පානදුරයේ පෞද්ගලික බැංකුවකින් වසර ගණනාවක සිට රුපියල් තුන් කෝටි අසු ලක්ෂයක් වංචා කළැයි එහි කළමණාකාරිය ද තවත් සේවිකාවක්ද අප්‍රේල් 09 වැනි දින දක්වා රිමාන්ඩ් කර ලෙස පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවිර වැලිවත්ත මහතා නියෝග කළේය.
සර්වෝදය බැංකුවේ කළමණාකාරිය සුජීවනී සඳමාලි හා ඇගෙ ඒ මුදල් ලබාගත් බවට සකකරන වන රණසිංහආරච්චිගේ උදේශිකා ඔවුහුය.
ව්‍යාජ දත්ත පරිගණක වලට ඇතුළත් කර වංචනිකව මුදල් ලබාගෙන ඇති බවට චෝදනා නගා පානදුර පොලිසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නඩු පවරා ඇත.
බැංකුවේ මුදල් තැන්පත්කරුවන්ගේ මුදල් ගැණිමට පැමිණි විට මුදල් නැති බව පවසමින් මුදල් දි නැත. එවිට මහජන කැලඹිලි මතුවු පසුව මෙම සිද්ධියට පොලිසිය මැදිහත්ව ඇති බව නිතිඥවරු අධිකරණයට වාර්තා කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොරතුරු දැනගැනීමේ අයිතිය පාරිභෝකයාට තිබිය යුතුයි. කරුණාකරලා මොකක්ද බැංකුව කියලා කියන්න. (ස)
බැලුවම බැංකුවල යන්ත්‍රයන්ටත් හොර කරන අය ඉන්නවනේ.. ඇමරිකාවෙත් නෑ මේ වගේ.... එහෙ හිටියනං බැංකු-හොර-මාෂල් වගේ ලොකු නිලයක් අම්බුවෙනවා අනිවාර්යෙන්ම..(ම)
කරුණාකර මේ බැංකුවේ නම පල කරන්න. ඒක මහජනයාගේ සුභ සිද්ධිය සඳහා කරන සමාජ සේවයක් . නැති නම් මිනිස්සු දිගින් දිගට ඒ බැංකුවේ තමන්ගේ දුක් මහන්සි වෙලා උපයන මුදල තැන්පත් කරාවි. (ස)
වංචාවෙන් නම් අඩුවක් නැති රටක් අපේ රට. (ම)
මොකද්ද මේ බැංකුව ? මහජනයාට මේ වගේ දේවල් දැන ගැනීම වැදගත්. (ස)
මේ බැංකුව මහ බැංකුවේ අනුමත මුදල් ආයතනයක් ද? (ත)