(යොහාන් භාසුර)

ඉන්ධන මිල ඇතුළු භාණ්ඩ මිල දිනෙන් දින ඉහළ යන ආකාරය ලෙස බැලීමේදී පාන් ඇතුළු බේකරි නිෂ්පාදනය මිල ස්ථිරව තබාගත නොහැකිවීම නිසා බේකරි හිමියන්ගේ නිෂ්පාදන වියදම අනුව අළෙවි කිරීමට අවස්ථාව ඇති බවත් දිනෙන් දින මිල වෙනස් කරමින් බේකරි නිෂ්පාදන අළෙවි කිරීමේ අවස්ථාව ඇති බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ‘ලංකාදීප’යට පැවසීය.

එළවළු සහ පළතුරු ඇතුළු බොහෝ ආහාර ද්‍රව්‍ය අළෙවිකරන ආකාරයට බේකරි හිමියන්ටත් මිල වෙනස් කළ හැකි බව ද ජයවර්ධන මහතා වැඩි දුරටත් කීය.