යෝජිත බීජ පනතට එරෙහිව බීජ අයිතිය සුරැකීමේ ජාතික ව්‍යාපාරය අද බත්තරමුල්ල පාලම්තුන හංදියේ සිට රජමල්වත්ත පාරේ පිහිටි ගොවිජන මන්දිරිය ඉදිරිපිටට පාගමනින් පැමිණ සත්‍යග්‍රහයක් පැවැත්වීය.
යෝජිත බීජ පනතට එරෙහිව බීජ අයිතිය සුරැකීමේ ජාතික ව්‍යාපාරය අද බත්තරමුල්ල පාලම්තුන හංදියේ සිට රජමල්වත්ත පාරේ පිහිටි ගොවිජන මන්දිරිය ඉදිරිපිටට පාගමනින් පැමිණ සත්‍යග්‍රහයක් පැවැත්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමල් මහත්තයෝ දැනගෙන කතරගම යන්න. (නදී)
අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි රාලේ. (නදී)
ඇට අයිතිය ගොවියන්ට තිබිය යුතුයි. සමාගම් වලින් ගත්තම කොහොමද ගොවියා රජ වෙන්නේ? ගොවියා බලු කරවන්ද ගෙන පනතක්. අනේ රටක්. (අ)
ලලිත් මහත්තයෝ ඔයාගේ කතරගම ගමනෙන් වැඩක් නැහැ. අැයි මේකට විරුද්ධ වෙන්න බැරි? පැහැදිලි කරන්න. දේශීය දේවල් රකින්න නෙමේද ඒගොල්ලෝ ඉදිරිපත් වෙන්නේ. රටේ දේශීය බීජ අයිතිය කාටද දෙන්ඩ ඕනේ? කෝ උත්තර? (ස)
බන්දුල පෙරේරා මහත්තයෝ ඕවට සල්ලි වියදම් කරපුවහම කෝටි ගණන් වටිනා වාහන පර්මිට් එහෙම අපේ උතුමන්ලාට දෙන්නේ කොහොමද? (නදී)
අර කැසිනෝ තහනම් කරන පනතටම මේකත් ඇතුල් කලා නම් ඉවරයිනේ ආයුබෝවන්. (ස)
මේ පනත සම්මත කරගන්න අත උස්සන්නේ ජාති ද්‍රෝහී දේශ ද්‍රෝහී නුගත්, මේ ලෝකයේ වෙන දේවල් ගැන කිසිවක් නොදන්නා පිස්සෝ රැලක්.මේ බිජ පනතෙන් අවසානයේදී අපට ආවේනික අපේ රටේ බිජ වර්ග වගාකරන්න තහනම් වෙනවා. ලොක්කන්ගෙන් අහන්නේ නැතිව වගා කලොත් හිරේ යන්න වෙනවා.කැනඩාවේ ඒක සිදුවුනා ...සුළගේ පාවි ආපු කපු බිජ ගොවියෙකුගේ ඉඩමක පැලවෙලා අස්වනු නෙලන කාලයට ආණ්ඩුව මේ ගොවියාව හිරේ දැම්ම. නමුත් ප්‍රබල ගොවි සන්විධානවල පීඩනය හමුවේ ඒ අහින්සකයාව නිදහස් කරන්න කැනඩාවේ රජයට සිදුවුණා...මේ පනත සම්මත වුනොත් ..අවසානයේදී ..අපේ රටට ආවේනික බිජ සමහර බහුජාතික සංවිධාන වලින් මංකොල්ල කාවි...ඒ වෙනුවට ජාන තාක්ෂණයෙන් වෙනස්කරන ලද බිජ අපට ලැබේවි....පැලෑටිය ලොකුවෙලා..මල් හටගන්න කාලයට විශේෂ රසායනිකයක් යොදන්න වෙනවා...එහෙම නැතිනම් මල්හට ගන්නේ නැහැ...ඊගාවට ගෙඩි හෙවත් කරල් හටගන්න තවත් රසායනික උත්තේජකයක් යොදන්න ඕන ...නැතිනම් අස්වනු නැහැ....කි වරක් ඔබට මුදල් වියදම් කරන්න වෙනවාද...? තව දෙයක් ඒ කරල්වලින් හටගන්න බිජ අජීවි බිජ ...ඒවා පළවෙන්නේ නැහැ.පලවෙන බිජ ගන්න අර බිජ විකුණන ඒජන්තයා ගෙන්ම ගන්න වෙනවා.තවත් දෙයක් දැන් බටහිර රටවල ජන තාක්ෂණයෙන් හදපු සමහර භෝග තහනම් කරනවා. මේ ලඟදි ප්‍රන්සය සෝයා වර්ගයක් විනාශ කරන්න තීරණය කලා...මේ ගැන ලියන්න මෙහෙම බැහැ...ඒක ලොකු කතාන්තරයක්.ලිපිය දිග වැඩිනිසා කතෘ තුමා මේක පලකරාවීද දන්නේ නැහැ. (ස)
කවුරුහරි පහදලා දෙනවද හරියටම මොකක්ද මේ බීජ පනත කියලා? (නි)
අහිංසා ඔබේ අදහස හරි මමත් එකඟයි එ්කට. මේ පනත සම්මත උනොත් පාරිසරික ගැටළු පවා තව දුරටත් වැඩිවෙනවා. නමුත් මේක සම්මත කලහම අපේ ලොක්කන්ට ලොකු කොමිස් කුට්ටි ලැබෙනවා. එ්ක නිසා රටේ ප්‍රදාන පුද්ගලයන් පවා මේක සම්මත කරන්න උපරිම කතන්දර කියාවි (නදී)
ඉදිරියේදී මීට වඩා විපත්තිදායක දේවල් දේශීය ගොවියා ඇතුළු ශ්‍රී ලාංකික ජනතාවට සිදුවිය හැකි නිසා මේ ආකාරයෙන් හෝ ජන විඥානයක් ගොඩ නංවාගෙන රට බේරාගන්න පොදු ජනතාව පෙළ ගැසිය යුතුයි. (නි)
විදේශ රටවල බීජ, පොහොර පමණක් ගොවියාට නොමිලයේ ලබාදෙනවා පමණක් නොව, යන්ත්‍ර සුත්‍ර කුලියට ලබා දෙන්නේ නාමික මිලක් යටතේ පමණි. මේ නිසා ගොවියාට ඉතා අඩු මිලට එළවලු වෙළද පොළට ලබා දිය හැකි අතර ,ගොවියාටද ඉහළ ලාබයක් ලැබිය හැක. (නි)
මේ විෂය භාර ඇමති වරයා හැම වෙලාවෙම කුරුමාණම් අල්ලන්නෙ ගොවියාට වින කටින්නයි. රසායනික පොහොර ,කෘමි නාශක ,බීජ සමාගම් වල ඔඩොක්කුවෙ ඉන්නේ. (නදී)
අැයි හෙළ උරුමය මේකට විරුද්ද නැත්තේ? (නදී)