සිය දරුවන් දෙදෙනා සහ බිරිඳ රැක බලාගැනීමට සිරුරට වද දෙමින් විදුලි බුබුළු වල වීදුරු ගිල දමන හා බිඳ දමන ලද වීදුරු කැබලි මත වැතිර වීදුරු පොඩි කරන මිනිසෙක් වව්නියාව බස් නැවතුම්පළේදී ජනතාව ඉදිරියේ ප‍්‍රදර්ශනය කරද්දී හමුවිය.
මෙම ක‍්‍රියාව පිළිබඳව අදහස් දැක්වූ ඞී. කරුණාරත්න ”මම දඹුල්ලේ ඉඳන් එන්නේ මගේ අතපය හොඳින් තියෙන නිසා මට හොරකම් කරලා මුදල් හොයාගන්න බැරිකමකුත් නැහැ එත් මම ඒවා ඉගෙන ගත්තෙත් නැහැ ඒවා අවශ්‍යත් නැහැ ඒ දෙවල් බොහොම වැරදී කියල මට හැගුනා මට දරුවන් දෙදෙනෙක් ඉන්නවා ඒ අයට හරි රැකියාවකට යන්න හොඳින් උගන්වන්නයි ජීවත් වෙන්නයි මම මේ විදිහට රට පුරාම ගිහින් මැජික් පෙන්වන්නේ ”




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා පෙන්වන එකත් පෙන්වන ඒවාට ප්‍රසිද්ධියක් දෙන එකත් හොඳ වැඩක් නොවෙයි .මක්නිසාදයත් මෙය දකින බලන පොඩිළමයි මේවා කර අසනීප වුනොත් කව්ද ඒවාට වගකියන්නේ (අ)
ගොඩක් කට්ටිය ආශ්චර්ය කියා කියා බනිනවා නේද? හැබැයි කන්ඩ නැති කමෙනුත් දුප්පත් කමෙනුත් අපුරු හැකියාවන් ඇති පුද්ගලයන් බිහි වෙනවා. ජීවන බර වැඩි වීම, බඩු මිල ඉහල යාම එක පැත්තකින් වෙස් වලාගත් ආශිර්වාදයක්. (බ)
මේ පුද්ගලයා මීට අවුරුදු 20 කට විතර එහා කුරුණෑගල බස් නැවතුම්පොළේ මේ දේම කරා අපි පොඩි කාලේ බන්දුල වගේ මිනිස්සු මේ සමාජයට පිළිකාවක්
බන්දුල මහ්තයෝ ඔහ්ටත් විදුරු කවන්ඩ හිතෙනවා.(බ)
කවදාවත්ම මෙවැනි අයෙකු සාමාන්‍ය රැකියාවකට යොමුකරන්න බැහැ.ඒ උපයන ආදායම රැකියාවකින් ලබන්න අමාරු නිසා.කමෙන්ට්ස් කරන අය ආශ්චර්යය කියකියා රජය විවේචනය කලත් මේ යතාර්ථය මැනවින් දන්නවා.(අ)
මේ මනුස්සය ටියුබ් ලයිට් එක්ක සෙල්ලම් කරල ඒවා කනවද. පව් රසදිය තියෙනව ඔය බල්බ් වල. එයාගේ ජීවිතේ අවදානම්. රසදිය ආහාරයට ගැනීම මොලයට අහිතකරයි. ඒවගේම පිළිකා අවදානමකුත් තියෙනව(අ)
බඩ වියත රැකගන්න මිනිස්සු නොකරනා දෙයක් නැති තරම් අද කාලේ.මේ මනුස්සයත් ජීවිතයත් එක්ක පොර බදන්නේ තව කි දෙනෙකුගේ නම් බඩ ගෙඩිය රකින්නද! (බ)
දේශපාලුවෝ වගේ ජරාව කන්නේ නැතුව, වීදුරු කන එක හොදෛ.(බ)
මේ අසරණ මිනිහා ගේ ජීවිතය විනාශ වනකම් අපේ නොදියුණු මිනිස්සු බලන් ඉදල සල්ලි දෙනහැටි.ඉන්දියාවේ ලංකාවේ මේ වගේ දේවල් වෙනවා .මේ මනුස්සය පුනරුත්ථාපනය කරනව අනිත් රටක හිටියනම් ,රස්සාවක් දීල රජය සහ බලධාරින් මේ මනුස්සය ගේ අසරණ දරු පවුල බලාගන්නවා .නවසීලන්තයේ මේ ව දකින්නත් නැ.හරිම සංවේග දෙයක් (බ)
පුහුණු වුණාම කොයිදේත් අමාරු නැ.බ .පෙ හරි ,මමත් දිළින්දෙක් ,දිළින්දෝ අශිර්වාද ලද්දෝය සන්තුස්ටි පරමන් දනන් (අ)