
(ක.ග.කරුණාරත්න)
පොළොන්නරුවේ ප්‍රකට සහල් ව්‍යාපාරිකයෙකුට බඩ ඉරිඟු වගාවක් සඳහා ලබා දී ඇති සෝමාවතිය ජාතික වනෝද්‍යානයට අයත් භූමියක අක්කර 100 ක් පමණ මේ වන විට ඩෝසර් දමා හෙළි කර ඇතැයි පොළොන්නරුව කලාප බාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ කීර්ති චන්‍ද්‍රරත්න මහතා ප්‍රකාශ කළේය.
මෙම කැලෑ හෙළිකිරීමෙන් විශාල පරිසර හානියක් සිදුව ඇතැයිද ,මාදුරුඔය සහ ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානවල වෙසෙන වන අලි සෝමාවතිය ජාතික වනෝද්‍යානයට ගමන් ගනු ලබන්නේ මෙම අලි මංකඩ ඔස්සේ යැයිද සහකාර අධ්‍යක්ෂවරයා පැවසීය.
එහෙත් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට එම භූමිය එවැන්නක් සඳහා ලබාදීමට කිසිදු බලයක් නොමැති බවද කීය. මේ වන විට එම සහල් මෝල් හිමියා විසින් බුල් ඩෝසර් ආදී යන්ත්‍ර සූත්‍ර යොදාගෙන දැවමය වටිනාකම් ඇති විශාල ප්‍රමාණයේ ගස් ඇතුළු ශාක වර්ග රාශියකට හානි කර තිබෙන බව සිදු කළ විමර්ශන වලදී හෙළිවී ඇතිබවද ඒ මහතා කීවේය.
මෙම වන විනාශය සහ පරිසර විනාශය නිසා අලි ඇතුන් ප්‍රමුඛ වනජීවින්ගේ චර්යාවන්ට විශාල වශයෙන් බාධා එල්ලවී තිබෙන බවද චන්‍ද්‍රරත්න මහතා පැවැසීය. එම නිසා ඒ නීති විරෝධී මිනිස් ක්‍රියාකාරකම් වහාම නැවැත්වීමට පියවර ගත් බවත් අදාල පාර්ශවකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
අප මේ සම්බන්‍ධයෙන් මහවැලි බී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු සුගත් වීරසිංහ මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා කීවේ‘ මෙම භූමිය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු බවත් එම නිසා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාගේද අනුමැතිය ඇතිව මෙයට මාසයකට පමණ පෙර මෙම ව්‍යාපාරිකයාට බඩ ඉරිඟු වගාවක් සඳහා නියමිත බදු මුදල් අයකරගෙන එම භූමිය ලබාදී ඇති බවද කීය.
එහෙත් එම ව්‍යාපාරිකයා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අවසරයකින් තොරව නීති විරෝධී ලෙස එම භූමියට දහයියා සහ දහයියා අළු මුදාහැර තිබෙන බවත් සතියක් ඇතුළත එම දහයියා ඉවත්කර ගන්නා ලෙස ඔහුට දැනුම්දී තිබෙන බවද නේවාසික ව්‍යාපාර කළමණාකාරවරයා කීවේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි නම නොදාන්නේ? බයටද? එහෙම නැත්නම් සල්ලි වලට ඔක්කොම යට නිසාද?
ඇයි මේ නිවුස් එකේ දාලා නැත්තේ මේක කරන්න අවසර දීලා තියෙන්නේ ගිය ආන්ඩු කාලේ කියලා
මුලු රටම උලාගෙන කන්න. කරුමෙ කියන්නෙ විපක්ශ නායකවත් කට අරින්නෙ නෑ
මේක නම් නවතින පාටක් නැහැ , කැලෑ පාලු පෙරමුණ ආණ්ඩුවේ කට්ටිය ලංකවේ ඔක්කොම කැලැවල් ටික බෙදාගෙන වගේ
යන්ඩ හිතෙන රටක්!!!
මොන තරම් නම් විශාල විනාශයක්ද? අනුග්‍රහය ආණ්ඩුවෙන්. දැන් තියෙන්නේ රාජපක්ෂ නීතිය. රටේ නීතිය බල්ලට ගිහින්. සිංහරාජයත් කපන්න කිව්වට පස්සේ තවත් මොනවාද?
මේවාට තමයි එ් දවස්වල සර් ගෙන්වලා උඩ තිබ්බේ. ඔය පැත්තේ ඉන්නේ සහල් මාෆියාවේ දෙන්නයි.. එක් කෙනෙක් නිපුන හාල් ගම්ලත්, අනෙක් කෙනා ඩඩ්ලි සිරිසේන අරලිය හාල්... මැතිවරණයට අතපය දිගහැරලා වියදම් කරපු අය දැන් කවුද දිනලා තියෙන්නේ? කිරිබත් කාපු අයද? අහස උසට හාල් මිල වැඩි කරපු අයද..?
කෝ සෝමාවතියේ ඉඩම් බේරාගන්න ගිය ලේකම්ලා..? දැනුත් ගිහින් අක්කර 72ක් 36ක් කළා වගේ මේවත් බලන්න ගස්ටික උණවටුනට වත් ආවාද කියලා..
ඡන්දෙ දුන්නේ කන්නනේ...