“ආහාර සංස්කෘතිය ඇතුලේ බෙදුම්වාදයක් ගෙනල්ලා රටේ නැති ප්‍රශ්න ඇති කරන අන්තවාදී කණ්ඩායම් වල ඊළඟ ඉලක්ක තමයි රටේ බැංකු පද්ධතිය , මුදල් ඒකක නැත්නම් බැංකු ක්‍රමය තුළ ඔවුන්ගේ නිතිය අනුව බැංකු ආක්‍රමණය කිරිම‘ යැයි බොදු බල සේනාවේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (23) කොළඹ පිහිටි මහ බැංකුව වෙත පැමිණි අවස්ථාවේ දී පැවසූහ.
කිසිදු සාකච්ජාවකින් තොරව බැංකුවලට මෙම ආක්‍රමණයන් ඇතුළු වී ඇති බවත් මේ සම්බන්ධයෙන් සමාජයේ කතිකාවන් ඇතිවුවද එයට කන් නොදුන් පහුගිය රජයට දොස් නඟන බවත් ඥානසාර හිමියෝ කීහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා පෙන්නල දෙන්නවත් ඉන්නෙ බොදු බල සේනාව විතරයි. (ර)
"ඉස්ලාමික් බෑන්කින් සිස්ටම්" තියෙන්නේ මුස්ලිම් අපිට මිසක් ඔයාලට නෙවෙයි. අපි පොලිය බාවිතා කරන්නේ නැති නිසයි මේ ක්‍රමය බාවිතා කරන්නේ. මේකේ වාසියත් බැංකුවටයි අපිට නොවෙයි. ඒ නිසයි බ්‍රිතාන්‍ය අගමැතිතුමාත් ප්‍රසිද්දියේම කිව්වේ ඉස්ලාමික් බෑන්කින් සිස්ටම්" පුළුල් කල යුතුයි කියා. (ර)
අන්වර්, ඔයගොල්ලෝ පොළිය වෙන නමකින් ගන්නවා.බැංකුවට ඇති වාසියක් නැහැ (නි)
අන්වර්, දැන් බ්‍රිතාන්‍ය හොද උනාද වෙනදට පලු පැලෙන්න බනිනවනෙ.? (ර)
අන්තවාදය ලෝකය විනාශ කරන්න යන බව තමා පෙන්නේ (බ)
විජිත ඔබේ බූදලයක්ද ලංකාව (බ)
ඇත්තෙන්ම මේවට රජය දැඩි නීති රීති පැනවිය යුතුයි. රජයේ සෘජු ප්‍රතිපත්ති නැත්නම් ජන ජීවිත අනතුරේ. පාරිබෝගිකයන් දැනුවත් වීම අනිවාර්ය දෙයක්. විශාල වශයෙන් කාබනික ක්‍රම යොදා අද සිට දේශීය නිෂ්පාදන වැඩි කළ යුතුයි (නදී)
කමල්, ලංකාවේ ඉදගෙන අපි මොකටද පකිස්තානෙට හුරේ දාන්නේ.? මේක අපි ඉපදුනු රට අපි මැරෙන්නෙත් මෙහෙ... (ර)
චීවරයට නොගැළපෙන ලෙස කරන සමහර අයගේ ක්‍රියා නිසා තවත් අවුල් ඇතිකරන බවක් පෙනේ. අධික පොළී අයකර ජනයා සූරාකෑම වැළැක්වෙන ක්‍රමයක් බව කියන මෙම අලුත් බැංකු ක්‍රමය ලෝකයේම පිළිගත් ක්‍රමයකි. සමහර අය මෙසේ විරුද්ධ වූවාට ලෝකයේ පිරිසිදු බැංකු බැංකු ක්‍රමය වැළැක්විය නොහැක. (නි)
ආර්ථික අවපාතය තුල සියලුම වාණිජ බැංකු ක්‍රම පහුගිය කාලයේ කඩා වැටුනත් ඉස්ලාමිය බැංකු ක්‍රමය පමණි කිසිම ආර්ථික අවපාතයකට හසුනොෙවුනේ, එය එම බැංකු ක්‍රමයේ ඇති කාර්යක්ෂමතාවයි. මෙය ආගමික දෘෂ්ටිකෝණයෙන් විතරක් නොබලන්න සහෝදරවරුනි. (ස)
ඉස්ලාමීය බැංකුකරණයේ සහ බටහිර බැංකුකරණයේ ප්‍රධානම සහ එකම වෙනස ඉස්ලාමීය බැංකුකරණයේ පොලිය ලබා නොදීමයි. ඒ වෙනුවට ඔබ තැන්පත් කරන මුදල බැංකුව විසින් ආයෝජනය කර ලබන ලාභයෙන් ප්‍රතිශතයක් ඔබට ගෙවනු ලබයි. උදාහරණයක් විදිහට රුපියල් ලක්ෂයක් ඔබ බැංකුවේ තැන්පත් කර, බැංකුව විසින් රුපියල් 10000ක ලාභයක් ඉන් ඉපැයුවේ නම්, පූර්ව එකඟතාවය අනුව ඉන් ප්‍රතිශතයක් (40%ක් පමණ) ඔබට ගෙවනු ලබයි. මෙය පිලිබඳ අද්‍යයනයක් කල අයෙකුට මෙය බටහිර බැංකුකරණයට වඩා සාධාරණ ක්‍රමයක් බව වැටහෙනු ඇති. මතක තබා ගත යුතු ප්‍රදානම දෙය නම් අප ගැතී වී සිටින්නේ අපට ආවේනික ක්‍රමයකට නොව බටහිරින් මෙරටට හඳුන්වා දුන් බැංකු ක්‍රමයකටය. මෙයින් රටට සිදුවන්නේ හානියක් නොව සාධාරණ සමාන්තර ගනුදෙනු බැංකු ක්‍රමයක් රටට හඳුන්වා දීම පමණි. හැම දෙයකම අන්තවාදය දකින අයට මෙයත් වරදක් ලෙස පෙනෙනු ඇති. (ස)
එහෙනම් ලංකාවේ මුස්ලිම් අයට දෙන්ට ඕනේ දඬුවමුත් ෂරියා නීතියට අනුව විය යුතු නැද්ද? (ස)
අපේ හාමදුරුවන් හරි. මුන්වහන්සේ විතරයි සිංහල අපි වෙනුවෙන් කතා කරන්නේ. මහා නායක කියලා කියන ඇතැම් පිරිස් සිවුර දාගෙන මේ ආණ්ඩුවට කඩේ යනවා. මුන්වහන්සේ මහනායක තනතුරට පත් කර බුද්ද ශාසනය හා සිංහල ජාතිය ආරක්ෂා කල යුතුයි. (ස)
මුස්ලිම්ස් මිනිස්සු ලෝකය හැම රටකම ප්‍රශ්නයක් වෙලා , යුරෝපය දකුණු හා නැගෙනහිර ආසිය රටවල ලොකු ප්‍රශ්නයක්. ලංකාවේ ඉන්න මුස්ලිම් ඇරබික් උනාට ආරබික් මුස්ලිම් වෙස්ටෙර්න් වෙලා. රටක ඉන්න කොට ඒ රටතුල ඉන්න ප්‍රධාන ජාතියට ගරුකරන්න මුස්ලිම් දන්නේ නෑ. අපි බටහිර පුරවැසියන් විදියට සුදු ක්‍රිස්තියන් සංස්කෘතියට හා ඔවුන්ගේ ක්‍රමවිදියට ගරුකරනවා. අපි ගත් කටටම කියන්නේ අපි බෞද්ධ කියල. එයාල අපිට වැදගත් විදියට සලකනවා. (බ)
මුස්ලිම් බැංකු ක්‍රමය කියන්නේ මම දන්න විදිහට නම් මුස්ලිම් අයට වෙන්වූ බැංකු ක්‍රමයක් නොවෙයි. එය මුස්ලිම් මිනිසුන්ගේ හිත සතුටු කරන්ඩ පොලිය කියන වචනය වෙනස් කරපු බැංකුවක්. සවුදි අරාබියේදී අපේ සිංහල මිනිස්සුත් එවැනි බැංකු වලින් ණය අරගෙන කරලමණාකරණ ගාස්තු නමින් පොලිය ගෙවනවා. (ර)
චන්දිම වාගේ ජාතිබේදය අවුස්සන පණ්ඩිතයන් සිටින තුරු ලංකාවේ සිංහල මුස්ලිම් සංහිදියාවක් ඇති කල නොහැක. (ර)
බණක් භාවනාවක් කළොත් හොඳයි නේද? (නදී)
පිවිතුරු යහපාල 2015-06-23 12:10:12 මම නම් නෙමෙයි. කොන්දක් නැති යහපාලන ටොයියෙක් (නදී)
පිවිතුරු යහපාල 2015-06-23 13:58:44 මහින්ද වගේ බලවත් නායකයෙක් ඉන්නකොට ඔබ වගේ යහපාලන නඩයට කඩේ යන්න කිසිම උවමනාවක් මට නැත මගේ නම කොපි කරන ඔබට මගේ විරෝධය, මින් පසු මගේ නම නියම පිවිතුරු යහපාල ලෙස බාවිතා කරන බව සැමට දැනුම් දෙමි. පුලුවන්නම් එ්කත් කොපි කරන්න (බ)
චන්දිම,නුදුරේදී ලංකාවේ ඡන්දයක් තියන්නට ලැහැස්ති වෙන වෙලාවේ ජාති බේදය ඇවිස්සෙන වදන් වලින් වැළකී සිටින ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.(බ)
සිංහල, දෙමළ, මුස්ලිම් වේවා ආගමික පදනමින් වෙළඳ කටයුතු සිදුකිරීම වහාම අත්හිටුවිය යුතුය. මෙය ශ්‍රී ලාංකික සමගියට බලවත් ප්‍රශ්නයක් විය හැක. (බ)
ගෝල්ඩන් කී, සක්විති සහ දඩුවම් වැනි පොලී කරුවන් බොදුනුවන්ගේ ඉතිරිකිරීම් විනාශ කරද්දී මේ බොදුබලය සිටියේ නිදිවැද දැයි අප අසන්නට කැමැත්තෙමු.(බ)
අනේ අන්තවාදී දෙගොල්ල එකතුවෙලා මරාගනිල්ල රටේ අනිත් මිනිස්සුන්ව බේරලා. (බ)
පිවිතුරු යහපාල 2015-06-23 14:11:08 අදහසත් මගේ නම් නෙමෙයි. මේ තීරුවක පලවෙන අදහසක් නිහඩ කරන්න මේ විදියට වෙර ගන්නවා නම් යහපාලනය දිගටම තිබුනොත් විරුද්ධ මතධාරීන්ට තව වසරක් දෙකක් යනකොට වෙනදේ ගැන හිතුවම දෙවියන්ගේම පිහිටයි බුදුන්ගේම සරණයි. (නදී)
මේ වගේ අය නිසයි අහිංසක ජනතාව කුපිත වෙන්නේ.(හේ)
කොහොම වුනත් පහුගිය ආණ්ඩු කාලේ මේ වගේ සුළු ජාතිකයන්ට මහා ජාතිය පාගන්න ලැබුනේ නැහැ ,මේ යහපාලනයක් කියලා මගුලක් අටෙව්වට පස්සේ තමා මේ හැමදේම වුනේ ,අපි ඊලග ඡන්දෙදි බලාගන්නම්.(හේ)
හිටපු ගමන් පිවිතුරු යහපාල තුමාත් කොන්දක් නැති බයියෙක් වෙනවා දකින්නට ඇත. මින්පසු එතුමාටත් අපි ඔහුගේ වචනයෙන්ම සළකමු. (බ)
අමන්දා හා ශිලරත්න මේක සිංහල රටක් එහෙම නැතුව අරාබිය නෙවෙයි ලංකාවේ ඉන්න මුස්ලිම් අය බුර්කාව ෂරිය නිතිය ඉස්ලාමික් බැංකුව කරේ තියාගෙන ගියාට කටාර් වැනි මැද පෙරදිග රටවල මුස්ලිමනුවන් ජීවත් වෙන්න හදන්නේ බටහිර ක්‍රමයට අපේ රටේ මෝඩයෝ නිකක් කළු ඇදුම් පෙරවාගෙන දුක් විදිනවා මොනවා උනත් අපේ හාමුදුරුවන්ට පින් මෙහෙම රට ජාතිය වෙනුවෙන් කතා කරනවට (බ)
කමල් කියන්නේ මගේ නමින් කමෙන්ට් කරලා තියෙන යහපාලන කෙනෙක් (බ)
මුන්නාන්සේ කියන හැම දේටම එකග නොවුනත් මේකටනම් එකග වෙන්න වෙනවා මම ඩුබායි ඉරාක් ඇෆ්ඝනිස්තාන් කියන රටවල වැඩ කරලා තියනවා එයාල බොහොමයක් දෙනා අන්තවාදී ඉස්ලාම් කරණයෙන් මිදිලා සාමාන්‍ය විදියට ඉන්නේ එ්ත් අපේ ලංකාවේ සම හරක් මුස්ලිම් කට්ටිය ලංකාව අන්තවාදෙට ගෙනියන්න බලනවා එ්ක කරන්නේ දේශපාලකයෝ තමන්ගේ බලය පවත්වාගන යන්න අහිංසක මුස්ලිම් මිනිස්සු එ්කේ බිල්ලට අහු වෙනවා මට හම්බ වුන උගත් මුස්ලිම් මිනිස්සු කොහෙත්ම ඉස්ලාම් අන්තවාදය පිළිගන්නේ නැහැ (බ)
සිංහලයාට අනාගතේදී යන්න වෙන රටක් හොයාගන්න වෙනවා. ඒක අනිවාර්යයි. (නි)
අන්වර් සහෝදරයා, මේ රටේ අන්තවාදය පිළිබද පෙන්වාදීම ජාතිවාදයක් විදියට පෙන්වා, විවිධ තර්ක ගෙනෙමින් ඒවා සාධාරණීකරණය කරමින් ඔයගොල්ලෝ ඔය අයගේ ඉල්ලක්ක වෙත යනවා. මොන පාලකයා ආවත් ඔය කට්ටිය ඉන්නේ දිනන පැත්තේ. අවුරුදු සිය ගණනක් පැරණි සමහර සිංහල ගම්වලට තවම විදුලිය නැතත් විල්පත්තු කැලේට විදුලිය ගන්න පුළුවන් වුණේ කොහොමද? අපිට තරහ ඔය අය ගැන නෙමෙයි , අපේම අය ගැනයි. (නි)
ඇත්තටම අපේ රටේ තවත් නීතියක් අවශ්‍ය නෑ... මේවා ඕනි අන්තවාදී මුස්ලිම්වරුන්ට මිසක් සහෝදර මුස්ලිම් මිනිස්සුන්ට නෙමෙයි...(ම)
ආගම වාදී බැංකු තහනම් කරන්න. මහින්ද ආණ්ඩුවෙන් මුස්ලිම් අයගේ සියලු අවශතා ඉටු කළා (ම)
අන්තවාදී මුස්ලිම් ඉන්නේ දුප්පත් මුස්ලිම් රටවල් වල ඉරාකේ, පාකිස්තානේ වගේ. ඔය බැංකු ක්‍රමය මැදපෙරදිග තිබුණට මෙහෙනම් තැම්පත්කරුවන් පොලිය බලාගෙන තමයි තැන්පත් කරන්නේ.(ම)
බෞද්ධ අපි අරාබියෙන් අාපු ඔයගොල්ලන්ට ලංකාවේ ඉන්න දුන්න එකට ඔයගොල්ලෝ සලකපු ආකාරය වැරදියි.ඒ නිසා අපි ගොඩක් දැනුවත් වෙලා ඉන්නේ ඔයගොල්ලන්ගේ වැඩ ගැන! (බ)
යන්නේ කොහේද මල්ලේ පොල්! අපේ මෙි සේනාවේ ස්වාමින් වහන්සේලාට සහ ජාත්‍යාලය ඇති සහොදර සහෝදරියනි, මෙම කාරණය ගැන මීට වඩා දුරදර්ශීව සහ උපක්‍රමශිලිව කල්පනා කළොත් හොඳයි.නැත්නම් බොර දියේ මාලු බාන උදවියට තමා වාසිය. (නි)
ශ්‍රී ලංකා පාකිස්ටන් මැච් එකේදී අපේ මුස්ලිම් කට්ටිය හුරෙයි දාන පැත්ත බැලුවම මේගොල්ලන්ට ලංකාව තවත් එක වෙළද ස්ථානයක් කියල තේරෙනවා!(ම)
කතාව නම් සහතික ඇත්ත (නි)
සුළු ජාතික රටක්- අපිට නැත හෙටක් (ම)
මුස්ලිම් ආගමික සංස්කෘතික ඇමැති කෙනෙක් ලබා දුන් නව ජනපති තුමාට මුස්ලිම් ජනයාගේ උත්තමාචාරය. (බ)
මුස්ලිම් ජනයා දවසින් දවස දියුණු වීමට ප්‍රධාන හේතුව පොලියෙන් තොර ජීවිත රටාවයි, (ස)
ජාතිවාදය අවුස්සන එක හරි ලාභදායි ව්‍යාපාරයක්නෙ.හරි බෞද්ධයො ජාතිවාදීන් නොවෙයි. (ස)
මීරිගම දුම්රිය අනතුරෙන් මිය ගිය දරුවාගේ බූමදානය කල්ලෙලිය සිදුවුණු දවස අදහස් දැක්වූ සහෝදර සිංහල කට්ටිය කොහෙද? (ස)
අදවන විටත් විල්පත්තුව ගැන විසඳුමක් නැහැ. ජනාධිපති කිව්වත් එයාල එයාලගේ වැඩේ කරනවා . සිංහලයින්ගේ අනාගතය කුමක්ද මේ රටේ ? (ස)