දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශකවරයකු වු බෙංගමුවේ නාලක හිමියෝ තංගල්ල කාල්ටන් නිවසේදී ධර්ම දේශනය පැවැත්වුහ.
නිවසේ මිදුලේ රතු පළසක් එළා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ බිරිය ශිරන්ති පුතුන් වන නාමල් හා රෝහිත ද සෙසු පිරිස් සමඟ බණ ඇසූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙහාන්, හැබැයි වැඩියෙන් වටින්නේ අදාළ ලිපියෙන් කියැවෙන දේ නුවණින් සළකා ඒ ගැන අදහස් පළකිරීම බවයි මගේ වැටහීම (නි)
ඔබතුමා කරගෙන ආ දේ නොනවත්වා මේ විදියට කරගෙන යන්න. නොසෙලන අදිටනින් ඉදිරියේදී නැවතත් රට බාරගන්න .(ස)
සබ්බ දානං ධම්ම දානං ජිනාති කියනවානේ. මේ ධර්ම දානමය පින් බලෙන් එතුමාගේ සියලු පැතුම් සඵල වේවා! එතුමාට නිරන්තරයෙන් ආරක්ෂාව සැළසෙත්වා! වෛරී සිත් ඇත්තෝද වෛර නැති සුවපත් වූ සිතැත්තෝ වී අපේ රටට යහපතක්ම වේවා! (නි)
මෙතුමාගේ සියළු වැඩකටයුතු සාර්ථක වේවා! (නි)
දැන් වැඩිය සෙනඟ එන්නේ නැහැ වගේ ..... (නි)
මහින්ද මහත්තයා දැන් හරි උපාසකයෙක් වෙලානේ.පවුල පිටින්ම බණ අහනවා, පන්සල් යනවා. (නි)
ඔබතුමාට බුදුසරණයි! (නි)
අහපු බණ හිතට ගත්තා නම් මීටකලින් මෙහෙම වෙන්නේ නැහැ මහත්තයෝ (නි)
ඔබතුමාට සියළු දෙවි පිහිටාරක්ෂාවයි (නි)
අසන බණ පදයේ ආකාරයට හරියට වැඩ කරන්න (නි)
ලක්වැසි සියලු දෙනාගේ ආශිර්වාදය ඔබතුමාට ලැබේවා! (නි)
මෙතුමා දැන් ආගමික කටයුතු වලට බොහොම බරයි (නි)
බණ සිතට ගන්න තණ්හාව ආශාව දුරුකරගන්න (නි)
ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ඇත !!! බලය ලැබුණුවිට බලයෙන් මත්වී ජනතාව අමතකකර තමාගේ සුඛවිහරණය ගැන සිතමින් රාජ්‍ය දේපල විනාශ කරන්නේද ඔහු රජකමට සුදුසු නැතිබව බුදුන් වහන්සේ දේශනා කළසේක! (නි)
කුහක අදහස් දැමු පින්වතුන්ටත් සැනසීම ලැබේවා!!! (ස)
තිලක් -ඩුබායි, මොකද්ද අදහන දහම? ඔයතරම් වෛරය,ක්‍රෝධය.....? අහෝ දුකකි...! ඔය ඔක්කොම හරි මහත්තයෝ, එන්න ලංකාවට. (නි)
එතුමා කවදත් ආගමට ජාතියට ලැදියි . කවදාවත් රට ආගම ජාතිය පාවල දුන්නේ නැහැ බල තණ්හාවට (ස)
ආයෙත් දේශපාලන කටයුතු කරන්න දඟලන්නේ නැතුව බණ අහගෙන ඉන්නවා නම මෙතුමා කොච්චර හොඳද? (ස)
ජාති වාදී බණ දැන් කවුරුවත් පිළිගන්නේ නැ .ඡන්දෙ කාලේ දිගටම TV එකේ දේශන කළානේ ඒත් වැඩක් උනේ නෑ නේද ? (ස)
බණ ඇසීමත් අසන බණ ධහම් ක්‍රියාවේ යෙදීමත් මහත් මල මාහානිසංස ලබෙන බවත් ධර්මයේ හැසිරීමෙන් ධර්මයේ ආරක්ෂාව ලැබෙන බවත් හිටපු ජනපතිතුමන්ට අවබෝද වේවා. (නදී)
"නජච්චා වසලෝ හෝති -නජච්චා හෝති බ්‍රාහ්මණෝ - කම්මනා වසලෝ හෝති -කම්මනා හෝති බ්‍රාහ්මණෝ" (නි)
සිංහලයන්ට පුළුවන් තරම් කුඩු , අරක්කු පොවපු, සිංහලයන්ගේ සල්ලි හොරකම් කරපු, සිංහලයන්ට ආසනික් දීල මරපු අය දැන් ජාතිවාදය අවුස්සලා බලයට එන්ඩ හදනවා. (නදී)
බන අහගෙන බනේම හැසිරීම වටියි. නොදැක්ක දෙවියන් අතහැරීම මැනවි.(නදී)
බටහිර කුමන්ත්‍රණවල ඉත්තන් වූ පාලකයින්ගේ දුර්දාන්ත පාලනයන් මීට පෙර අප අත්විඳ ඇත්තෙමු. වසර 30 ක් යුද්ධයක් කළේ මේ පරගැති පාලකයින් වූ අතර එය වසර තුනකින් නිම කළේ මහින්ද රාජපක්ෂයි. ඒ නිසා ජාතිය වඩාත් ණය හා ජාතියට වඩාත් ණය පාලකයින් කවුරුන්ද යන්න ජනතාව හොඳින් දන්නා බව සඳහන් කළ යුතුය. රාජපක්ෂ නාමය ලාංකීය දේශපාලන බිමෙන් අතුගා දැමීමට ගෙනයන කුමන්ත්‍රණකාරී හා බටහිරවාදී මේ ජහපාලනයේ තරම ඉදිරියේදී ජනතාවට වඩාත් හොඳින් අවබෝධ වනු ඇත. මේ සිංහල බෞද්ධ රටක්. ඒ බව අමතක කර අබෞද්ධ හා පරගැති චින්තනයන් මත දිවෙන මේ ක්‍රමය කිසිම දිනත රටට හිතකර නොවන බව දේශප්‍රේමී ජනතාව අවබෝධ කරගෙන ඇත. (නදී)
අපේ හමුඳුරුවනේ,කිව්වා නේද පැරදුණත් තව අවරුදු දෙකක් ඉන්නවා කියලා.කෝ ඉතින් ?(දිල්)
මේකේ සමහර අයට කෙටි කාලීන අමතක වීමේ රෝගය තියෙනවා වගේ.(නදී)
අසන බණ ආකාරයට හරියට වැඩ කළා නම් මෙහෙම වෙන්නේ නැහැ . රට්ටුන්ව රවට්ටන්නට කරන වැඩ මේවා . පැරදුනාට පසුව විශ්‍රාම අරගෙන දිනපු අයට රට කරගෙන යාමට ඉඩ දෙනවනම් බණ අහනවට වැඩිය පින් . (ස)
රටටම පේන්න බන ඇහුවට වැඩක් නෑ ධර්මයට අනුව ජීවත් වෙනවා. (ස)
අර ඉන්නේ හෂාන් තිලකරත්න සහ නෝනා නේද ? එක එක කාලෙට මේ ජෝඩුව විවිධ පක්ෂ නායකයන්ගේ ගෙවල් වලට රිංගනවා. මේක බණ අහන්න ආපු ගමනක් නම් හොඳයි. හැබැයි පසුගිය කාලයේ මේ ජෝඩුව කියපුවා ඇහුවාම එහෙම දෙයක් නම් හැඟෙන්නේ නැහැ. (ස)
අප ජන හදවත් දිනු මහින්ද මැතිදුණි ඔබට සියලු දෙවි දේවතාවන්ගේ ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා ,ඔබට ජය පතමි. ඔබ නැති රටක් අපට නැත (ස)
මම මේ බැලුවේ අර සළු වඩන නිලමේ තනතුර හොබවන සුමුදු හේවා මෙතන ඉන්නවද කියලා ! (ස)
බණ ඇහුවාට විතරක් මදි. පිළිපදින්නත් ඕන. (හේ)
ආගමේ වැඩ කරන එක ඉතා හොඳ නමුත් ආගමට මුවා වී පටු දේශපාලන අභිමතාර්ථ ඉෂ්ඨ කර ගන්න යාම නම් හොඳයි කියන්න බැහැ. පවතින පාලනය විවේචනය කරනවා නම් එක ප්‍රසිද්ධ රැස්වීමක් තියලා ඒක කරන එක හොඳයි. (දිල්)
ඔබයි අපගේ එකම බලාපොරොත්තුව (නි)
ඔබතුමාට අපි මුළු හිතින්ම ආශිර්වාද කරන්නෙමු (නි)
අපේ රටේ මිනිසුන්ගේ මොළ යථා තත්වයට පුනරුත්තාපනය කරන්න අමාරුයි (නි)
ඔබතුමාට බුදු සරණේ පිහිටෙන් නිදුක් නීරෝගීභාවය ලැබේවා! (නි)
අපේ මිනිසුන්ව කවදාවත් හදන්න බැහැ (නි)
හොඳට බලාගන්න මිනිසුනේ..! (නි)
ඔබට බුදු සරණයි! (නි)
දකිද්දීත් මට නම් කේන්ති යනවා. (නි)
අනේ! මම නම් මොකුත්ම කියන්නේ නැහැ (නි)
අනිත්‍ය මෙනෙහි කර ගන්න. බලය හැමදාම නොපවතින බව සැමදේ අපව හැරයන බවම පසක්කර ගන්න. (ස)
ඔබතුමාට තෙරුවන් සරණින් ඇතිවන සියලු කරදර දුරුවේවා. (ස)
මෙතුමා කෝට්ටේ පිහිටි අලංකාර පිකොක් මන්දිරය මිලදී ගත්ත කියල ආරංචි වුනා. දැන් එහෙම නම් කොළඹ ඉන්න උදවියට එහෙට ගිහින් බැරිය බණ අහන්න !. (ස)
සමහරවිට ආසියාවේ චෞරම දේශපාලන පවුල විය හැකියි. (ස)
මහින්ද මහත්මා රට ජාතිය ආගම රැක ගැනීමට කල අනුපමේය මෙහෙවර කල ගුණ දත් ජනතාව හොඳින් දන්නවා.මොන කුමන්ත්‍රණ බලවේග ආවත් එතුමාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය තියෙනවා ඔබතුමාට .බුදු සරණයි. (ස)
ලංකාවේ උදේටත් බණ,රෑටත් බණ නමුත් ලෝකයේම නැති නරක වැඩ. (ස)
බණ අහගෙන ඉන්න කොට මේ හැමෝ්ම කොච්චර හොඳද?(දිල්)
ඩුබායි තිලක් මහතාගේ ක්‍රෝධය නිවේවා!(දිල්)
බොහොම අගෙයි ! (හේ)
අනේ මටත් එතන ඉන්න තිබුනානම් කියලා හිතුනා.පරිසරයේ තිබුණු ශාන්ත බව දුර රටක සිටියත් සිතින් මෙනෙහි කලා. කොහොම වුනත් ඩුබායි තිලක්ගේ හිතේ දළු ලා නැගෙන වයිරය ,ක්‍රෝධය යහපාලනයේ මෛත්‍රී බලයෙන් දුරුවේවා . (ස)
අසන බණ පිළිපදිනවා නම් කොච්චර හොඳයිද ? (නදී)
වෛරීය සිතුවිලි වලින් ප්‍රතිචාර දාන අය මේ පින්බලෙන් වෛර නැත්තෝ වෙත්වා ! (නදී)
එදත් බණ් ඇහුවා නම් හොඳයි (නදී)
සමහරුන්ට එතුමා බණ ඇහුවත් වැරදියි (නි)
ඔබ ආගම දහමට ළංවීම හොඳයි (නි)
සජීව කියන්නේ තිලක් -ඩුබායි, ඔහු හරි මොකද රටින් පිට ඉන්න කෙනෙකුට ලංකාවේ වෙන විනාසය පැහැදිලිව පේනවා ඒ හින්ද තමයි නිතර තිලක් -ඩුබායි ජනතාවට නිවැරදි පණිවිඩේ දෙන්න හදන්නේ මමත් දැන් රටවල් 15 විතර ගහිල්ල තියෙනවා වැඩකරලා තියෙනවා අපේ රටේ මිනිස්සු කොයිතරම් මුලවෙලද ඉන්නේ කියල හොදටට තේරෙනවා ජනතාවට මොනවද තිබෙන පහසුකම් ජතාවට ජීවිතේ වදයක් කරලා තියෙන්නේ අනිත් රටාව මිනිස්සු ජීවිතය හරි ලස්සනට රස විදිනවා රජයෙන් ඒ පහසුකම් දීල තියෙන්නේ මෙවැනි දෑ පැහැදිලි කරන්න බැහැ ලින් ගෙම්බන්ට මොකද ලෝකේ ගැන සහ තමා ගැන අවබෝදයක් නැති නිසා ඒ තුලින් වෙන්නේ මුළු රටටම ඒ පලවිපාක විදින්න දෙසපලුවෝ හැමදාම කැමති ජනතාව අසරණ වෙලා ඉන්න තරමට එවිට ඔහුන්ගේ මඩිය තරකරගන්න පහසුයි රාජපක්ෂ නළුවන් ජනතාව මුළාකර ඔහුන් තමන්ගේ මඩිය තර කරගතු කට්ටියක් පසුගිය වසර 10 තුල කරපු වින්හයිය අද නොතේරන සැමට තව වසර 10කින් තේරේවි ඒ විනාසේ එදාට පරක්කු වැඩයි අනාගතය ගොඩ නගන්න්නම් අපි බුද්දිමත් විය යුතයි හරි තීරණ ගත යුතුයි. (ස)
අවන්ති, ඔය ටික මට නෙමෙයි කියන්න තියෙන්නේ (නි)
නදීරා මහත්මියත් ඔබතුමියගේ මව් පිය සහෝදර නෑදෑ දුදරු සියල්ලත් මේ රටේ නිදහසේ මරබිය නැතුව හුස්මක් ගන්නේ ඔය පවුලේ නායකයා රටේ නායකයා වුණ නිසයි..හොරකම් කළ දේවල් ඔප්පු කරලා පෙන්නන්නකො පෝය දවසේ අපිට පව් පුරවන්නේ නැතුව.කුහකකම, ගුණමකුකම, දුෂ්ටකම වගේ ඔය ඔබතුමියගේ වචන වලින් පෙරෙන නුහුගුණ පෝය දවසේවත් හංගාගෙන දෙයියනේ කියලා යන තැනකට වැඩක් කරගන්න. (නි)
මුල ඉඳලම සාස්තර කාරයන්ගේ කියුම් අහනේ නැතුව බුදුබණ ගැන විශ්වාසයක් තියාගෙන වැඩ කලානම් ඔහොම වෙන්නේ නැහැ (ස)
නොනැවතී ඉදිරියට යන්න .(හේ)