(ඩයනා උදයංගනී)
නිරිත දිග හා ගිණිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය, ගැඹුරු පිඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර එය ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළ ආසන්නයෙන් ගමන් කර ඉදිරි පැය 36 තුළ ඉන්දියාවේ උතුරු තමිල්නාඩ් වෙරළට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙහි බලපෑමෙන් උතුරු, උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඌව පළාතේත්, රත්නපුර, හම්බන්තොට, නුවරඑළිය දිස්ත්‍රික්කවලත්, සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ඔහු සඳහන් කළේය.
හම්බන්තොට සහ අම්පාර දිස්‍ත්‍රික්කවලත් උදෑසන කාලයේද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව ඔහු කීය.
උතුරු පළාතේත්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තරමක තද සුළං ඇතිවන අතර කන්කසන්තුරය, ත්‍රිකුණාමලය හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල, නැවත් දැනුම්දෙන තුරු ධීවර හා නාවික කටයුතු නොකළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොතරම් හොඳද අනේ..? 225 යන්නකෝ... මේන් වැන්දා..!