14 හැවිරිදි දැරියක කෙලෙසී යැයි 15 හැවිරිදි පාසල් සිසුවෙක් සියඹලාණ්ඩුව පොලිසිය විසින් සැකපිට අත් අඩංගුවට ගනු ලැබීය.
බඩේ අසනීපයකට ප්‍රතිකාර ගැනීමට දැරිය රෝහලට ගිය විට ඇය සිව්මස් ගැබිණියක බව වෛද්‍යවරු ප්‍රකාශ කළහ.
14 හැවිරිදි දැරියක කෙලෙසී යැයි 15 හැවිරිදි පාසල් සිසුවෙක් සියඹලාණ්ඩුව පොලිසිය විසින් සැකපිට අත් අඩංගුවට ගනු ලැබීය.
බඩේ අසනීපයකට ප්‍රතිකාර ගැනීමට දැරිය රෝහලට ගිය විට ඇය සිව්මස් ගැබිණියක බව වෛද්‍යවරු ප්‍රකාශ කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලීන ඇස , කාලීන මනස යනු ගුණ ධර්ම නැති කර ගැනීම නොවේ. කුණුකය තුන් කල්හිම දුගඳ හමයි. (දිල්)
තර්කය නිතරම නිවැරදි නොවේ. දුමින්ද නොගැලපෙන උපහැරණ භාවිතා නොකරන්න.රන්ජිත්,අභය, දුමින්ද නිර්මල බුදු බණ ඉගෙන ගන්න. එවිට සත්‍ය අවබෝධ වේ. (බ)
ජයනි, අම්මලාට විතරක් නෙවේ මේවා ගැන සොයා බැලීම පියවරුන්ගේත් වගකීම, කෙසේ වෙතත් දෙමුපියන් තම දරුවන් ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි, දරුවන් යන එන තැන්, ඇසුරු කරන අය, ඔවුන් අතට දෙන මුදල් වියදම් කරන හැටි, මේ හැමදෙයක් ගැනම. එසේ වුවානම් මෙවැනි දෙයක් නොවෙන්නට තිබුණා කියායි මගේ හැගීම. (ර)
ගැහැණු දරුවෙකු වැඩිවිය පැමිණි දා සිටම අම්ම,ආච්චි,අක්කා වගේ අය, ඇයට ජිවිතේ ගැන කියා දෙන්න ඕන.එතකොට ඒ දරුවෝ අවබෝධ කර ගන්නවා කළ යුතු නොකළ යුතු දේ..(දිල්)
මමත් කුමාරිගේ අදහසට එකඟයි.ගැහැණු දරුවෙකුට විතරක් නෙමෙයි පිරිමි දරුවෙකුට පවා හොඳ නරක දේ ගැන අවබෝධයක් ලබාදෙන්න ඕනෑ තම නිවසෙන්ම තමයි. (නි)
ලංකාවේ සමහර මෝඩ වැඩිහිටියෝ නිසා තමයි මෙවැනි දේවල් සිදුවන්නේ. බසයක, උද්‍යානයක, මුහුදු වෙරළේ, පෙම් යුවලක් දැකීම සමහර පටු ආකල්ප දරන වැඩිහිටියෝ දකින්නේ මහා අපරාධයක් ලෙසයි. ඉතින් තරුණ අපි ඒ අපරාධයෙන් හා මහා අවමානයෙන් ගැළවෙන්න තමයි ලෝකෙටම නොපෙනෙන තැනකට රිංගාගන්නේ. ඉතින් අවසාන ප්‍රතිඵලය ඕක තමයි. බොහෝ දේවල් සිදුවන්නේ ආදරයට මිස වෛරයකින් නම් නොවේ. මම හිතන්නේ මේවා සිදුවන්නේ වර්තමානයේ පමණක් නොවේ.ගැටලුව ඇත්තේ බොහෝ වැඩිහිටියන්ට ඔවුන්ගේ තරුණ සමය ඉක්මනින් අමතකවීමයි. (නි)
ළමයාට පොඩි කාලයේ සිටම හොද නරක කියල දෙන්න. වැරද්දක් උනාට පස්සේ මොනවා කිවත් වැඩක් නෑ. (ර)
දැන් ඉන්නේ ළමයි නොවෙයි, මහා මිනිස්සු (නි)
මෙවැනි සිද්ධි ලොව පුරා රටවල සිදුවෙනවා. මේ දෙදෙනා උල තියන්න කියලද විමුක්ති කියන්නේ? ඔවැනි ආකල්ප නිසා සියදිවි නසාගැනීම් වලට ඉඩතියන්න එපා.කරුණාකර පව්කාරයාට ගල්ගැසීමේ කතාව කියවා බුද්ධිය ඇතිකර ගන්න. (නි)
දරුවන් නිසිලෙස හඳුනා නොගැනීමෙන් සිදුවූ වැරැද්දක් (නි)
අනවශ්‍ය ගැබ්ගැනීම් වළකාලීම සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කළයුතුයි (නි)
බාලවයස්කරුවන්ට ලිංගික අධ්‍යාපනය දෙන්න ඕනෑ. (නි)
රටේ පිරිහීම ගැන කතාකර ඒවා අඩුකිරීමට උපදෙස් දුන්විට පවුකාරයින් ඒවාට උරණ වේ. දැන්වත් සදාචාරාත්මක වෙමු. නමුත් කොසොල් රජතුමා දුටු සිහින සිදුවෙමින් පවතී. (නි)
ඉහත ප්‍රතිචාර දැකීමෙන් ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ පිරිහීම මනාව පැහැදිලි වේ. වැරදි කළවිට මෙලොව පරලොව දෙකම වැනසෙන බව නොදනීද? (නි)
ලිංගික අධ්‍යාපනය කියන්නේ අනවශ්‍ය ගැබ්ගැනීම් වලකා ගැනීම නොවෙයි .මේක ලංකාව අපිට අපේම කියල සාරධර්ම තියෙනවා .පාසල් යන වයසේ මෙවැනි දේවල් අනුමත කරන්න බැහැ.(දිල්)
විමුක්ති ප්‍රතිචාර දාන අයගේ පිරිහීම නෙවෙයි ඔබ බලන කෝණයෙන් නෙවෙයි අනිත් අය බලන්නේ කාලීන කෝණයෙන්. කාලීන ඇසකින් සහ මනසකින් (නදී)
බාලවයස්කාර නිර්වචනය වෙනස් කරමු දැන්. (ර)
දැන් ඉතිතින් මොනා කිව්වත් වැඩක් නෑ. දෙන්නා බන්ඳලා දාන්නයි තියෙන්නේ. හොද පවල් ජීවිතයක් ගෙවන්න පුළුවන්. අවරුදු 30 වෙද්දී 15 ළමයෙකුත් ඉන්නේ එකේ. (ර)
මොන අධ්‍යාපනය දුන්නත් අලුත් නීතිරීති ගෙනාවත් වැඩක් නැහැ දැන් හැදෙන පරපුරටනම්. සාරධර්ම අතින් බැලුවොත් බින්දුවයි. (ර)
අභය, බුදුරජානන් වහන්සේ ලොවට හෙළිදරව් කල කර්මය, කර්ම පලදීම ආදිය කාලයට අනුව වෙනස් නොවේ. අපායේ, දෙව්ලොවේ දොරවල් සැම කල්හිම විවෘතව පවතී. ඒක ලෝක ධර්මතාවයක්. (නදී)
විමුක්ති, වරද -නිවරදිව දරුවන්ට කියාදීම කල යුතුය. අන්දයන් පසුපස සැරයටිය අල්ලා ගෙන යාමෙන් මන්මුලාවේ. (ර)
මෙය බලහත් කර කමකින් හෝ ප්‍රෝඩාවකින් සිදුවන්නට බොහෝදුරට ඉඩ ඇත.ස්වීඩන් රටේ නම් මෙවැනි අවස්ථාවකදී ලියන්නේ සානුකම්පිත ආකාරයෙනි. (බ)
මේවා ප්‍රචාරණයට ඉඩ දීම සුදුසු නැහැ කියලයි මගේ හැගීම.(ම)
දැරියගේ අම්මා මෙච්චර හරියක් වෙනකන් මොකද දන්නේ නැහැ කලේ ? (ම)
දැරියගේ අම්මා මෙච්චර හරියක් වෙනකන් මොකද කලේ ? (ම)