ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (18) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශ පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 158 ක් ලබා ලකුණු 52 ක් ඉදිරියෙන් සිටියේය.
ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේදී ලකුණු 346 ක් රැස්කරමින් ලකුණු 106 ක් ඉදිරියෙන් සිටියේය.
බංග්ලාදේශ පිල පළමු ඉනිම ඕවර 83.3 කදී සියලූ දෙනා දැවී 240
(ජහුරුල් ස්ලාම් 33, මොහොමඞ් අෂ්රාෆුල් 16, මොමිනුල් හක් 64, නසීර් හොසේන් 48, සොහග් ගෂි 32, රංගන හේරත් 68/5, නුවන් කුලසේකර 54/3) සහ දෙවැනි ඉනිම ඕවර 69 කදී කඩුලූ 4 ක් දැවී 158 (තමීම් ඉක්බාල් 59, ජහුරුල් ස්ලාම් 48, මොමිනුල් හක් නොදැවී 36, රංගන හේරත් 45/3)
ශ‍්‍රී ලංකාව පළමු ඉනිම ඕවර 111.3 කදී සියලූ දෙනා දැවී 346
(දිමුත් කරුණාරත්න 17, කුමාර් සංගක්කාර 139, ඇන්ජලෝ මැතිව්ස් 16, දිනේෂ් චන්දිමාල් 102, කිත්රුවන් විතානගේ 12, නුවන් කුලසේකර 22, ශාමින්ද එරංග 15, රොබියුල් ඉස්ලාම් 52/2, රුබෙල් හොසේන් 45/2, අබුල් හසන් 80/2, සොහග් ගෂි 111/3)
(ඡයාරූප: ශාන්ත රත්නායක)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම අවසානය උදා උනේ නැහැනේ (දී)
උඩ පන්දුත් සෑහෙන්න අත හැරුනානෙ. නැත්නම් අදම වැඩේ ගොඩ දාගන්න තිබුණා. (නි)
අපි පරදින්න පුළුවන්. දෙවන ඉනිමේ ආරම්භක පිතිකරු විදියට දිමුත් නොයැව්වා නම් හොඳයි. පන්දු යවන්නන්ගෙන් නම් කිසිම වැඩක් නැහැ හේරත්, කුලා ඇරුනාම . (නි)