(යොහාන් භාසුර)

සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 235ක් රැස් කළේය.

බංග්ලාදේශ පිල ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 4.72 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 236ක් රැස්කළ යුතුය.

ජනිත් ලියනගේ අන්තයක් ආරක්‍ෂා කරගනිමින් සටන්කාමී ඉකිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාව ලකුණු 200 න් එහාට රැගෙන ආවේය. ජනිත් පන්දු 102 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 101 ක් රැස්කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා පිලේ නායක කුසල් මෙන්ඩිස් කාසිය ලබා පළමුව පන්දුවට පහර දීම තෝරාගත්තේය.

ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී සියලු දෙනා දැවී 235

(කුසල් මෙන්ඩිස් 29, චරිත් අසලංක 37, ජනිත් ලියනගේ නොදැවී 101, මහීෂ් තීක්‍ෂණ 15, ටස්කින් අහමඩ් 42/3, මුස්ටෆිෂූර් රහමන් 39/2, මෙහෙදි හසන් මිරාෂ් 38/2)