ගංවතුර හා නායයෑම් වලින් විපතට පත්වූවන්ට ආධාර රැගත් ගුවන් හමුදාවට අයත් යානයක් බංගලාදේශයෙන් අද (27) උදෑසන ශ්‍රි ලංකාව බලා ගමන් ආරම්භ කළ බව එරට තානාපති ආංරචි මාර්ග පවසයි.
ආධාර තොගයේ වටිනාකම මිලියන සියයක් පමණ වේ. ඖෂධ වර්ග, ජලය පිරිසිදු කරන ද්‍රව්‍ය ඇතුළු ආධාර තොගයක් මේ අතර වෙයි.
අග්‍රාමාත්‍ය ෂීක් හසීනා මහත්මියගේ උපදෙස් මත අදාළ ආධාර තොගය ලබාදීමට පියවර ගෙන තිබේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
බංගලාදේශයෙනුත් ආධාර ගලයි
තිවංක Saturday, 28 May 2016 07:45 AM
කමක් නැහැ. කොහොමහරි ලැබෙනවනේ (නි)
සනත් ගුණවර්ධන ස්විස් Saturday, 28 May 2016 10:33 AM
ලෝකයේ දිළිඳු රටක් වන බංගලාදේශයෙන් අපිට ආධාර ලැබුනා. අපේ මිතුරු රටවල් වන ස්වාසිලන්තයෙන්, උගන්ඩාවෙන්, සෝමාලියාවෙන් ආධාර අාවේ නැද්ද තවම? (නි)
ඉරේෂ් එස්. කුමාර Friday, 27 May 2016 07:37 AM
අපි ඔවුන්ට දෙන්න ඕනෑ කාලේ ඔවුන් අපිට දෙනවා කියන්නේ ඔවුන් අපිට වඩා දියුණුයි කියන එක (නි)