
(පුෂ්ප කුමාර මල්ලවරච්චි)
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ බටලීය මංසන්ධිය ආසන්නයේදී ඊයේ 10 රාත්‍රී සිදුවූ රිය අනතුරකින් යතුරු පැදියක ගමන් කළ තරුණයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි නිට්ටඹුව පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ රදාවඩුන්න ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයන් දෙදෙනෙකි.
පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ කොළඹ දෙස සිට අනුරාධපුරය බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයකට මෙම යතුරුපැදිය ඉස්සර කිරීමට උත්සාහ කර ඇති බවයි.
එහිදී යතුරුපැදිය මුලින්ම ධාවනය වෙමින් තිබූ බස් රථයේ ගැටී ඇති අතර, ඉන් අනතුරුව පාලනයෙන් ගිලිහී ගොස් ඉදිරියෙන් පැමිණි ලොරි රථයේද ගැටී ඊට යටවී ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වීඇත .
මේ අයුරින් බස් රථයේ සහ ලොරි රථයේ යන වාහන දෙකේම යතුරුපැදිය එකවර ගැටීමෙන් මෙම බිහිසුණු අනතුර සිදුව ඇතැයි පොලිසිය සැකකරයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ තරුණයන් දෙදෙනා වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව රෝහල්ගත කිරීමට පියවර ගත්තද, රෝහලට ඇතුළත් කරන විටත් ඔවුන් මියගොස් සිටි බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd