බංගලාදේශයේ මහ බැංකුවේ පරිගණක ජාලයට අනවසරයෙන් ඇතුළු වී ඇමෙරිකා ඩොලර් කෝටි දෙකක් (රුපියල් කෝටි 293.44 ) ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ සිද්ධියකට සම්බන්ධ බව කියන ශාලිකා ෆවුන්ඩේෂන් සමාගමේ ගිණුමට මුදල් එවා ඇත්තේ ජපන් ජාතික ව්‍යාපාරිකයකු බවට රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ කරුණු කියා සිටියේය.
ජපන් ජාතික සසකයි තරාසි මෙරට පිහිටි පෞද්ගලික බැංකුවක තිබූ ශාලිකා ෆවුන්ඩේෂන් සමාගමේ ගිණුම වෙත මෙම මුදල එවා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd