියගිය දීපිකාගේ බෑණා මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් අපරාධ. මිනිස්සු ප්‍රශ්න විසදන්න මිට වඩා සිහි නුවණින් කටයුතු කලයුතුයි. (ර)
මේ වගේ දෙයක් සාමාන්‍ය මිනිහෙක් සැලසුම් කරලා කරන්නේ නෑ. හදිසි කෝපයක් එන්න ඇති. (ම)
බලන්න තමන් විසින් හදපු දරුවා නිසා හා හොඳ නරක තේරුම් ගන්න බැරි ළමයි නිසා සිදුවන දේවල්. (ර)
මොනාද ඉතින් මේ අපරාධකාරයින්ට ටික දවසකින් නැවතත් එලියට ඇවිත් තවත් කසාදයක් කරගෙන නැවතත් මේ වරදම කරාවි. නීතියේ දඩුවමක් හරියට නැහැනේ? (බ)
මෙම සිදුවීමට සම්බන්ධ තුන්දෙනාගෙන් ජිවත්ව ඉන්නේ එක්කෙනයි. සිද්ධියට සැකකාර බෑනාම තමයි සිදුවීම සම්බන්ධව පාපොච්චාරණය කල යුත්තේ. (ම)
මීනිමරුවන්ට කිසිදු සමාවක් දිය යුතු නෑ (ම)
පොලිස් අත්අඩංගුවට ගත්තට උසාවියෙන් ටික දවසකට හිරේට දාවි. ආයෙත් එලියට ඇවිල්ලත් කරන්නේ ඔයවගේ අපරාද තමා. (ර)