ජිවතුන් අතර සිටින විශ්‍රාමික කාන්තාවක මියගිය බවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දැනුම් දීම නිසා බැංකුවෙන් විශ්‍රාම වැටුප් නතර කැර ඇත.
ඩී .එම් .සීලවතී මැණිකේ (74)මහත්මිය හබරණ පදිංචි විශ්‍රාමික සාත්තු සේවිකාවකි .ඇය අසනීප තත්වයේ පසුවීම නිසා මහනුවර දරුවකුගේ නිවසේ ප්‍රතිකාර ලබමින් සිටින්නීය .ඇයගේ වැටුප හබරණ මහජන බැංකුවට ලැබෙන අතර මාස කීපයක් ඇය මුදල් ලබාගෙන ඇත්තේ කාඩ් පතකිනි එකවරම ගිණුමේ මුදල් නොමැති වීම නිසා සොයා බලද්දී හබරණ බැංකුවෙන් දැනුම් දී ඇත්තේ ඇය මියගිය බවට හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලිඛිතව දැන්වීම නිසා වැටුප හා පෙර ලබාගෙන ඇති වැටුප් නැවත අයකළ බවය .
හබරණ මහජන බැංකු කළමනාකාර අරුණ මංගල අමරතුංග මහතා කිවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දැනුම් දීම අනුව මුදල් ගෙවීම අත්හිටුවා ඇති බවයි.
හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් ඉරේෂා ලියනගමගේ මහත්මියගේ කාර්යාල සේවිකාවක පැවසුයේ කාන්තාව මියගිය බව පොලිස් නිලධාරියෙකු දැනුම් දුන් නිසා වැටුප අත්හිට වු බවයි.
මරණ සහතිකය තිබේ දැයි කියා ඇසුවිට කිවේ එවැන්නක් නැති බවය .වැඩි විස්තර විමසීමට යද්දී ඇය අවස්ථා කීපයකදීම දුරකථනය විසන්ධි කළාය.
නැවත වරක් අප ප්‍රාදේශිය ලේකම් ලියන ගමගේ මහත්මියගෙන් විමසිමේදී පැවසුයේ අසාධාරණයක් සිදුව ඇත්නම් එම අයට තමන් හමුවන ලෙස දැනුම් දෙන ලෙසයි
අසාධාරණයට පත් සීලවතී මැණිකේ මහත්මිය කිවේ තමන්ට විශාල අසාධාරණයක් සිදුව තිබියදී නිලධාරින් මඟහරින බවය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් නිලධාරියාගේ වාචික දැනුම්දීම පිළිගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වැරැද්ද කරඇති බවයි මගේ නම් හැඟීම (නි)
තමන් වෙනත් ප්‍රදේශයකට ගොස් සෑහෙන කලක් නම් ප්‍රාදේශීය ලේකම් දැනුවත්කරන එක යුතුකමක් (ලිපියක් මඟින්වත්). (නි)
" අසාධාරනයක් වී ඇත්නම් "...?? ලියනගමගේ මහත්මියගේ මේ වචන ටිකට කුසලානයක් දියයුතුය. ජීවතුන් අතර සිටින කෙනෙකු මැරුන කෙනෙක් ලෙස සැළකීමේ ඇති සාධාරණය කුමක්ද? (නි)
දැන් ඇයට ලැබෙන සාධාරණය කුමක්ද? (නි)
ජීවත්ව සිටින බව හා පදිංචිය තහවුරු වේ නම් හිඟ වැටුප් සමඟ ගෙවිය හැක. (නි)
මේ අසරණයන්ට මාධ්‍ය පිහිට විය යුතුයි (අ)
පන තිබෙන අයට විශ්‍රාම වැටුප් නතර කරන්නත් , මරුන අයගේ වීශ්‍රම වැටුප් ගෙවන එකත් නවත්තන්න පුළුවන් ගමේ තැපැල් කන්තෝරුවෙන් ගත්තා නම් ගමේ අයගන තොරතුරු දන්නේ ගමේ තැපැල් බෙදන තැපැල් කරු මහත්තය (අ)
අපේ සිංහල භාෂාවේ සොරි කියල ලියල නැහැ.. සමාවෙන්න කියන්න ටිකක් අමාරුයි .. එ්කයි ඔහොම වෙන්නේ.. වැරැද්ද බාරගන්න කෙනෙක් නැහැ (බ)
වරද-නිවැරදි නොවන තැන ගත යුතු කවර පියවරද (බ)
අගමැති, මැති ඇමතිවරුන් මැදිහත් වී , මේ ගැන නොබලන්නේ මොකද ? (අ)
ඇයි මෙතුමිය ග්‍රාම සේවා නිලධාරී මහතාගෙන් වාර්තාවක් ලබානොගන්නේ? (නි)
අම්මෝ! මට එකපාරටම බයහිතුනා ආයේ 'ප්‍රා' ඇවිල්ලදවත් කියලා (නි)