
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමට පසුගිය ජනවාරි මාසයේදී මෙරටට ආනයනය කෙරැණු බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 2000ක් වරායේ රඳවාගෙන සිටින බව ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක මහතා පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) පැවැසීය
බඩ ඉරිඟු තොගය නිදහස් කිරීමට ආනයනය හා අපනයන පාලක ජනරාල්වරිය අවශ්‍ය පහසුකම් නොසැපයීම හේතුවෙන් මෙම තත්වය උද්ගතව ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
ආනයනික බඩ ඉරිඟු තොගය නිදහස් නොකිරීම හේතුවෙන් පසුගිය කාලයේ එම ආයතනය මාස දෙකක් වසා දමා තිබී අැත.
පසුගිය කාලයේ ත්‍රිපෝෂ නිෂ්පාදනය අඩුවීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අනුමැතීන්වල ප්‍රමාදයන්ද බලපා ඇති බව කෝප් කමිටුව හමුවේ හෙළිවී අැත.
ත්‍රිපෝෂ සමාගම දිනක් වසා තැබුවහොත් රුපියල් ලක්ෂ 12 ක වියදමක් දැරීමට සිදුවන බව ඔහු කෝප් කමිටුව හමුවේ අනාවරණය කළේය.
ගර්භනී හා කිරිදෙන මව්වරුන්ට මෙන්ම වයස අවුරුදු තුනත් පහත් අතර ළමයින්ට ත්‍රිපෝෂ ලබාදෙන අතර ශ්‍රී ලංකාවේ සමස්ත ත්‍රිපෝෂ අවශ්‍යතාව මාසයකට ග්‍රෑම් 750 පැකට් මිලියන 1.8කි.
ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමට ඉරිගු හා සහල් මෙට්‍රික් ටොන් 1337ක් අවශ්‍ය වන අතර අමුද්‍රව්‍ය හිගය හේතුවෙන් දැනට නිෂ්පාදනය කරනුයේ මුලු අවශ්‍යතාවයෙන් සියයට 49.5ක් පමණයක් බව පැවසේ .
බඩ ඉරිඟු අවශ්‍යතාවය සපුරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් සැප්තැම්බර් මාසයේදී නිෂ්පාදනය කර ඇත්තේ, ත්‍රිපෝෂ පැකට් 536,000ක් ප්‍රමණයක් පමණක් බව පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවේදී අනාෙවරණය විය
. මේ සම්බන්ධයෙන් අප ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම තොගය අවශ්‍ය අනුමැතිය නොමැති වීම හේතුවෙන් කොළඹ වරායේ වසරකට ආසන්න කාලයක් තිස්සේ රඳවා ගෙන සිටින බවයි.
තොගය කාලයක් තිස්සේ රදවා ගෙන සිටීම හේතුවෙන් එහි ප්‍රමිතිය ගැන ගැටලු පැන නැගී තිබිය හැකි හෙයින් නිදහස් කළ දිනෙක එ්වා සම්බන්ධයෙන් යළි ප්‍රමිති පරීක්ෂාවක් කිරීමට සිදුවන බවද ඔහු සඳහන් කළේය.
මෙම බඩ ඉරිඟු තොගය 2024 වසරේදී කැබිනට් අනුමැතිය මත එක්තරා සමාගමක් විසින් ආනයනය කෙරුණු ඒවා බව කී අත්තනායක මහතා ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු අානායනය කිරීමට ත්‍රිපෝෂ සමාගමට දැන් පූර්ණ අවසරය තිබෙන බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd