ගාල්ල වක්වැල්ලේ වාහන සේවා ස්ථානයකින් රාත්‍රී කාලයේ රුපියල් 60,000ක් වටිනා බැටරි නමයක් හොරකම් කළ කණ්ඩායමක් ආරක්ෂිත කැමරා දර්ශනවලින් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පෝද්දල පොලීසිය කියයි. ඉරිදා රාත්‍රී 12.00ට පමණ වාහන සේවා ස්ථානය අසළට ත්‍රී රෝද රථයකින් ඔවුහු පැමිණෙති. ඉදිරියට ධාවනය වන ත්‍රී රෝද රිය යළි හරවාගෙන එන්නේ තල්ලුකරගෙන බව දර්ශනවල පැහැදිලිව දක්නට ඇත. දෙදෙනකු සේවා ස්ථානයට ගොස් බැටරි රැගෙන එයි. ඔවුන් අල්ලාගැනීමෙන් පසු සොරකම සිදුකළ ආකාරය සඳුදා රාත්‍රී යළි පුනරූපනය කරවා අවස්ථා දෙක සංසන්දනය කළ බව ද සැකකරුවන්ට අදාල දර්ශන පෙන්වූ බව ද දැනගන්නට ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ මතය මෙම සිද්ධි මාධ්‍ය මගින් ප්‍රචාරය නොකර සිටින්නේ නම් වඩා උචිත බවය. එයට හේතුව අනාගතයේදී මෙවැනි අපරාද කරන්නන් සීසීටී කැමරා ගැන වඩා අවධානය යොමු කර ඒවා මග හැර අපරාද කිරීමට පෙළඹීමට ඉඩ ඇති නිසාය. එවිට මෙවැනි ස්ථාන වල සවි කර ඇති සීසීටී කැමැරා වලින් පලක් නොවේ.(නදී)
හොරු අල්ලලා විතරක් වැඩක් නෑ. දැඩි දඩුවම් දිය යුතුයි. මීට වඩා තරුණ පරපුර නිසි මගට යොමු කරවිය යුතුයි. නැත්නම් රටට අනාගතයක් නෑ. (නදී)
සි සි ටි වී කැමරා පද්ධති හැම ආයාතනයකම සවිකිරීම කල යුතුයි. එතකොට රටේ සිදුවෙන හොරකම් අඩුකිරීමටත් තමන්ගේ ආරක්ෂාවටත් ඒක ඉතා හොද වැඩපිළිවෙලක් වේවි. (නදී)
"යළි පුනරූපනය කරවා අවස්ථා දෙක සංසන්දනය කළ බව ද" මොකක්ද එ්කේ තේරුම. මේක වෙනම කේස් එකක් වගේ (නධී)
බැට්රි පැන්නුවාට,බැස්ටිය හම්බවෙන්න ඇති හොදට.(අ)
ජනතාව බෙල්ලට හිරිකරලා අදික නය අරගෙන රට සංවර්ධනය කළාට මිනිහෙකුට ජීවත් වෙන්න නිසි ආදායම් මාර්ගයක් නැහැ (නදී)
ලබන පාර මේ ගොල්ලෝ ( හොරු ) එන්නේ බැටරි හොරකමට නෙමේ , මෙම සී සි ටි වී කැමරා ටික ගලවන් යන්න , කුඩු ගහන්න මොකක් හරි හොරකම් කරන්න (නදී)
ආශ්චර්ය තමා ඉතින් මේ..... (නි)
අනුර,ලංකාවේ සවිකර තිබෙන සීසීටිවී කැමරා ලොකු වැඩියි.ඒකයි ඔබ ඔහොම කියන්නේ. අලුත්ම කැමරා ඇහැට පෙනෙන නොපෙනන ගානයි.ලෙහෙසියකට කියන්න බැහැ ඒක කැමරාවක්ද කියලා.අනිත් කාරණය තමයි,කැමරා සවිකර ඇති සෑම ස්ථානයකම දැන්වීමක් ප්‍රදර්ශනය කළයුතුයි,ආරක්‍ෂිත කැමරා සවිකර ඇති බව කියා.එවිට හොරුන් එම ස්ථානය කැඩීමට පෙර දෙවරක් හිතනවා.මගේ අදහස නම්, හොරු කැඩුවාට පසු පොලිසි ගානේ තමන්ගේ කාලය,ශ්‍රමය වැය කරනවාට වඩා කැමරා සවිකර ඇති බවට, දැන්වීමක් ප්‍රදර්ශනය කර තමන්ගේ දේපල ආරක්ෂා කරගන්න එක ඇඟට ගුණයි.පිටරට වලත් මෙවැනි දැන්වීම් සෑම තැනකම ප්‍රදර්ශනය කර තිබෙනවා. (නි)
සීසීටීවී කැමරා වලට පින්සිදු වන්නට මෙවැනි හොරකම් සහ මැරකම් බොහොමයක් මෑතකදී එළිදරව් වුණා. අසු වුණා. මම සිතන්නේ කුඩු ගසන්නට මුදල් සොයනා තරුණයන් වාගෙයි (නි)
කට්ටියම ලස්සනට ඉඳගෙන චිත්‍රපටියක් වගේ සිද්ධිය බලනකොට, හොරකම නිසා ලජ්ජා බිය නැතිවීම ගැන මෙනෙහි වෙන්න ඇති.අත පය හොඳට තියන වැඩි දෙනෙක් බලන්නේ හොරකමෙන් ජීවත්වෙන්නයි . (නි)
මීළඟට කැමරාවට වැඩක් දෙයිද දන්නේ නැහැ. බැටරි මේ විදියට තිබුණොත් ඕනෑ කෙනෙකුට ගෙනියන්න පුළුවන්නේ (නි)
රුහුණු, පිහිටි, මායා රටේ වටේම හොරුනේ (නි)
මෙතනින් බඩු හොරකම් කර අහුවුණ මුල්ම වතාව මේකද? (නි)
ජය වේවා! (නි)