බංගලිදේශයේ බෞද්ධයන්ට හා බෞද්ධ භික්ෂූන්ට සිදුවන අන්තවාදී බලපෑම්වලට එරෙහිව චිතගොං කඳුකර මහා සංඝරත්නයේ අත්සනින් යුත් පෙත්සමක් අද(18) කොළඹ බංග්ලිදේශ තානාපති කාර්යාලයට බාර දීම සිදුවිය. බංග්ලිදේශ භික්ෂූන්වහන්සේලා 40 නමක් බෞද්ධාලෝක මාවතේ සිට තානාපති කාර්යාලයට පාගමනින් වැඩම කළහ.
බෞද්ධයන් බහුතරයක් වෙසෙන බංග්ලිදේශයේ චිතගොං කඳුකරයේ රංගමති හා කග්ගච්චරී දිස්ත්‍රික්කයන්හි පසුගිය 15 හා 16 දිනවල සංවිධානාත්මක මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් විසින් ගම්මාන 3 ක් ගිනි තබා නිවාස 50කට වැඩි ප්‍රමාණයක් විනාශ කර ඇතැයිද අවුරුදු 14 ක දැරියක කෙලෙසා මරා දමා ඇතැයිද ඒ හිමිවරුන් තානාපති කාර්යාලයට බාර දුන් සංදේශයේ දැක්වේ.
මැර කණ්ඩායම් පසුපස ඇතැම් රාජ්‍ය නිලධාරීන් හා බංග්ලාදේශ හමුදාවේ පිරිස්ද සිටින බවත් එරට බෞද්ධයනට ඔවුන්ගෙන් රැකවරණ නොලැබෙන බවත් බංගලිදේශ හිමිවරු කියති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බංගලිදේශයේ ප්‍රශ්න විසදන්න පෙර අපේ රටේ හොරකම දූෂණය නැතිකරන්න පෙරමුණගන්න (නදී)
සුනේත්‍රා, ඔයාගේ දැනුම ගැන දුකයි. (නි)
මේවා එක එක සංවිධාන හදාගෙන ඉන්න අය සම්බන්දවෙලා කරන වැඩ, මේ වෙලාවේ රට තුල අවදානය වෙන පැතිවලට යොමුකරවන්න (නදී)
මොන කරන්නද? කොහේ කොතනක වුණත් අසාධාරනය වෙලා තියෙන්නෙ බෞද්ධයන්ට.පිළිකුල් ලෙස හෙළා දකිනවා. (නි)
ලංකාවටත් මේක වෙන්න කලින් දැන්ම ආරක්ෂා වෙමු. (නදී)
මේවා හොද පාඩම් අපිට. කොන්ද පන තියන පාලකයෝ නැති උනහම රටකට වෙන ටික තමයි මේ (නදී)
නැගෙනහිර දැම්මම හැදුවේ නැත්නම් වෙන්නේ බංගලිදේශේ අනිත් පැත්ත. කොටින්ව නැති කරන්න වියදම් කරපුවට වැඩියේ වියදම් කරන්න වෙයි. (නදී)
ලීල් මහත්තයෝ, මෙතන ප්‍රශ්නය තියෙන්නේ පාලකයාගේ කොන්ද පන නැති කම නෙවෙයි. පාලකයාට සුළු ජාතීන් ආරක්ෂා කරන්න උවමනාවක් නැතිකම. (නදී)
සමන්ති, ඔයාලා හිතාගෙන ඉන්න හැටි වැරදියි (නි)
අපිත් කල්පනාවෙන් ඉන්න එක තමයි කෝකටත් හොඳ (නි)
සුජිත් සිංහල ජාතිය,බුද්ධාගම ආරක්ෂා කරනවට වඩා වෙළදාමේ සහ ආක්‍රමණිකයන් ලෙස ලංකාවට ආපු අයව හුරතල් කරන්න වෙලාව තියෙනවා (නදී)
කොන්ද පණ ඇති රුහුණේ නායකයෙක් අපිට ඉන්නවා.ඉදිරියටත් එහෙමමයි, එම නිසා බයවෙන්නට කාරණයක් නැහැ. එහෙම නොවුණොත් අපේ රටටත් මේ දේ වෙන්න පුලුවන්. බුදු සරණයි, දෙවි පිහිටයි මේ පින් බිමට... (නි)
මේ හාමුදුරුවරු කියන්නේ පස් පව් නොකරන සමාජයක මානව හිමිකමක් ගැන. සමහරු බොරුවට කලබල වෙලා (නි)
සහන්, බලයට අාවහම සේරම අමතක වෙනවා. ඔයා වගේ අය තමයි නාස්තිය, දුෂණය ඉතිරිකිරීම තුලින් සැපවිදින සිහිනය දකින්නේ. කවුරු බලයට ආවත් විපක්ෂය ඔය සිහිනයේ බාලයෝ ගිල්වනවා. (නදී)
මෙතනට ලියන සමහරුන්ටනම් ලෝකය ගැන ලෝකයේ සිද්ධ වෙන දේවල් ගැන කිසිම අවබෝධයක් නැහැ . මේ බංගලි හාමුදුරුවරු මෙහෙට වෙලා ඉන්නේ ජිවිතේ බේරගන්න ඕන නිසා . දලයි ලාම තුමා ටිබටයෙන් පිට ඉඳගෙන රට වෙනුවෙන් කරන කාරියම තමා මේ හාමුදුරුවරු කරන්නෙත් , ලෝකය පුරා මුස්ලිම් අන්තවාදීන් කරන කුරිරු ගාතන ලෝකයේ දස දෙසින් දිනපතාම ඇසෙනවා , වැඩි ඈතක නොගොසින් අපිටත් මේ පරිප්පුව කන්න වෙනවා , වසර දෙදහස්පන්සිය ගණක ඉතිහාසය පුරාවටම මේ රටේ යුග පුරුෂයෝ බිහිවෙනවා එ් නිසා මේ උතුම් ධර්මද්විපය විනාස කරන එකනම් ලේසි වෙන්නේ නැහැ පුතෝ, (අ)
රත්වෙනතුරු දිය සැළියේ.... කකුළුවෙකුත් දිය කෙළියේ..... (නි)
බංගලි බොදුනුවන් ලංකාවට ගෙන්වා ගනිමු (නි)
කවදාහරි අපිටත් මේ ටික තේරෙයි. හැබැයි එතකොට ප්‍රමාද වැඩිවෙයි (නි)
ලීල්, මේවා හොඳ පාඩම් තමයි. කොන්ද වගේම කටත් පණ ඇති හොඳ නායකයෙක් ලංකාවේ නම් ඉන්නවා. ඒකත් නැති කරන්න තමා කට්ටියම සූදානම් වෙන්නේ.වැරදිලාවත් එහෙම වුණොත් එදා මැලේසියාව,අද බංගලිදේශය,හෙට? ශ්‍රී ලංකාව කියලා හිතාගත්තාට කමක් නැහැ (නි)
බොදු බල සේනා කෝ? (නි)
සහන් බංගලිදේශයේත් මෙහෙම දේවල් වෙනවා. ඔබ දන්නේ නැහැ (නදී)
ඉස්ලාම් ධර්මය මෙතෙක් ලෝකය පුරා පතුරුවේ ඉතාම සාමකාමී ලෙස බවයි අපි අසා තිබෙන්නේ. ඉතින් හරිම පුදුමයි මෙහෙම දේවල් සිදුවෙනවා කියලා. (නි)
ඇයි ඉතින් මේක බංගලිදේශයේ දී බාරනොදුන්නේ? මේ පෙළපාලිය එන බව පොලිසිය දන්නවාද? අපේ රටේ පිහිටි තානාපති කාර්යාල වලට ආරක්ෂාවක් නැද්ද? (නි)
ඔන්න අපේ බොදු බල සංවිධානයට කරනවා නම් වැඩක් (නි)
මේ උද්ඝෝෂණයේදී කවුරුවත් කලකෝලාහල කරන්න ගියේ නැහැ. බොහොම සාමකාමී ලෙසයි සිදුකළේ (නි)