( පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ගැහැවුවයි කියා අහිංසකයින් සුමාන ගණන් හිර කරගෙන ඉන්නා රජය බඩුත් එක්ක හොරු අහුවුණාම සමනල න්‍යාය කි‍්‍රයාත්මක කරමින් ඇප ලබා දෙන බව ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණතුංග මහතා අද (31) පැවසීය.
ප‍්‍රසන්න රණතුංග මන්තී‍්‍රවරයා මේ බව සඳහන් කළේ උඩුගම්පලදී පැවති මාධ්‍ය හමුවකදීය. ඒ, අත්අඩංගුවට ගන්නා ඇතැම් අය ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කළ විමසුමට පිළිතුරු වශයෙනි.
රණතුංග මහතා මෙසේද කීය.
තේරීම කාරක සබාව මගින් වරදකරුවන්ට සුදු හුණු ගාන්නට ජනමාධ්‍ය උපයෝගී කර ගැනීම අද රටට හානියක් වෙලා. මේ සිදුවූ ප‍්‍රහාරයට රජය වගකියන්න ඕන බව රටම දන්නවා. අමුතුවෙන් හොයන්න අවශ්‍ය නැහැ.
අද අගමැතිවරයා විපකෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින වාහන ලබා දෙන්නට යන්නේ තව මාස කිහිපයකින් එම තැනට එන්නට සිදුවන බව දන්නා නිසයි. දැන් වාහනය ඇණවුම් කළාම එන්න මාස තුනක් විතර යනවා.මහින්ද රාජපකෂ මහතාට ආරක්ෂාව දෙන්න ඕනකම තිබුණා නම් වසර තුන හතරක් තිබුණේ. මෙතෙක් කළේ හිරේ දාන්න නඩු දාන්න වගේ හානිදායක දේ විතරයි.
ඉදිරි මැතිවරණවලදී අපේ න්‍යාය පත‍්‍රයට එකග ඕන කෙනෙක් එකතු කරගන්නවා. ඒ එක නීතියක් එක රටක් පිළිගන්නවා නම් විතරයි.
රජයේ කඩා වැටීම රජය ගොඩ එන්න රජයේ ආයතන හා රජයේ මුදල් යොදා ගන්න පටන් අරන්. අලුතින් සමෘද්ධි ලබාදීමේ උත්සව වියදම් සදහා සමෘද්ධිලාභින්ගෙන් රුපියල් 500 ක් බැගින් අය කර ගන්න අද රජය චක‍්‍රලේඛයක් නිකුත් කරලා. මේ මුදල් යොදා ගන්නේ දේශපාලකයන්ට කන්න බොන්න දෙන්නයි.
මේ සඳහා වැය කරන රුපියල් ලක්ෂ 3000 න් තවත් විශාල පිරිසකට සමෘද්ධිය දෙන්න පුලුවනි.ඒ වගේම වගකීම් විරහිත පෝස්ටරයක් සමෘද්ධී නිලධාරීන් ලවා ගමේ ඇලවීඹට කටයුතු කරනවා. මේ පෝස්ටර් ඇලවීම ප‍්‍රතික්ෂේප කරන්න ඕනෑ.
මේ සඳහා රජයේ මුදල් විනාශ කරන්න පියවර ගත් සැමට ඒ අය ගෙනා එප් සී අයි ඩී ය හරහාම අපේ රජයක් යටතේ නීතිය කි‍්‍රයාත්මක කරන්න කටයුතු කරනවා." යැයිද ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙගොල්ල තමා දැනට තියන ලොකුම අපලය, අය්යල මල්ලිලා පක්ෂ කීපයටම බෙදිල එකින් එකාව ආරක්ෂා කරගන්නවා, නැතිනම් මෙයාගේ කෙරුව්වල් හැටියට අද ඉන්න ඕනේ වෙන තැනක
ලක්ෂ 900 ඉල්ලපු විදිය අපිට ඇහුන .පාවිච්චි කල බාසව කොහෙන්ද කොල්ලෝ ඉගෙනගත්තේ
මහින්දට මොකටද වෙඩි නොවදින කාර්? ත්‍රස්තවාදය නතර කෙරුවේ එයා කියලා උඩ පනින්නේ දැන් වාහනේ යන්නත් බයද? ඔය කියන අසරණයින් කවුද? අර අසරණ පවුලගේ වටිනා ඉඩමක් බලහත්කාරයෙන් ලියාගෙන ඒ මිනිස්සු එළියට ඇදලා දාපු නඩුව ඉවරද? බඩ විතරයි, ඔය තරම් ලොකුවට මොලය තිබුණා නම් වටිනාකම කොහොමද? හිතන් ඉන්නේ 2020 රජ්ජුරුවෝ එක්ක එන්නද? කාටවත් එන්න දෙන්නේ නැහැ. රට ගොඩගන්න ගන්න නෙමේ එන්නේ. පවුල් ගොඩගන්න. මුළුරටම කාලා යන්නේ ලේකම් කරලා තියෙන හරියවත් රටට කරලා තියෙනවද? ගානක්වත් හදාගන්න බැහැ ලේකම් නැතිව... අන්ධ, බිහිරි, ගොළු, මන්ධ බුද්ධික නඩේ...
තමන්ට හිරේ යන්න වෙයි කියලා බයෙන් සහ වෛරයෙන් ඉන්නේ... මේ රට අපේ රට. අපේ රටේ අපි හොරුන්ට නිසි දඬුවම් ලබාදෙනවා. ඒ වෛරයෙන් නොවෙයි. රටට ආදරෙන්... කතා කරන භාෂාව දිහා බලන්න. නූගත්, මැරකම පේනවා නේද?
ඔබතුමා කට අරින්න එපා... මහින්ද මහත්තය නැතිකරන සෙට් එක...
පුලුවන්නම් කියන්න මහින්ද මහත්තයාට ප‍්‍රතික්ෂේප කරන්න කියලා, කාදිනල්තුමා වගේ.