IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බුකියෙන් කථාවක්

ෆේස්බුක් සමාජ ජාල අඩවියේ වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ රසවත් කථාය. ඒවා ඕපා දූප පමණක් නොව ඇතැම් ඒවා ඇත්තම කථාය. අහන දකින අයට රසවත්ය. මේ ඒ අතරින් එකකි. ෆේස්බුක් වෙබ් අඩවියේ රසවත් තොරතුරු බෙදා ගන්නා පිටුවකින් මෙය උපුටා ගැනුණි.

web



අදහස් (0)

බුකියෙන් කථාවක්

ටෙනිසන් Monday, 15 June 2015 01:54 AM

උදිත සංජීව ,පරීක්ෂකයා මෙහෙම උත්තර දුන්නලු.මම නොදන්නා දෙයක් උන්ගෙන් අහගන්න ගියේ, මම හිතන්නේ එහෙම දුන්නක් තිබිලා නැහැ. (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 16 June 2015 07:31 AM

ඔහොම තමයි අද රටේ තත්වය. කොහෙද යන්නේ මල්ලේ පොල් තමයි. (ර)

:       0       0

කමල් Monday, 15 June 2015 03:25 AM

මේක අහපු ලොකු ලොක්කෙක් මෙහෙම කියන්න ඇති. "ඕක හදන්න 2500ක් යයි. 25,000ක බිලක් දාලා ඉතුරුටික මගේ ගිණුමට දාන්න" (නි)

:       0       0

කිරිමාටින් Tuesday, 16 June 2015 07:40 AM

මාටින් වැරදි තැනක කොටලා වගේ. (ස)

:       0       0

හිමල් Tuesday, 16 June 2015 08:56 AM

මේක තියෙන්නේ ගුරු සේවයේ රස කතා පොතේ.(ම)

:       0       0

උදිත සංජීව Sunday, 14 June 2015 02:50 PM

අන්තිමට පරීක්ෂක වරයා ගෙදර ගිහින් නෝනට මේ විස්තරය කිව්වලු. නෝනා කිව්වලු " ඔය ඉස්කෝලේ ඉන්න ළමයින් ඔහොම්මමයි අනේ. සුවර් එකටම ඔක්කොම එකතුවෙලා ඔය වටිනා භාණ්ඩය කාලා දාන්න ඇති කියල (බ)

:       0       0

සෑම් Monday, 15 June 2015 11:42 AM

රාජකීය කනිෂ්ඨ විදුහලේ කරුණාරත්න ගුරු මහතා මීටත් වඩා හිනා යන කතා අපට කියලා තියනවා. එයින් එකක් නම්, පාසල් පරීක්ෂක කෙනෙක් ඉතාම පිටිසර පාසලක ළමයින්ගේ ගණිත දැනුම පරීක්ෂා කරන්න මෙහෙම ඇහුවලු. "ඔය ළමයින්ගේ පියා ටොපි දහයක් ගෙනාවා. තුනක් අනුභව කරනවා. හතරක් අස්ථානගත වෙනවා. ඉතුරු කීයද??. ළමයි බයවෙලා වගේ උත්තර දෙන්න බැරුව ඉන්දැද්දී පරීක්ෂකතුමා කිව්වලු මේ ළමයින්ගේ ගණිත දැනුම අන්තිමයි. එතකොට ගණිත ගුරුතුමා කිව්වලු "සර් ප්‍රශ්නේ අහපු හැටි වැරදියි, මම අහන්නද" කියලා . "ගණන් බැරි එවුන්ට කවුරු ඇහුවත් ඔච්චර තමා, හා අහනවා බලන්න" කියලා පරීක්ෂක කියපුවාම ගුරුතුමා මෙහෙම ඇහුවලු."තොපේ මහ එකා තොපිට කඩචෝරු දහයක් ඇන්න එනවා. තුනක් කොටා බානවා. හතරක් මකබෑ වෙනවා. ඉතුරු කීයද බොලව් ?? මුළු පන්තියම එක හඬින් තුනායි, තුනායි කිව්වලු. (නි)

:       0       0

මාටින් Tuesday, 16 June 2015 04:45 AM

මුන් හිතන් ඉන්නවා ඇත්තේ අනුරාධපුරේ ඉන්නේ හරක් කියල වෙන්න ඇති. පැරිෂුට් එකෙන් ඇවිල්ල ඡන්දය ඉල්ලපු උන් එකෙකුටවත් දිනන්න අනුරාධපුර ජනතාව ඉඩ දුන්නේ නැති බව,(ම)

:       0       0

කිස් Monday, 15 June 2015 07:03 AM

හොද කතාවක් (ම)

:       0       0

හේරත් -නිකවැරටිය Tuesday, 16 June 2015 05:27 AM

.......හොදයි හිනාවෙන්න....... (ම)

:       0       0

ගැමුණු Monday, 15 June 2015 07:57 AM

විදුහල්පති වරයා කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය වෙත ප්‍රති උත්තර මෙසේ දැන්විය.'කැඩුණු දුන්නේ කැබලි දෙක දැනට අස්ථාන ගත වී ඇත.එය කාර්යාල කාර්ය සහයකගේ භාරයේ තිබුණු අතර ඔහුගේ වැඩ තව කාලිකව තහනම් කිරීමට මෙයින් නිර්දේශ කරමි'. (ම)

:       0       0

කවින්ද Monday, 15 June 2015 12:28 AM

මේ වගේ දේවල් දිගටම පළකරන්න (නි)

:       0       0

සමන්ති Tuesday, 16 June 2015 01:53 PM

මුල් ගුරුතුමා පන්තියේ සාහිත්‍ය පාඩම උගන්වද්දී සිරිපාල වටපිට බලනවා දැක පන්තියේ ළමයින්ට අතේ ඇති කෝදුව පෙන්වා කෝදුව ගැන කවිපදය බැගින් කවියක් කියන්නට කිව්වේය. පළමු ළමයා "දිග මනින කෝදුව" -දෙවන ළමයා "අඟල් දොළහයි කෝදුව" - තෙවන ළමයා - "ගුරුතුමාගේ කෝදුව" ඊළඟ වාරය සිරිපාලට, ඔහුට ඇසුනේ තෙවන පදය පමණයි. වටපිට බලද්දී මුල්ගුරුතුමාගේ දුව අව්වේ රෙදි වනනවා දැක මෙසේ කීය."වනයි රෙදි ටික උදේ හේදුව" (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 23 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site