ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතට කිලෝමීටර 250ක් දුරින් ගිලෙතියි කියන බෝට්ටුව නාවුරු දූපතට යවන බව ඕස්ට්‍රෙිලියා රජය කියයි.
ඉන්දියාවේ සිට දේශපාලන රැකවරණ පතා ගිය ශ්‍රී ලාංකික සරණාගතයන් 153 දෙනකු මේ බෝට්ටුවේ වෙතියි ඕස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කරයි.
ඕස්ට්‍රේලියාවේ ආගමන විගමන ඇමැති ස්කොට් ටොරියන් කියනුයේ බෝට්ටුවේ ජීවිත අවධානමක් නැති බවයි.
අගමැති ටෝනි ඇබට් කියනුයේ ඕස්ට්‍රේලියා ආණ්ඩුව දැන් ක්‍රියාත්මක කරන නීතිය අනුවම ක්‍රියා කරන බවයි.
දැනට පවතින නීතිය වනුයේ සරණාගතයන් ලෙස ඕස්ට්‍රේලියාවට එන පිරිස් නාවුරු දූපතේ කඳවුරු තුළ රැඳවීමයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු දැන් හොරෙන් යන්නේ නැහැ (දී)
විස ඇතිව ගුවනින් ගිය අය වෙනත් ක්‍රම වලින් තව පිරිසක් එම රටට ගිහින් පදිංචි වෙනවට කැමති නැහැ. ඔය රටවල ඕන තරම් භුමියේ ඉඩ තියෙනවා. ආර්ථිකය ශක්තිමත් . එම නිසා ඔබේ රටේ සහෝදර පිරිසක් ඔය රටවලට මොන ක්‍රමයෙන් හෝ ඇතුළු උනොත් ඒ අයට විරුද්ද නොවී උදව්වක් කරන්න. උදව්වක් කිරීම හෝ නිහඩව සිටීම නීතියානු කුලව එම රටට ගිය ඔබට එහි පදිංචියට භාධාවක් නොවේ. දියුණු රටවල පදිංචිය එක පන්තියකට පමණක් සිමාඋවක් නොවේ. (දී)
මේ සමහරු සරණාගත විසා ලැබුන පසු සමාජ ගත කලාම හැසිරෙන විදිය අන්තිමයි. (දී)
අනේ මන්දා හොරෙන් යන එකටනම් මමත් විරුද්දයි (දී)
රෝය් මම මෙහෙම කෙනෙකුට උදව් කරන්න ගිහින් හොඳ පාඩමක් ඉගෙන ගත්ත කෙනෙක්. (දී)
සරණාගතයෝ තමයි වැඩි (දී)
රෝයි , මම මෙවැනි කෙනෙකුට අනුකම්පා කළා . තමන්ගේ තැනක් සොයාගන්න තෙක් ගෙදර නවත්ත ගෙන කඩයක රැකියාවක් පවා සපයා දුන්න . අන්තිමේ කන්න දීපු අත හැපුවේ මගේ තරුණ දුව විවාහ කර ගන්න ඉන්නේ තමා ය කියලා හැම තැනම බොරු ප්‍රචාර කියවලා . ආයෙත් නම් මම ලංකාවේ කෙනෙකුට උදව්වට යන්නේ නැහැ. (දී)
මේ උදවිය සමහරු මෙහෙ ඇවිත් ඉන්න හැටි රෝයිලා දන්නේ නැහැ . රැකියාවල් ගන්න බොරු සහතික දුන්න උදවිය පවා ඉන්නවා. විසා පරීක්ෂණයේදී පරිවර්තකයන්ට තමන් කියන බොරුව එලෙසම කිව්වේ නැති නිසා "ලංකාවට ආවම බලා ගන්නම් " කියපු ඇත්තන් ද ඉන්නවා. (දී)
මිනිස්සුන්ව බය කරන්න කියන කතා (දී)
නීත්‍යානුකුල විසා නැතිව පැමිණි උදවිය සමහරු ඉන්පසු මෙහෙ ජීවත් වෙන්නෙත් නීතියට පටහැනි දේවල් කරලා . ඒවා ගැන මෙතන ලියන්න බැහැ. උදව් කරන්න පුළුවන්, වෙන මොනවා නැතත් අවංක කම හරි තියනවා නම්. නැතිනම් ජයන්ත ලා වැටුන අමාරුවේ තමා අපිවත් වැටෙන්නේ. (දී)
අපේ රටේ තියෙනවා කියන සංවර්දනය ණය නැති ආර්ථිකය ..වැනි දේවල් අමුම අමු මුසාවක් නිසා තමයි..මේ මිනිස්සු මොනාහරි බොරුවක් ගොතාගෙන, තියෙන සේසතම විකුනලා ..ඒ ඔක්කොටමත් වඩා මිල කරන්න බැරි ජීවිතය පරදුවට තියලා රට හැරලා යන්නේ..එහෙම නැතිව රටට ඇති අනාදරයකින් නොවෙයි....සිතු පැතු සම්පත් දෙන කේතුමතී දිව්‍ය රාජධානිය අපේ රටට පහල කරනවා කියා කියා රට කෑවා..(දී)
රොෂාන් එහෙනම් ඊළඟ බෝට්ටුවේ නැගල යන්නකෝ බය නැතිනම් . මගේ සහෝදරයා ගණකාධිකාරිවරයෙක්. තවම රැකියාවක් නැහැ. මාස 6ක්. දැන් එහෙ රැකියා අමාරු කාලයක්.(දී)
ලංකාවේම ඉන්නකෝ මොකටද රට යන්නේ (දී)
විසා නැතුව හොරෙන් යන්න එපා (දී)
ඔයා අහිංසකාවියක් නොවෙයි වගේ. හැමෝම බලන්නේ තම රටෙන් තමුන් ට ලැබෙන දේ ගැන පමණයි. තමුන් ගෙන් තම රටට විය යුතු මෙහෙවර ගැන හිතන්නේ නැහැ.සියලුම දෙන එකාවන්ව තම යුතුකම් දෛනිකව කාර්යක්ෂම ලෙස රටට ඉටු කරන්නේ නම් අපටත් සිතු පැතු බොහෝ සම්පත් ළඟ කර ගත හැකියි....ඒ නමුත් අපේ අය පදිංචිය ලබාගත් රටට නම් හොඳින් සේවය කරනවා.(දී)
දැන් ආර්ථිකය හොද නෑ. විරැකියාව හුගක් තියනවා. මෙහෙ තරුණ ආදාර හුගක් අඩු කරලා තියෙන්නේ. ආර්ථිකය හොද කාල වලට මිනිස්සු හොයනවා. (දී)
මිනිස්සු දියුණු වෙනවට මිනිස්සුම කැමැති නැහැ (දී)
මිනිහෙක් දියුණු වෙනවට ගරහන්න එපා (දී)
මිනිස්සු ඔහොම තමයි (දී)
කලකිරෙනවා මාතර පාලමෙන් පනින්න හිතෙනවා මාවත් අල්ලන් යයිද දන්නේ නැහැ නැහැ නැහැ පනින්නේ නැහැ (දී)
ඉන්න බැරිනම් ගිහින් බලල එන්න (දී)
කවුද කියන්නේ එහෙම වෙන්නේ කොහෙද (දී)
මොකද්ද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ ,(දී)
බටහිර යුරෝපයට,කැනඩාවට හෝ ඇමෙරිකාවට සරණාගත තත්වයේ පදිංචිය වෙනුවෙන් ඉදිරිපත් කරන තොරතුරු ඕස්ට්‍රේලියාවට වලංගු නොවේ. අසත්‍ය හැමදා ම රජ නොවේ. මෙය සරණාගතයන් යයි කියා ගන්නා අයට ඇතිවෙන දවසක්ද පැමිණෙනු ඇත. (දී)
ටෝනි ඇබට් අගමැති තුමනි ඔබට ස්තුතියි.ඔබ ඍජු තීරණ ගන්නා අයෙක්. (දී)
හොරෙන් ආවා නම් ගිලෙන එකයි වෙන්නේ. හැමදාම බොරුවෙන් දිනන්න බැහැනේ. (දී)
කමක් නැහැ ආපු දෙන්.ඇවිල්ලා ඒ ගොල්ලොම තේරුම් ගනියි බෝට්ටු අයිතිකාරයෝ කියපු ගජබින්නආලන්කාර. හොදටම තේරෙන්නේ නාවුරු දුපතට ගිහින් දැම්මට පස්සේ. (දී)
සෑම මිනිහෙක්ටම තමන් කැමති තැනක ජීවත් වෙන්න අයිතිය දෙන්න (දී)
ලෝකෙන් උතුම් රට වෙච්චි මේ දර්මදීපය දාල පනන් එපා කියල මිත්‍යාදෘෂ්ටික රටකට යන්න හිත හදා ගන්න එකනේ වැඩේ .(දී)
ක්‍රිස් මම කැමතියි ඔයාලගේ ගෙදර ජීවත් වෙන්න. මට ඔයාලගේ ගෙදර දෙන්න. පිස්සු විකාර කියන්න එපා ක්‍රිස්. (දී)
තමිල්නාඩු සහෝදරයොත් පිටුපැවද? (දී)
සමහරු මිනිහෙක් දියුණු වෙනවට විරුද්දයි (දී)
ඔහොම නොවෙයි කොහොම කියුවත් යන කෙනා යනවා (දී)
මිනිස්සු මොකද හොරෙන් හෝ යන්න හදන්නේ කියලා හොයා බැලුවොත් නරකද (දී)
අපි යන්නේ නැහැ (දී)
දැන් සරණාගතයින් ඔස්ට්‍රලියාවට ගන්නේ නැහැ. බොරුවට දුක් විදින්ඩ එනවා .(දී)
නාවුරු ගිහාම තේරෙයි අපහු යන්ද ඕනි කියල.... (දී)