
(ටී.කේ.ජී.කපිල)
තුන් වන දකුණු ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකා 15න් පහළ සහ 17න් පහළ කණ්ඩායම් පදක්කම් 23 ක් දිනා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (09) දින අලුයම පැමිණියහ .
මෙම තරගාවලිය ඉකුත් 03 දින සිට 07 දින දක්වා පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පවත්වා තිබුණි .
එහිදී වයස අවුරුදු 15 න් පහළ සහ 17 න් පහළ ශ්‍රී ලංකා කනිෂ්ඨ බැඩ්මින්ටන් කණ්ඩායම් එහි ශූරතාවය දිනා ගනිමින් රන් පදක්කම් 08 ක් දිනා ගෙන තිබුණි .
මීට අමතරව මෙම ශ්‍රී ලංකා කණ්ඩායම් කේවළ , යුගළ සහ මිශ්‍ර යන ඉසව් වලදී රන් පදක්කම් 09 ක් සහ රිදී පදක්කම් 06 ක් දිනා ගැනීමට ද සමත් වී තිබුණි .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd